ථේරි ගාථා
රහත් තෙරණින් වහන්සේලා වදාළ ගාථාවන්
ගාථා එක සහ දෙක බැගින් වදාළ කොටස
පින්වත් නන්දා, නිතර ලෙඩ දුකින් පෙළෙන, කුණු වෙලා යන මේ පිළිකුල් ශරීරය දෙස නුවණින්ම බලන්න. සිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්න.
කෙලෙස් සටහන් නැති විදර්ශනාව වඩන්න. හිතේ තියෙන මානය මුලින්ම උදුරලා දාන්න. අවබෝධයෙන්ම මානය නැති කරලා උපශාන්තව ජීවත් වෙන්න…..
ගාථා හතර සහ පහ බැගින් වදාළ කොටස
ඉස්සර මං ජීවිතය ගත කළේ ස්වාමියත් නැතිව, දූ දරුවනුත් නැතිව. මං ගොඩාක් දුක් වින්දා. නෑමිතුරන් ද නැති මට කන්ට අඳින්ට කිසි දෙයක් තිබුණේ නෑ.
මං මැටි භාජනයකුත් අරගෙන, හැරමිටියකුත් අරගෙන ගෙයින් ගෙට හිඟා කකා ගියා. සීතලෙන්, අව්වෙන් පීඩා විඳ විඳා හත් අවුරුද්දක් ම ගෙවිලා ගියා….
ගාථා හය, හත සහ අට බැගින් වදාළ කොටස
මිනිසුන් මෝල් ගස්වලින් ධාන්‍ය වර්ග කොටනවා. තමන්ගේ අඹු දරුවනුත් පෝෂණය කර ගෙන ධනයත් හම්බ කර ගන්නවා.
යමක් කළාට පස්සෙ තැවෙන්නෙ නැත්නම්, අන්න ඒ බුද්ධානුශාසනාව තමයි කරන්ට ඕන. ඉක්මනට පා සෝදගන්න. හුදෙකලා තැනකින් වාඩි වෙන්න….
ගාථා නවය, එකොළහ, දොලහ සහ දහසය බැගින් වදාළ කොටස
මං සීතලේ ම වතුර ඇද්දා. හැම තිස්සේ ම වතුරට බැස්සා. එහෙම කළේ ස්වාමි දරුවන් ගෙ දඬුවම්වලට බයෙන්. බැණුම් අහන්ට බයෙන්. මගෙන් වරදක් වෙයි කියන බයෙන්.
ඒත් බ්‍රාහ්මණය, ඔබ කාට බය වෙලා ද හැමදා ම ඔය වතුරට බහින්නෙ? අතපය වෙව්ල වෙව්ල අධික සීතලෙන් දුක් විඳින්නෙ කාට බයෙන් ද?
පුණ්ණා, මගෙන් ඕක අහන්ට ඕන දැනගෙන ම නේද? මං මේ කරන්නෙ පව් සෝද සෝද කුසල් රැස්කරන එක නේ.
මහල්ලෙක් හරි, තරුණයෙක් හරි, එයා පව් මොනව හරි කරල තියෙනවා නම්, ඒ පව්වලින් නිදහස් වෙන්නෙ මේ විදිහට ජලස්නානය කිරීමෙනුයි……
ගාථා විස්ස බැගින් වදාළ කොටස
ඉස්සර මගේ කොණ්ඩෙ කළු පාටයි. බඹරුන් ගෙ පාට වගේ. කැරලි ගැහිල උඩට හැරිල තිබුණා. ඒ වුණාට දැන් ජරාවට පත්වෙලා ගිහින්, හණ වැහැරි වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.
ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනවා. එතකොට කොණ්ඩෙ සුවඳ කරඬුවක් වගෙයි. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින්. හා ලොම් වගේ ගඳ ගහනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.
ලස්සනට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනවා. අවුල් දිග හැරල රත්තරන් කොණ්ඩ කටු ගහල ලස්සනට සකස් කරනවා. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ…….
ගාථා තිහ, හතලිහ බැගින් වදාළ කොටස සහ මහා නිපාතය
මන්තාවතී නගරේ, කොඤ්ච රජ්ජුරුවන්ගේ අගමෙහෙසියට දුවක් හිටියා. එයා ගෙ නම සුමේධා. එයා බුද්ධ ශාසනය ගැන ගොඩක් පැහැදිලා හිටියේ.
ඇත්තෙන් ම එයා සිල්වත්. ලස්සනට කතා කරන්න දන්නවා. ඒ වගේ ම බහුශ්‍රැත යි. බුදු සසුනේ හික්මිලා ඉන්නෙ. ඉතින් එයා දෙමාපියන් ළඟට ගිහින් මෙහෙම කීවා. “ඔයාල දෙන්න ම මං කියන දේ අහන්න.”
“මං කැමති නිවනට විතර යි. දෙව් ලොව ඉපදුණත් ඒ භවය ස්ථීර නෑ. මිනිස් ලෝකෙ කාම සම්පත් ගැන කතා කරන්න දෙයක් නෑ. ඒවා තුච්ඡ යි. පුංචි ආශ්වාදයක් තියෙන්නෙ. ආදීනව ම යි වැඩි.”……
මහ රහත් තෙරණින් වහන්සේලාගේ සංසාරගත ජීවිතය පිළිබඳ විස්තර
….. ඒ භවයේදී ජීවිත කාලය පුරාම පින්කම් කරමින් සිට මිය ගිය පසු ඔවුන් නැවත දිව්‍ය ලෝකයක උපත ලැබූහ. නැවත ඒ දිව්‍ය භවයෙන් සමුගත් කල්හි ස්වාමි පුරුෂයා බරණැස් නුවරින් යොදුනක් දුර ප්‍රභූ කුලයක නන්ද නමින් ඉපදුනේ ය. බිරිඳ බරණැස් නුවර මාලිගාවේ (රජ පවුලේ ) වැඩිමහල් කුමරිය ලෙස ඉපදුනා ය.
දිනක් නන්ද ජීවත් වූ ගමේ උත්සවයක් පවත්වන බවට නිවේදනයක් නිකුත් විය. එවිට නන්ද තම මවගෙන් උත්සවයට ඇඳීම සඳහා සළුවක් ඉල්ලා සිටියේ ය. මව දුන් සළුවට හේ අකමැති විය.
“මට ගොරෝසු නැති සලුවක් දෙන්න” ඔහු කීවේ ය. මව නැවතත් දෙවෙනි සළුවක් දුන්නා ය. ඔහු එයද ප්‍රතික්ෂේප කළේ ය. ප්‍රතික්ෂේප කිරීම මේ ආකාරයෙන් කිහිප වතාවක්ම නැවත නැවතත් කළ විට මව මෙසේ පැවසුවා ය …..
– භද්දකාපිලානි මහ රහත් තෙරණින් වහන්සේගේ ජීවිත කථාව ඇසුරිනි-
අරහත් තෙරණි සීහ නාද | ථේරි අපදානය
“…… බුදුන් දැකීමෙහි ලොල් වූ මම ඒ බුද්ධානුස්මෘතිය වඩා රහත්බවට පැමිණියෙමි. ලෝකනායකයන් වහන්සේ දැකීම පිණිස මම හැම දින මැ යමි, නයන නන්‍දන වූ බුද්ධ රූපය තෘප්ති රහිත ව මැ දක්මි. සියලු පාරමී බලයෙන් හටගත් ලක්‍ෂමී නිවාස වූ සියලු ශුභ ලක්‍ෂණයෙන් ගැවැසීගත් උත්තම රූපය මම අතෘප්ත වැ බලමින් වෙසෙමි. ඒ ගුණයෙහි සතුටු වූ ජින වූ භාග්‍යවතුන් වහන්සේ ‘සිගාලක’ ගේ මාතෘ වූ මෙහෙණ අග්‍ර වූ ශ්‍රද්ධාධිමුක්ති ඇත්තී යයි මා එතදග්‍රයෙහි තැබූහ ……”
-සිඟාලමාතා මහ රහත් තෙරණින් වහන්සේ-