මහානුභාව සම්පන්න

සත්‍යක්‍රියාව

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග ද්වේශ මෝහ නසා, සියලූ ආශ්‍රවයන් නසා උතුම් අර්හත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව, තමන් වහන්සේ තුළින් ම උපදවා ගත් ඤාණයෙන් චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතුපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය, තථාගත දසබල ඤාණ, සිව් විශාරද ඤාණ, යමක මහා ප්‍රාතිහාර්යය ඤාණ, මහා කරුණා සමාපත්ති ඤාණ ආදී උතුම් අසිරිමත් නුවණින් යුතුව, මනා හැසිරීමෙන් යුතුව, විජ්ජා චරණ සම්පන්න වූ බව ඒකාන්ත සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ඣංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මනාව දියුණු කොට අමා නිවනට පැමිණි හෙයින් සුගත වූ බව ඒකාන්ත සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝක, සියලු දිව්‍ය ලෝක, මේ මිනිස් ලෝකය, සතර අපාය ආදී ලෝකයන් ද ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක ආදී සකල ලෝකයන් අතැඹුලක් සේ අවබෝධ කොට ඒ සියලු ලෝකයෙන් නිදහස් වී ගිය හෙයින් ලෝකවිදූ වූ බව ඒකාන්ත සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය වීමෙහිලා දුෂ්කර වූ නමුත් ධර්මාවබෝධයට පින් ඇති දෙව් මිනිස් සත්වයන් ඉර්ධි ප්‍රාතිහාර්ය බලයෙන් ද, ආදේශනා ප්‍රාතිහාර්ය බලයෙන් ද, අනුශාසනී ප්‍රාතිහාර්ය බලයෙන් ද දමනය කොට දහමෙහි කීකරු කරවා අමා සුවයට පමුණුවාලූ හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථි වූ බව ඒකාන්ත සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ගේ ද, නුවණැති මිනිසුන්ගේ ද එකම ශාස්තෘන් වහන්සේ වන හෙයින් සත්ථා දේවමනුස්සානං වූ බව ඒකාන්ත සත්‍යයි! සත්‍යයි!  සත්‍යයි!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට ද එලෙසින් ම අවබෝධ කරවූ හෙයින් බුද්ධ වූ බව ඒකාන්ත සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. හිරු සඳු එළිය පරදන ප්‍රඥාලෝකය දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. දෙතිස් මහා පුරිස් ලකුණින් බැබළී ගිය විස්මිත වූ රූප කායක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. මෙසේ සියලූ භාග්‍යගුණයෙන් පිරිපුන් හෙයින් භගවා වූ බව ඒකාන්ත සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරා මධුර මනෝහර කොට සත්වයන්ගේ දුක් ගිනි නිවීම පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණානුභාවය සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ, අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයේ ගුණ තේජානුභාවය සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හද මඬලෙන් උපන් දියණියන් වන ආර්ය වූ බුද්ධ මාතා මහා ප්‍රජාපතී මහරහත් තෙරණින් වහන්සේ, බේමා මහරහත් තෙරණින් වහන්සේ, උප්පලවණ්නා මහරහත් තෙරණින් වහන්සේ, රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ, ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ, පටාචාරා මහරහත් තෙරණින් වහන්සේ, ලක් දෙරණට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩමවා මෙරට භික්ෂුණි සඟ පරපුර ඇති කළ ආර්ය වූ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා භික්ෂුණි සංඝ රත්නයේ ගුණ තේජානුභාවය සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාරමී පූරණයට කැප වූ අති උතුම් රාහුලමාතා යශෝධරාවෝ අනන්ත ගුණ ඇති බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ පෙරුම් පුරන සසරේ තමා ගැන නොසිතා ස්වාමියා ගැන පමණක් සිතමින් අසංඛෙය්‍ය ගණන් ජීවිත ගතකල බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ පතිදමින් සත්‍යක්‍රියා කොට සක්දෙවිඳු ගෙන්වූ ජිවිත අසංඛෙය්‍ය ගණනක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ තමන්ගේ සත්‍යක්‍රියාවෙන් ස්වාමියා බේරාගත් ජීවිත අසංඛෙය්‍ය ගණනක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ යකුන්ට හසු වු ස්වාමියා වෙනුවට තමා යකුන්ට ගොදුරු වී ස්වාමියා බේරාගත් ජීවිත අසංඛෙය්‍ය ගණනක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ වරදට හසු වූ ස්වාමියා තමාගේ ආභරණ ගලවා දී බේරාගත් ජීවිත අසංඛෙය්‍ය ගණනක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ තපස් රකින තම ස්වාමියා ආහාර සපයා දී පෝෂණය කල ජීවිත අසංඛෙය්‍ය ගණනක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ තම ස්වාමියා බුදුබව පතා තමා දන් දුන් විට සාදු කිය කියා ස්වාමියාගේ බුදු බවට සෙත් පැතු ජීවිත අසංඛෙය්‍ය ගණනක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ එලෙස දානයට ගෙන යකුන් තමාව හප හපා ආහාරයට ගනිද්දී ස්වාමියාගේ පැතුම ඉටු වේවා යැයි පැතූ ජීවිත අසංඛෙය්‍ය ගණනක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ තමාව දාසි බවට දන් දී ඕ දිවි තිබෙන තුරු හැලි වළං සෝද සෝදා මෙහෙවර කරද්දී ස්වාමියාගේ පැතුම ඉටු වේවා යැයි පැතු ජීවිත අසංඛෙය්‍ය ගණනක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ තම කුසින් උපන් දරුවන් දන් දුන් ජීවිත අසංඛෙය්‍ය ගණනක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ කුමරි බඹසර රැකි ජීවිත අසංඛෙය්‍ය ගණනක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ ස්වාමියාගේ මරණයෙන් පසු වෙනත් සරණක නොගොස් බඹසර රැකි ජීවිත අසංඛෙය්‍ය ගණනක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ පතිවත රැකි ජීවිත අසංඛෙය්‍ය ගණනක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ විවරණ ගත් දා පටන් සසර පුරාවට වැරදි කාමසේවනය නොකළ බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ මහ බෝසතුන් දරුවන් දන් දෙද්දී, තමාව දන් දෙද්දී තව තවත් මහ දන් දෙද්දී ඒ සියලූ දාන සාදු කිය කියා අනුමෝදන් වූ බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ බෝසතුන් දන් දිදී බුදුබව පතද්දී යශෝධරාවන් දන් උය උයා ස්වාමියාවම පැතු බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවන් නිසා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පාරමී පූර්ණය ඉතා ඉක්මන් වූ බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ අවසන් ජීවිතයේ දී මහබෝසතුන් අභිනික්මන් කළ කල්හී සැමියාට සෙත් පත පතා ඒ දුක් තමන්ද ගත් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ සත් වසරකට පසු දුටුව අප මුනිඳුව රහල් පුතුට පෙන්වා නරසීහ ගාථා කියමින් බුදුගුණ වැයූ බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ සත් වසරක් තුරුලූව සිටි රාහුල කුමරුන් පැවිදි වූ බව දැන දුක දරා ගත් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරාවෝ කෝමල පතුල් තබ තබා යොදුන් ගණනක් පා ගමනින් ගොස් උතුම් පැවිදි දිවිය ලැබු බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරා තෙරණින් වහන්සේ ගෞතම බුදු සසුනේ සියලූ කෙලෙසුන් නසා අභිඥාවන් උපදවා භික්ෂුණින් අතර අග්‍ර වූ බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

උතුම් රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ කල්ප අසංඛෙය්‍යයක් සිහි කරන මහා අභිඤ්ඤා ඇති බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

දෙවියන් බ්‍රහ්මයන් එතුමියගේ සිරිපා සඟල වන්දනා කළ බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

එතුමියගේ සිරිපාවලට පෑගුණු දුහුවිලිවලින් එකල උවසු උවැසියන් නළලේ තිලක තැබූ බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

තුන් ලෝකයෙහි ම පිවිතුරු උතුම්ම කාන්තා රත්නය රාහුලමාතා යශෝධරාවන් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන් සුපටිපන්න බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන් උජුපටිපන්න බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන් ඤායපටිපන්න බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන් සාමීචිපටිපන්න බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන් පිළිවෙලින් ලැබූ මගඵල ඇති බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන් ආහුණෙය්‍ය ගුණ ඇති බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන් පාහුණෙය්‍ය ගුණ ඇති බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන් දක්ඛිණෙය්‍ය ගුණ ඇති බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන් අංජලිකරණීය ගුණ ඇති බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන් තුන් ලොවට ම උතුම් පින් කෙතක් බව සත්‍යයි! සත්‍යයි! සත්‍යයි!

ඒ උතුම් රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ තේජසින් ………………. (තමාගේ හෝ අන් අයෙකුගේ නම හෝ මෙතැනදී සිහි කරන්න)
මාහට පැමිණ ඇති උවදුරු දුරින්ම දුරු වේවා! නිදුක් නිරෝගී සුව සැලසේවා! සියලූ සැප සැලසේවා!
මෙසේ ලෝකයෙහි පරම ශ්‍රේෂ්ඨ වූ නරාසභ වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභාවයෙන් ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක වූ ලෝකයෙහි අනුත්තර පින්කෙත වූ උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයේ සත්‍යානුභාවයෙන් ද ස්වර්ණමාලී මහ සෑ රජුන්ගේ ආනුභාවයෙන් ද දළදා වහන්සේගේ ආනුභාවයෙන් ද සියලූ ධාතු ස්ථූපයන්ගේ ආනුභාවයෙන් ද උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආනුභාවයෙන් ද අෂ්ටඵල දෙතිස්ඵල බෝධීන් වහන්සේලාගේ ආනුභාවයෙන් ද ශ්‍රී පාද පද්මයේ ආනුභාවයෙන් ද …………………………. (තමාගේ උවදුර හෝ පැතුම මෙතැනදී සිහි කරන්න.)
මාගේ මේ සියලූ උවඳුරු දුරින්ම දුරු වේවා!
මේ සත්‍යානුභාවයෙන් හිරු දුටු ගණදුරක් සෙයින් මා හට පැමිණ ඇති මනුෂ්‍ය අමනුෂ්‍ය පෙනෙන නොපෙනෙන සියලූ උවදුරු දුරින්ම දුරු වේවා!

සාදු! සාදු! සාදු!!!

(තමා යමක් සිහි කරනු කැමති නම් ‘මේ සත්‍යානුභාවයෙන් එම යහපත සැලසේවා! යි අවසානයට කියන්න)