"පරුෂ වචන භාවිතා කිරීම පවා දුක් විඳීමට ප්‍රමාණවත්ය"
ඌරු කටක් ඇති ප්‍රේතයා
ඛුද්දක නිකාය | පේතවත්ථු | 1.2. සූකරමුඛ පේත වත්ථු
"ප්‍රේතයෙක් පරුෂ වචන භාවිතා කිරීමේ අනතුර පැහැදිලි කරයි."
ගඳ ගහන කටක් ඇති ප්‍රේතයා
ඛුද්දක නිකාය | පේතවත්ථු | 1.3. පූතිමුඛ පේත වත්ථු
"අපි අපගේ මියගිය ඥාතීන්ට උපකාර කරන්නේ කෙසේද?"
දියණියකට දුන් උපදෙස්
ඛුද්දක නිකාය | පේතවත්ථු | 1.4. පිට්ඨධීතලික ප්‍රේත වස්තුව
"අපි අපගේ මියගිය ඥාතීන්ට උපකාර කරන්නේ කෙසේද?"
බිම්බිසාර මහ රජු අරබයා.....
ඛුද්දක නිකාය | පේතවත්ථු | 1.5. තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුව
"පෙර ආත්මයක බොරු කීම සහ සිදුකළ අකුසල කර්මයන් නිසා ඇය විඳින දුක ප්‍රේතයක් විස්තර කරයි."
පස් පුතුන් අනුභව කරන්නා
ඛුද්දක නිකාය | පේතවත්ථු | 1.6. පඤ්චපුත්තඛාදක ප්‍රේත වස්තුව
"ඊර්ෂ්‍යාව සහ ද්වේෂය ඒකාන්තයෙන් දුක් විඳීමට හේතු වෙයි."
සත් පුතුන් අනුභව කරන්නා
ඛුද්දක නිකාය | පේතවත්ථු | 1.7. සත්තපුත්තඛාදක ප්‍රේත වස්තුව
ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරීම විරූපියි. ඔබේ ශරීරයෙන් හමන්නෙ කුණු ගඳ. මැස්සෝ උතුරනවා. මෙහි ඉන්න ඔබ කවුද?
අනේ ස්වාමීනී, මං මේ දුකේ වැටිල ඉන්නෙ. මං යමලෝකෙ උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරිල තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ. අනේ මං උදේ වරුවේදී දරුවන් හත් දෙනෙක් වදනවා. ආයෙමත් හවස් වරුවටත් මං තව දරුවන් හත් දෙනෙක් වදනවා. මං ඒ දරුවන් ඔක්කෝම කාල දානවා. අනේ ඒත් මගේ බඩගින්නට නම් ඒක සෑහෙන්නෙ නෑ.
මගේ පපුව බඩගින්නෙ පිච්චෙනවා. දුම් දානවා. ගින්නකට පිච්චි පිචිචි ඉන්න එක්කෙනෙක් වගේ මං ඉන්නෙ. කිසිම නිවීමක් නෑ.
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද දරුවන්ගෙ මස් කන්නෙ?
මට පුතාල දෙන්නෙක් හිටියා. ඒ දෙන්නාම හොඳ උස මහත තරුණයන්. ඉතින් මං පුතාලගෙ හයිය අරගෙන ස්වාමියාව යට කරගෙන හිතට අරන් හිටියේ. එතකොට මගේ සැමියා මට කිපුනා. වෙන බිරිඳක් කැන්දන් ආවා. උන්දැටත් ළමයෙක් ලැබෙන්න හිටිය. උන්දැට පාපී දෙයක් කළ යුතුයි කියල මට හිතුනා. මං ඒ දූෂිත වූ සිතින් අර දරු ගැබ විනාශ වෙන්න කටයුතු කළා. එතකොට බඩට මාස තුනයි. කුණු ලේ වෙලා ගැබ වැටුනා. එතකොට උන්දැගෙ අම්ම මාත් එක්ක කේන්ති ගත්තා. නෑදෑයන්ව රැස් කෙරෙව්වා. ඈ මා ලවා දිව්රෙව්වා. මට බැණල දොඩල බය කෙරෙව්වා.
එතකොට මං දරුණු විදිහට දිව්රලා අමු බොරුවක් කිව්වා. ‘යම් හෙයකින් ඔය ගබ්සාව කළේ මා නම් මං දරුවන් වදල කන එකියක්මයි වෙන්න ඕන’ කියලා. ඔය කර්මයත්, බොරුවත් කියන දෙකේ විපාක තමයි මේ. ලේ වැක්කෙරෙන ශරීරයක් ඇතිව මං දැන් දරුමස් කකා ඉන්නවා.
"දන් දෙන අයට අපහාස කළාම මොකද වෙන්නේ?"
රෙදි වියන්නා
ඛුද්දක නිකාය | පේතවත්ථු | 1.9. මහා පේසකාර ප්‍රේත වස්තුව
"දන් දීමේ හා පිං අනුමෝදන් කිරීමේ වටිනාකම ප්‍රේතයෙක් පැහැදිලි කරයි."
හිසකෙස් වලින් සැරසී සිටින්නී
ඛුද්දක නිකාය | පේතවත්ථු | 1.10. ඛල්ලාටිය පේත වත්ථු
ඔය විමානෙ ඇතුලේ ඉන්න ස්ත්‍රිය කවුද? ඔය විමානෙන් එළියට එන්නෙ නැත්තෙ මොකද? පින්වතිය, ඔය විමානයෙන් ඔබතුමිය එළියට පැමිණුන මැනව. අපි මහා ඉර්ධි ඇති ඔබතුමියව දැකගන්ට කැමතියි.
මං දුකෙන් ඉන්නෙ. මට ලැජ්ජයි. මගේ ඇඟේ නූල් පොටක් නෑ. මට එළියට එන්න විදිහක් නෑ. මුළු ශරීරයම වැහිල තියෙන්නෙ කෙස්වලින්. මං පුංචි පිනක් කරගත්තු කෙනෙක්.
හොඳයි. එහෙම නම් මං දැන් ඔබට මගේ මේ උතුරු සළුව පූජා කරනවා. පින්වතිය, මේ වස්ත්‍රය පොරෝ ගන්න. සොඳුර, ඊට පස්සෙ විමානයෙන් එළියට එන්න. ඔය විමානයෙන් ඔබතුමිය එළියට පැමිණුන මැනව. අපි මහා ඉර්ධි ඇති ඔබතුමියව දැකගන්ට කැමතියි.
අතින් අතකට දෙන දෙයක් ලබාගන්ට මට කැප නෑ. ඔය පිරිස අතරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක් ඉන්නවා. එතුමාට මේ වස්ත්‍රය පොරවන්න. ඊට පස්සෙ ඒ පින මට දෙන්න. එතකොට මං හැම අතින්ම සැපවත් වෙලා සුවසේ සිටීවි.
ඒ වෙළඳ පිරිස අර උපාසකතුමාව හොඳට නැහැව්වා. සුවඳ ගැල්වූවා. වස්ත්‍ර දෙකෙන් හොඳට ඇන්දෙව්වා. ඒ පෙරේතියට පින් අනුමෝදන් කළා.ඒ ක්ෂණයෙන්ම ඇයට පින් දෙන කොට පුණ්‍ය විපාකය ඉපදුනා. භෝජන ඇඳුම් පැළඳුම් පැන් ආදිය පහළ වුනා. මේක තමයි දානයෙහි ඵලය.එතකොට ඇගේ සිරුර පිරිසිදු වුනා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවලටත් වඩා උතුම්. ඕ සිනහ වෙවී විමානයෙන් එළියට නික්මුනා. මේක තමයි දානයෙහි ඵලය.
ඔබේ දිව්‍ය විමානය ඉතා විචිත්‍රයි. සිත්කළුයි. බබලනවා. පින්වත් දෙව්දුව, අපි අහන මේ කාරණයට පිළිතුරක් දෙන්න. මොන වගේ පුණ්‍ය කර්මයකින්ද මේ විපාකෙ ලැබුනේ.
ස්වාමීන් වහන්සේ නමක් පිඬු පිණිස වැඩියා. සෘජු සිත් ඇති උන්වහන්සේ ගැන මං ගොඩාක් පැහැදුනා. මං උන්වහන්සේට තෙල්කැවුමක් පූජා කළා. ඒ පින්කමේ විපාක වශයෙන් මං මේ විමානයෙහි ඉඳගෙන බොහෝ කාලයක් තිස්සේ සැප වින්ඳා.
දැන් ඒ පින ගෙවිල ගිහින්. තව ස්වල්පයයි තියෙන්නෙ. තව හාරමාසයකින් පස්සෙ මං මෙහෙන් චුත වෙනවා. එතකොට භයානක වූ කටුක ඝෝර අවිචි මහා නිරයේ තමයි මාව වැටෙන්නෙ. ඒ නිරයේ කොන් හතරක් තියෙනවා. දොරවලුත් හතරක් තියෙනවා. ඒව කොටස් වශයෙන් ගානට බෙදලයි තියෙන්නෙ. වටේටම තියෙන්නෙ යකඩ පවුරක්. වහල තියෙන්නෙත් යකඩ පියනකින්. ඒ අවීචි මහානරකාදියේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනිදැල් පැතිරිලා තියෙනවා. මං එහේ ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්ට වෙනවා. කරපු පව්වල විපාක තමයි. ඒ නිසා මං ගොඩාක් සෝකයෙන් ඉන්නෙ.
"අපට අවස්ථාවක් ලැබුනූ වහා දන් දීම වැදගත් වන්නේ ඇයි?"
අලියෙක් පිළිබඳ .....
ඛුද්දක නිකාය | පේතවත්ථු | 1.11. නාග පේත වත්ථු
එක දිව්‍ය පුත්‍රයෙක් සුදු ඇත් වාහනයකින් ඉස්සර වෙලා යනවා. තව දිව්‍ය පුත්‍රයෙක් වෙළඹුන් යෙදූ රථයකින් මැදට වෙලා යනවා. පසු පස්සෙන් දිව්‍ය කන්‍යාවක් මණ්ඩපයකින් යනවා. එතකොට දස දිසාවම බබලනවා.ඒ වුණාට ඔබලා නම් අත්වලින් දඬුමුගුරු අරගෙන, හඬ හඬා හොඳටම කැඩුණු බිඳුණු අතපය ඇතිව යනවා. ඊළඟට එකිනෙකාගෙ ලේ බිබී ඉන්නවා. මිනිස් ලෝකෙ ඉන්න කාලෙ ඔබලා කරපු පාපය මොකක්ද?
පාද හතරකින් යුතු සුදු හස්තිරාජයෙක් ඉන්න වාහනයෙන් යන එක්කෙනෙක් ඉන්නවා. එයා අපේ ලොකු පුතා. දන් දුන්නා නෙව. දැන් ඉතින් සැප විඳිමින් සතුටු වෙනවා.
අර වෙළඹුන් හතර දෙනෙක් බැඳපු අශ්වරථයෙහි මැදට වෙලා ගමන් කරන කෙනෙක් ඉන්නවනේ. එයා අපේ පොඩි පුතා. මසුරු කෙනෙක් නෙවෙයිනෙ. දානපතියෙක් වෙලයි එයා බබලන්නෙ.
අර රන්සිවි ගෙයකින් ගෙන යන දෙවඟනක් ඉන්නවනේ. ඇය හරි නුණැත්ති. මුවැත්තියක වගේ අඩවන් නෙත් තියෙනවා. ඈ අපේ බාල දෝණි. තමාට ලැබිච්ච කොටසින් භාගයක්ම දන් දුන්නා. දැන් ඉතින් සැප සේ සතුටු වෙනවා.
ඔය දරුවො ටික ඉස්සර දන් දුන්නා. සිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටයි දන් දුන්නෙ. ඒකට අපි, මසුරුකමින් හිටියා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා. දරුවො ටික දිව්‍ය සැපෙන් සතුටු වෙනවා. ඒකට අපි. කපල අව්වෙ දාපු බට ගස් වගේ වේලි වේලි ඉන්නවා.
ඔබලාගේ කෑම බීම් මොනවාද? මොනවායේද නිදාගන්නෙ? මහා පවිටුන් වන ඔබලා ජීවත් වෙන්නෙ කොහොමද?
හොඳට දේපල වස්තුව තියෙන කාලෙ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක් විඳිනවා. අපි කරන්නෙ එකිනෙකාට වදහිංසා කරගෙන ගලන ලේ සැරව බොන එකයි. අපිට කොච්චර බිව්වත් ඇතිවෙන්නෙ නෑ. අපට එකිනෙකා රුස්සන්නෙ නෑ.
දන් පැන් නොදෙන මිනිස්සු මරණින් මත්තෙ පෙරේත ලෝකෙට යනවා. ගිහින් වැළපි වැළපි ඉන්නවා. සමහර මිනිස්සු භෝග සම්පත් ලබාදෙන විට තමන් අනුභව කරන්නෙත් නෑ. පින් කරගන්නෙත් නෑ.
ඒ පෙරේතයන් අධික බඩගින්නකින්, පිපාසයකින් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකෙන් තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇති වෙන පාපකර්ම කරලයි කටුක ඵල ඇති දුක් අනුභව කරන්නෙ.
ධනධාන්‍ය කියන දේවල් මොහොතකින් ඉවරයි. මේ ජීවිතය වුනත් මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවර වෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන්ව දුකට යට නොවන දුපතක් කර ගන්නවා.
ධර්මය තේරුම් ගන්ට දක්ෂ මිනිස්සු ඉන්නවා. එයාල ඔය කාරණය ඔය විදිහටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වෙන්නෙ නෑ.