"අනුන් ගැන නරක කියන කෙනෙක් වීමේ ප්‍රතිඵල"
ඉඳිකටු වැනි රෝම ඇති ප්‍රේතයා - 2
සංයුත්ත නිකාය | නිදාන වග්ගෝ | 7.1.9. දුතිය සුචිලෝම සුත්තං
මෙම සූත්‍රය ආරම්භ වන්නේ පෙර සූත්‍රයේ ආකාරයටමය.
…. (පෙ) ….
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන ඉඳිකටු වැනි මවිල් ඇති පුරුෂ රූපයක් දැක්කා. ඉතින් ඒ ඉඳිකටු ඔහු ගේ හිස සිදුරු කර ගෙන ගිහින් කටින් එළියට එනවා. ආයෙමත් කට ඇතුළට ගිහින් පපුවෙන් එළියට එනවා. ආයෙමත් පපුව ඇතුළට ගිහින් බඩෙන් එළියට එනවා. ආයෙමත් බඩෙන් ඇතුළට ගිහින් කළවාවලින් එළියට එනවා. ආයෙමත් කළවාවලින් ඇතුළට ගිහින් කෙණ්ඩාවලින් එළියට එනවා. ආයෙමත් කෙණ්ඩාවලින් ඇතුළට ගිහින් යටි පතුලෙන් එළියට එනවා. එතකොට ඒ ඉඳිකටු වැනි මවිල් ඇති පුරුෂ රූපය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල”
…. (පෙ) ….
“පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවර ම හිටපු කේළාම් කියල ආරවුල් හදපු මිනිහෙක්. ඔය පුද්ගලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ”

"දුෂ්ට විනිශ්චයකරුවෙකු වීමේ
කළගෙඩියක් වැනි අණ්ඩකෝෂය ඇති ප්‍රේතයා
සංයුත්ත නිකාය | නිදාන වග්ගෝ | 7.1.10. කුම්භණ්ඩ සුත්තං
මෙම සූත්‍රය ආරම්භ වන්නේ පෙර සූත්‍රයේ ආකාරයටමය.
…. (පෙ) ….
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන කළගෙඩියක් වැනි අණ්ඩකෝෂයක් ඇති පුරුෂ රූපයක් දැක්කා. ඉතින් ඒ කළගෙඩියක් වැනි අණ්ඩකෝෂය කරේ තියාගෙනයි ඇවිදින්නේ. වාඩි වෙනකොට ඒ අණ්ඩකෝෂය මතයි වාඩි වෙන්නේ. ඔහුව භූත ගිජුලිහිණියොත්, කාක්කොත්, උකුස්සොත් පන්න පන්න ගිහින් මස් ඉර ඉරා, කඩ කඩා කනවා. එතකොට ඒ කළගෙඩියක් වැනි අණ්ඩකෝෂය ඇති පුරුෂ රූපය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල”


"සංඝයාට නිග්‍රහ කිරීමේ ප්‍රථිඵල"
අසූචි අනුභව කරන්නා
සංයුත්ත නිකාය | නිදාන වග්ගෝ | 7.2.1. ගූථකූප සුත්තං
මෙම සූත්‍රය ආරම්භ වන්නේ පෙර සූත්‍රයේ ආකාරයටමය.
…. (පෙ) ….
රජගහ නුවර දී…
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී අසූචි වළක ඔළුවත් සමග ගිලුන පුරුෂ රූපයක් දැක්කා …. (පෙ) …. වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල”


"කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිඵල" -1
ගවර (අසූචි) වළ
සංයුත්ත නිකාය | නිදාන වග්ගෝ | 7.2.2. ගූථඛාදී සුත්තං
මෙම සූත්‍රය ආරම්භ වන්නේ පෙර සූත්‍රයේ ආකාරයටමය.
…. (පෙ) ….
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී අසූචි වළක ඔළුවත් සමග ගිලුණ පුරුෂ රූපයක් දැක්කා. ඉතින් ඔහු දෑතින් ම ගුලි කර කර ඒ අසූචි කකා ඉන්නවා …. (පෙ) …. වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල”

"කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිඵල" -2
සම නැති ප්‍රේතිය
සංයුත්ත නිකාය | නිදාන වග්ගෝ | 7.2.3. නිච්ඡවි සුත්තං
මෙම සූත්‍රය ආරම්භ වන්නේ පෙර සූත්‍රයේ ආකාරයටමය.
…. (පෙ) ….
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන හමක් නැති ස්ත්‍රී රූපයක් දැක්කා. ඉතින් භූත ගිජුලිහිණියොත්, කාක්කොත්, උකුස්සොත් ඔය හමක් නැති ස්ත්‍රී රූපය පස්සෙන් පන්න පන්නා ඉර ඉරා, කඩ කඩා කනවා. එතකොට ඒ හමක් නැති ස්ත්‍රී රූපය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල”

"මිනිසුන් රැවටීමේ ප්‍රතිඵල"
අතිශයින්ම අවලස්සන ප්‍රේතිය
සංයුත්ත නිකාය | නිදාන වග්ගෝ | 7.2.4. මංගුලිත්ථි සුත්තං
මෙම සූත්‍රය ආරම්භ වන්නේ පෙර සූත්‍රයේ ආකාරයටමය.
…. (පෙ) ….


"ඉරිසියාවෙන් ක්‍රියාකිරීමේ ප්‍රතිඵල"
ගිනි ගන්නා ප්‍රේතිය
සංයුත්ත නිකාය | නිදාන වග්ගෝ | 7.2.5. ඕකිලිනී සුත්තං
මෙම සූත්‍රය ආරම්භ වන්නේ පෙර සූත්‍රයේ ආකාරයටමය.
…. (පෙ) ….
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන ගිනි අඟුරින් වෙලී දහඩිය වැගිරෙන රත් වූ සිරුරු ඇති ස්ත්‍රී රූපයක් දැක්කා. එතකොට ඒ ගිනි අඟුරින් වෙලී දහඩිය වැගිරෙන රත් වූ සිරුරු ඇති ස්ත්‍රී රූපය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල”

"අලුගෝසුවෙකු වීමේ ප්‍රතිඵල"
හිස නැති ප්‍රේතයා
සංයුත්ත නිකාය | නිදාන වග්ගෝ | 7.2.6. අසීසක සුත්තං
මෙම සූත්‍රය ආරම්භ වන්නේ පෙර සූත්‍රයේ ආකාරයටමය.
…. (පෙ) ….
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන හිසක් නැති කවන්ධ රූපයක් දැක්කා. ඒ ශරීරයේ පපුවේ තමයි ඇසුත් කටත් තියෙන්නේ. ඉතින් භූත ගිජුලිහිණියොත්, කාක්කොත්, උකුස්සොත් ඔය හිසක් නැති කවන්ධ රූපය පස්සෙන් පන්න පන්නා ඉරාගෙන කනවා, කඩාගෙන කනවා. එතකොට ඒ හිසක් නැති කවන්ධ රූපය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල”

"පව්කාර භික්ෂුවක වීමේ ප්‍රතිඵල"
පව්කාර භික්ෂුව
සංයුත්ත නිකාය | නිදාන වග්ගෝ | 7.2.7. භික්ඛු සුත්තං
මෙම සූත්‍රය ආරම්භ වන්නේ පෙර සූත්‍රයේ ආකාරයටමය.
…. (පෙ) ….
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන භික්ෂුවක් දැක්කා. ඔහු පොරවා සිටින සිවුරුත් සම්පූර්ණයෙන් ම ගින්නෙන් ඇවිලිලා දිලිසෙනවා. පාත්‍රයත් ගිනි අරගෙන දිලිසෙනවා. ඉණේ බැඳපු පටියත් ගිනි අරගෙන දිලිසෙනවා. මුළු කය ම ගිනි අරගෙන දිලිසෙනවා. එතකොට ඒ භික්ෂුව වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල”

"පව්කාර භික්ෂුණියක වීමේ ප්‍රතිඵල"
පව්කාර භික්ෂුණිය
සංයුත්ත නිකාය | නිදාන වග්ගෝ | 7.2.8. භික්ඛුණී සුත්තං
මෙම සූත්‍රය ආරම්භ වන්නේ පෙර සූත්‍රයේ ආකාරයටමය.
…. (පෙ) ….
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන භික්ෂූණියක් දැක්කා. ඇය පොරවා සිටින සිවුරුත් සම්පූර්ණයෙන් ම ගින්නෙන් ඇවිලිලා දිලිසෙනවා. පාත්‍රයත් ගිනි අරගෙන දිලිසෙනවා. ඉණේ බැඳපු පටියත් ගිනි අරගෙන දිලිසෙනවා. මුළු කය ම ගිනි අරගෙන දිලිසෙනවා. එතකොට ඒ භික්ෂුණිය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල”
