මාර්ග විස්තරය

කොළඹ සිට බසයෙන්

කොළඹ-නුවර පාරේ කඩවත පසු වූ විට ඉඳිගහමුල හංදියෙන් බහින්න. එතැනින් පාර මාරු වී වෑබඩ පාර දිගේ හාමුගේහේන හංදියට (4km ක් පමණ) පැමිණ හංදියෙන් වමට හැරී එන්න.

කොළඹ සිට පෞද්ගලික වාහනයකින්

කොළඹ-නුවර පාරේ කඩවත පසු වූ විට ඉඳිගහමුල හංදියෙන් දකුණට (වෑබඩ පාරට ) හැරෙන්න. වෑබඩ පාර දිගේ හාමුගේහේන හංදියට (4km ක් පමණ) පැමිණ හංදියෙන් වමට හැරී එන්න.

නුවර-කුරුණෑගල සිට බසයෙන්

කොළඹ-නුවර පාරේ බැලුම්මහර, ඉඹුල්ගොඩ පසු වී එනවිට ඉඳිගහමුල හංදියෙන් බහින්න. එතැනින් වෑබඩ පාර දිගේ ‘හාමුගේහේන හංදියට’ (4km ක් පමණ) පැමිණ හංදියෙන් වමට හැරී එන්න.

කඩුවෙල සිට බසයෙන්

කඩුවෙල-ගම්පහ බස් රථයෙන් පැමිණ උඩුපිල හංදියෙන් බහින්න. එතැනින් උඩුපිල රෝහල ඉදිරියෙන් ඇති පාරේ (වෑබඩ පාර) 2.5km ක් පමණ ඇතුලට පැමිණ හාමුගේහේන හංදියෙන් දකුණට හැරී එන්න.

ගම්පහ සිට බසයෙන්

ගම්පහ-කඩුවෙල බස් රථයෙන් පැමිණ වැලිවේරය, නාරංවල පහුවන විට උඩුපිල හංදියෙන් බහින්න. එතැනින් පාර මාරු වී වෑබඩ පාර දිගේ හාමුගේහේන හංදියට (2.5km ක් පමණ) පැමිණ හංදියෙන් වමට හැරී එන්න.

කඩුවෙල සිට පෞද්ගලික වාහනයකින්

කඩුවෙල සිට බියගම පාරට පැමිණ දකුණට ඇති නව නුවර පාරේ එන්න. දෙල්ගොඩ පහුවන විට ‘උඩුපිල රෝහල’ ඉදිරියෙන් වමට ඇති පාරට (වෑබඩ පාරට ) හැරෙන්න. වෑබඩ පාර දිගේ 2.5km ක් පමණ ඇතුලට පැමිණ හාමුගේහේන හංදියෙන් දකුණට හැරී එන්න.

කඩවත සිට බසයෙන්

කඩවත-දෙල්ගොඩ (වෑබඩ හරහා) බස් රථයෙන් පැමිණ හාමුගේහේන හංදියෙන් බහින්න. එතැනින් වම් පැත්තට ඇති පාරේ එන්න.

කඩවත සිට වෙනත් වාහනයකින්

කොළඹ-නුවර පාරේ කඩවත සිට නුවර පැත්තට එනවිට ඉඳිගහමුල හංදියෙන් දකූණට (වෑබඩ පාරට) හැරෙන්න. එතැනින් වෑබඩ පාර දිගේ හාමුගේහේන හංදියට (4km ක් පමණ) එන්න. එතැනින් වමට හැරී එන්න.

ගාල්ල, මාතර ආදී ප්‍රදේශවලින් එනවනම්

Highway එකෙන් කඩවතට එන්න. (කොළඹ-නුවර පාරේ) එතැනින් නුවර පැත්තට පැමිණ ඉඳිගහමුල හංදියෙන් දකූණට (වෑබඩ පාරට) හැරෙන්න. එතැනින් වෑබඩ පාර දිගේ හාමුගේහේන හංදියට (4km ක් පමණ) එන්න. එතැනින් වමට හැරී එන්න.

සීදූව, ජාඇල, කටුනායක ආදී ප්‍රදේශවලින් එනවනම්

මුළින්ම ගම්පහට එන්න. එතැනින් ගම්පහ-කඩුවෙල බස් රථයෙන් පැමිණ වැලිවේරය, නාරංවල පහුවන විට උඩුපිල හංදියෙන් බහින්න. එතැනින් වෑබඩ පාර දිගේ හාමුගේහේන හංදියට (2.5km ක් පමණ) පැමිණ හංදියෙන් වමට හැරී එන්න.

රාගම සිට එනවනම්

මුළින්ම කඩවතට පැමිණෙන්න. එතැනින්;

(කඩවත සිට බසයෙන් එනවනම්) කඩවත-දෙල්ගොඩ (වෑබඩ හරහා) බස් රථයෙන් පැමිණ හාමුගේහේන හංදියෙන් බහින්න. එතැනින් වම් පැත්තට ඇති පාරේ එන්න.

(කඩවත සිට වෙනත් වාහනයකින් එනවනම්) කොළඹ-නුවර පාරේ කඩවත සිට නුවර පැත්තට එනවිට ඉඳිගහමුල හංදියෙන් දකූණට (වෑබඩ පාරට) හැරෙන්න. එතැනින් වෑබඩ පාර දිගේ හාමුගේහේන හංදියට (4km ක් පමණ) එන්න. එතැනින් වමට හැරී එන්න.

මොරටුව, කොහුවල, නුගේගොඩ ප්‍රදේශවලින් එනවනම්

පානදුර-මහනුවර (අංක 17) බස් රථයෙන් උඩුපිල හංදියට පැමිණෙන්න. එතැනින් වෑබඩ පාර දිගේ හාමුගේහේන හංදියට (2.5km ක් පමණ) පැමිණ හංදියෙන් වමට හැරී එන්න.

අනුරාධපුර, පොළොන්නරුවා ආදී ප්‍රදේශවලින් එනවනම්

ඒ ඒ ප්‍රදේශවලින් පැමිණෙන බස් රථයෙන් පැමිණ ඉඳිගහමුල හඳියෙන් බහින්න. ඉඳිගහමුල හංදියෙන් දකූණට (වෑබඩ පාරට) හැරෙන්න. එතැනින් වෑබඩ පාර දිගේ හාමුගේහේන හංදියට (4km ක් පමණ) එන්න. එතැනින් වමට හැරී එන්න.

කුලියාපිටිය ආදී ප්‍රදේශවලින් එනවනම්

ජාඇල, මිනුවන්ගොඩ හරහා ගම්පහට පැමිණෙන්න. එතැනින් ගම්පහ-කඩුවෙල බස් රථයෙන් පැමිණ වැලිවේරය, නාරංවල පහුවන විට උඩුපිල හංදියෙන් බහින්න. එතැනින් වෑබඩ පාර දිගේ හාමුගේහේන හංදියට (2.5km ක් පමණ) පැමිණ හංදියෙන් වමට හැරී එන්න.