වන්දනා
EVENTS
(එකඤ්ජලික මහ රහතන් වහන්සේ)
...... ඇතුළු වීථියෙහි වඩින්නා වූ (සසර කතරින් සත්ත්‍වයා එතෙර කරන බැවින්) ශ්‍රෙෂ්ඨ සාර්‍ත්‍ථවාහකයකු වූ මනුෂ්‍ය වීරයකු වූ (සත්ත්‍වයා නිවන්පුරයට පමුණුවන බැවින්) විනායක වූ නො දැමුනු අය දමනය කරන්නා වූ තාදිගුණ ඇති මහාවාදී වූ මහාප්‍රාඥ වූ ස්වර්‍ණවර්‍ණ වූ විපස්සී බුදුරජාණන් වහන්සේ දැක මම පැහැදුනෙම් සොම්නස් සිත් ඇත්තෙම් දෑත් එක් කොට එක්වරක් ඇඳිලි කෙළෙමි. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි (විපස්සි බුදුරජුන්හට) යම් ඇඳිලි බැඳීමක් (වැඳීමක්) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිම්. අඤ්ජලි කර්‍මයාගේ මේ විපාකය යි. මම ගෞතම බුදු සසුනේ පිහිට ලැබුවෙම් අරහත්වයට පත්වුනෙමි. සසර දුක නිමා කළෙමි ......




සිරි ගෞතම බෝධි වන්දනාව
සෑම සෙනසුරාදා දිනකම සවස 3.30 ට සිදු කෙරෙන විශේෂ තේවාවේ සිට ආරම්භ වේ


සිරි යසෝදරා මහරහත් තෙරණි වන්දනාව (සෑ වන්දනාව)
සෑම ඉරිදා දිනකම සවස 3.00 ට සිදු කෙරෙන විශේෂ තේවාවේ සිට ආරම්භ වේ.
ධම්ම පදය (ගාථාව 30.10)
..... ඔය ශක්‍ර දේවේන්ද්‍රයා මිනිස් ලොව මඝ මානවක කාලෙ අප්‍රමාදීව පින් කරගත් නිසාමයි දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ. බුදුවරයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ අප්‍රමාදයමයි. ප්‍රමාදය කියන්නේ සදාකාලයටම ගැරහුම් ලබන දෙයක් .....
(විසාලා මහනුවරදී සක්දෙව් රජ අරභයා වදාළ ගාථාවකි)
සිරි ගෞතම බෝධි වන්දනාව
අපගේ ශාස්තෘන් වහන්සේ උදෙසා, ජීවමාන සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සිදුකෙරෙන බුද්ධෝපස්ථානයක් හා සමාන මහත්ඵල මහානිසංස පුණ්‍යධර්මයන් රැස් කරගැනීමේ අවස්ථාව උතුම් බෝධි උපස්ථානයෙන් හා බෝධි වන්දනාවෙන් සැලසේ. සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන ‘සිරි ගෞතම බෝධි වන්දනාව’ සඳහා ගිලන්පස පූජා / කප් රුක් පූජා / සුවඳ දුම් පූජා / මල් පූජා / ආලෝක පූජා / හේවිසි පූජා වශයෙන් දායකත්වය දැරීමෙන් හෝ එම උතුම් වන්දනාව හා එක්වීමෙන් හෝ පින්වන්ත ඔබට බොහෝ පින් රැස් කර ගත හැකියි.
සිරි යසෝදරා මහරහත් තෙරණි වන්දනාව (සෑ වන්දනාව)
උතුම් යසෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ අපමණ ගුණ කඳ සිහිපත් කරමින් පූජාවන් පවත්වමින් වන්දනා කරමින් ජීවමාන තෙරණින් වහන්සේ වැඩ සිටින්නාක් බඳු අපගේ සිරි යසෝදරා මහ සෑ රජුන් උදෙසා ගිලන්පස පූජා / කප් රුක් පූජා / සුවඳ දුම් පූජා / මල් පූජා / ආලෝක පූජා / හේවිසි පූජා වශයෙන් පූජාවන් පවත්වමින්, මිහිරි හඬින් තෙරණි ගුණ සජ්ඣායනා කරමින් පින්වන්ත ඔබට බොහෝ පින් රැස් කර ගත හැකියි. සෑම ඉරිදා දිනකම පැවැත්වෙන, පින්වත් අනගාරිකා මැණියන් වහන්සේලා විසින් මෙහෙයවන උතුම් සිරි යසෝදරා මහරහත් තෙරණි වන්දනාව (සෑ වන්දනාව) හා සම්බන්ධ වී පින් රැස් කර ගන්න.
ධම්ම පදය (ගාථාව 98.09)
..... ගමක වේවා, වනාන්තරයක වේවා, නිම්නයක වේවා, කඳු ගැටයක වේවා, රහතන් වහන්සේලා යම් තැනක වැඩඉන්නවා නම්, ඒ බිම ඇත්තෙන්ම සුන්දරයි .....
(ජේතවනාරාමයේදී ඛදිරවනීය රේවත තෙරුන් අරභයා වදාළ ගාථාවකි)
අසපුවේ සෑම මසකම පැවැත්වෙන
සීල භාවනා වැඩසටහන්
(පින්වත් උපාසක උපාසිකාවන් සහ දූ පුතුන් උදෙසා)






ධම්ම පදය -21.1
(ඝෝෂිතාරාමයේදී සාමාවතී බිසව හා මාගන්දියා අරභයා වදාළ ගාථාවන්ය)