පේතවත්ථු

ඛුද්දක නිකාය

ඔබේ ශරීරය මුළුමනින්ම රන්වන්. දසදිසාවේම බබලනවා. ඒ වුනාට ඔබගේ මුඛය ඌරෙකුගෙ වගෙයි. ඔබ කලින් ජීවිතයේදී මොන වගේ කර්මයක්ද කළේ?
 
මං කයින් සංවර වෙලා හිටියා (කයෙන් සිල් රැක්කා). නමුත් වචනයෙන් අසංවර වෙලයි හිටියේ (වචනයෙන් සිල් රැක්කෙ නෑ). පින්වත් නාරද ස්වාමීන් වහන්ස, ඔබට පෙනෙන මේ ලස්සන පැහැපත් ශරීරය ලැබුනේ කයෙන් පින් කිරීම නිසයි.
 
පින්වත් නාරද ස්වාමීන් වහන්ස, දැන් ඔබවහන්සේම මේ ශරීරය දැක්ක නෙව. මං දැන් ඔබට කියන්නෙ මේකයි. වචනයෙන් පව් විතරක් කරන්න එපා! ඌරු කටක් තියෙන කෙනෙක් නම් වෙන්න එපා!….
ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
 
අනේ ස්වාමීනී, මං මේ දුකේ වැටිල ඉන්නෙ. මං යමලෝකෙ උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරිල තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.
 
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ?….
දවල් කාලය භාවනාවෙන් ගත කරන්ට ගං තෙරට වැඩල වාඩිවෙලා හිටිය භික්ෂුවක් ළඟට පෙරේතියක් ආවා. ඈ හරිම විරූපියි. දකින කොට භය හිතෙනවා. ඇගේ කොණ්ඩය ගොඩාක් දිගයි. බිම ඇතිල්ලෙනවා. කෙස්වලින් තමයි ඒ පෙරේතිය ඇඟ වහගෙන ඉන්නෙ. ඒ ශ්‍රමණයන් වහන්සේට ඈ මෙහෙම කිව්වා.
 
මං දැන් මැරිලා ගිහින් පනස්පස් අවුරුද්දක් වෙනවා. මේතාක් කල්ම මං කාපු කෑමක් ගැන බීපු බීමක් ගැන මට දැනීමක් නෑ. අනේ ස්වාමීනි, මං ගොඩාක් පිපාසයෙන් ඉන්නෙ. මට පැන් ටිකක් ඕන කරල තියෙනවා. මට පැන් දෙන සේක්වා! …
ඔබ තරුණයි. දිව්‍ය පුත්‍රයන්, දිව්‍ය අංගනාවන් පිරිවරාගෙනයි ඉන්නෙ. සිත් අලවන කාම සම්පත්වලින් සෝභමානයි. නමුත් දවල් කාලෙට ඔබ හරියට දුක් විඳිනවා. කලින් ජීවිතයේදී ඔබ මොන වගේ කර්මයක්ද කළේ?
 
මං හිටියේ රජගහ නුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ මුව වැද්දෙක් වෙලා. ලේ වැකුණු අත් ඇතිව දරුණු විදිහටයි මං හිටියේ. කිසිවෙකුට හිංසා කරන්නෙ නැති ප්‍රාණීන් ගැන බොහෝ සතුන් ගැන මට තිබුනේ නපුරු හිතක්. අති දරුණු විදිහටයි මං හැසිරුනේ. බොහෝ සතුන් කෙරෙහි හිංසාවටයි මං ඇලුනේ. කිසි දමනයක් තිබුනෙ නෑ. නමුත් මාගේ යාළුවෙක් හිටියා. හරි සුහදයි. ශ්‍රද්ධාවන්ත උපාසකයෙක්….
එම්බා රේවතී, නුඹ පාපී කෙනෙක්. දන් නොදෙන කෙනෙක්. තිට අපායෙහි දොර විවෘත වුනා. දැන් ඉතින් නැගිටපන්. දුගතියෙහි ඉපදුනාම නිරා දුකින් පෙළි පෙළී නිරි සතුන් තීව ඇදගෙන යන්නේ නම් තැනකටද එතැනට අපි තීව අරගෙන යනවා.
 
ඒ යක්ෂයෝ දෙන්නාම යම දූතයෝ. ඇස් ගෙඩි ලේ පාටයි. ඔවුන් රේවතීට එහෙම කියල වෙන වෙනම රේවතීගේ අත්වලින් අල්ලා ගත්තා. තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය පිරිස ළඟට ගියා….
නිරයේ පැහෙන්ට අරගෙන දැන් මුළුමණින්ම අවුරුදු හැට දාහක් සම්පූර්ණ වුනා. කවදානම් මේ දුක් අවසන් වේවිද? නිදුකාණනි, මේ දුකේ ඉවරයක් නෑනේ. අවසානයක් කොහොන්ද ලැබෙන්නෙ? පේන තෙක්මානෙ මේ දුකේ ඉවරයක් නෑ. මාත් ඔබත් ඔය විදිහට තමයි පව් රැස් කරගෙන තියෙන්නෙ.
 
භෝග සම්පත් තිබෙද්දි අපි දුන්නෙ නෑ. අපි ගත කළේ පිරිහුණු ජීවිතයක්. දානමානවලට ඕනෑ තරම් වස්තුව තිබෙද්දිත් තමන්ට පිහිට පිණිස පින් කරගත්තෙ නෑ….
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන ඉඳිකටු වැනි මවිල් ඇති පුරුෂ රූපයක් දැක්කා. ඉතින් ඒ ඉඳිකටු ඔහු ගේ හිස සිදුරු කර ගෙන ගිහින් කටින් එළියට එනවා. ආයෙමත් කට ඇතුළට ගිහින් පපුවෙන් එළියට එනවා. ආයෙමත් පපුව ඇතුළට ගිහින් බඩෙන් එළියට එනවා. ආයෙමත් බඩෙන් ඇතුළට ගිහින් කළවාවලින් එළියට එනවා. ආයෙමත් කළවාවලින් ඇතුළට ගිහින් කෙණ්ඩාවලින් එළියට එනවා. ආයෙමත් කෙණ්ඩාවලින් ඇතුළට ගිහින් යටි පතුලෙන් එළියට එනවා. එතකොට ඒ ඉඳිකටු වැනි මවිල් ඇති පුරුෂ රූපය වේදනාවෙන් කෑගහනවා….