මහා ප්‍රජාපතී ගෝතමී

මහ රහත් තෙරණින් වහන්සේ

ප්‍රධාන කළ- දාසියක ලෙස ඇගේ පෙර ජීවිතය

සහ

සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට තම නගරයට ආරාධනා කිරීමට ඇමතිවරුන් පිටත්කරවයි

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ මහා ප්‍රජාපතී ගෝතමිය හංසවතී නගරයේ ධනවත් පවුලක උපත ලැබුවා ය. එක් අවස්ථාවක ඇය බුදුරදුන්ගේ අනුශාසනාවකට සවන් දෙමින් සිටින විට බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි වී බොහෝ කල් ගත කළ (චිරරාත්‍රඥ) භික්ෂූණීන් අතුරින් අග්‍ර භාවයට පත් එක්තරා භික්ෂුණියක් අග්‍රස්ථානයෙහි නම් කරනු දුටුවා ය. ඇය ද අනාගත ජීවිතයක දී එම තනතුර ලැබීම පතමින් බොහෝ දාන මානාදිය පූජාකර තම අභිප්‍රාය බුදුරජාණන් වහන්සේ හමුවේ කියා සිටියා ය. ඇයගේ අපේක්ෂාව ඉටුවන බවට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාවැකි පළ කළ සේක……

බුදුරජාණන් වහන්සේගේ කපිලවස්තුවට වැඩම කිරීම

සහ

සාරිපුත්ත මහරහතන් වහන්සේ, බුද්ධවංශය දේශනා කරන මෙන් බුදුරජාණන් වහන්සේ ට ආරාධනා කරයි

බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙන් කපිලවත්ථුවට වැඩම කළේ අංග මගධ දෙරට කුලවත් පවුල්වලින් පැමිණි දස දහසක් රහතන් වහන්සේලාගෙන් ද කපිලවත්ථුවේ කුලවත් පවුල්වලින් පැමිණි දස දහසකින් යුත් රහතන් වහන්සේලාගෙන් ද සැදුම්ලත් විසි දහසක් රහතන් වහන්සේලා විසින් පිරිවරන ලදුව ය. රජගහනුවර සිට කපිලවස්තුවට ඇති යොදුන් හැටක දීර්ඝ මාර්ගයේ දිනකට යොදුනක් බැගින් වඩිමින් මාස දෙකක් ඇතුළත ගෙවා දමමින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ විසිදහසක මහා සඟ පිරිස මැදින් පුන්පොහෝ දිනක දී කපිලවස්තු නගරයට වැඩි සේක. එතරම් වේගවත් නොවන එවැනි චාරිකා ‘අතුරිත චාරිකා’ ලෙස හැඳින්වේ……

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අසමසම ගුණයන්ගෙන් මාත්‍රයක් වදාල සේක

සහ

සාරිපුත්ත මහරහතන් වහන්සේ බුද්ධවංශ දේශනාව පිණිස බුදුරදුන්ට ඇරයුම් කරයි

සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් රහතන් වහන්සේලා තුළ හටගත් දැඩි උද්‍යෝගය සහ ශ්‍රද්ධාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් හෙයින්, ‘චත්තාරෝ තෙ අසංඛෙය්‍යා, කෝටිභේසං නඤායති…‘ යන ගාථා පාඨයෙන් ආරම්භ වී තමන් වහන්සේගේ අසමසම ගුණයන්ගෙන් මාත්‍රයක් වදාල සේක

“පින්වත් සාරිපුත්ත, එහි මේ ලෝකය තුල අසංඛෙය්‍ය වූ, අප්පමෙ‍ය්‍ය වූ, එනම් සංඛ්‍යාවකින් කිව නොහැකි, අප්‍රමාණ වූ, ගණන් කොට අවසන් කළ නොහැකි කාරණා සතරක් ඇත, එනම්, ……..

රාජකීය ඥාතීන් මත පොකුරු වැසි ඇද හැලෙයි

සහ

සුද්ධෝදන රජු පිරිණිවන් වඩිති

සහ

ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුරජුන්ට චීවරයක් පූජා කරයි

බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරවරය ආසන්නයේ අහසේ, රුවන් සක්මන මත සක්මන් කරමින් බුද්ධවංශය පිළිබඳ දේශනය පවත්වමින් තම රාජකීය ඥාතීන්ගේ මාන්නය සහ උඩඟුකම දමනය කර, ශ්‍රද්ධාවේ පිහිටුවා, පනවා තිබූ බුද්ධාසනය මත වැඩ සිටි සේක.

ශාක්‍යයෝ සියලු දෙනා ඒ වන විටත් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වී සන්සුන් ව වාඩි වී සිටියහ. එවිට තඹ පාට දිව්‍යමය ‘පොකුරු වැස්ස’ ඇද හැලෙන්න පටන් ගත්තේ ය……

මහා ප්‍රජාපතී ගෝතමිය ගිහිගෙය අතහරියි

සහ

සම්බුදු සසුනේ භික්ෂුණී පැවිද්ද මුල් බැසගනී.... අෂ්ඨ ගරු ධර්මයෝ පහළ වෙති......

සහ

පරිනිර්වාණය - 1

සුද්ධෝදන රජුගේ අභාවයෙන් පසු මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදිවෙන්න සිතුවා ය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ තවමත් භික්ෂුණී පැවිද්ද ආරම්භ වී නොමැත…..!

වරක්, රෝහිණී නම් ගංගාවේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් ශාක්‍ය සහ කෝලියන් අතර කෝලාහලයක් හට ගත්තේ ය. මුලින් සුළු වචන හුවමාරුවක් පමණක් වූ මේ කෝලාහලය පසුව දුරදිග යෑමෙන් දෙනුවර අතර මහා යුද්ධයක් ඇතිකිරීමට තරම් මොරා වැඩුනේ ය. දෙනුවර වැසියෝ, රාජ වංශිකයන් පෙරටුකොට යුද්ධයට සැරසී ගත්හ. තියුණු අවි ආයුධ වලින් සන්නද්ධව පෙරට ගියෝ ය……

පරිනිර්වාණය - 2 (අවසාන කොටස)

…… පුරාණයේ තීර්ථක ආචාර්‍යවරුන්ටවත් දැකගන්ට නොහැකි වූ, සාක්ෂාත් කරගන්ට නොහැකි වූ, ඒ අමා නිවනක් ඇද්ද, පින්වත් දරුවාණෙනි, සත්හැවිරිදි වියේ වූ සියුමැලි සිඟිති දියණිවරුන් මේ බුදු සසුනෙහි අමා නිවන් පිහිට සාක්ෂාත් කළා නොවැ. උතුම් බුද්ධ ශාසනය පාළනය කරන පින්වත් පුත්‍රයාණෙනි, මං අද මේ ඔබව දකින්නේ අවසන් වතාවටයි. යම් තැනකට ගිය විට දෙවියන් බඹුන් මරුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ ලෝකයෙහි කිසිවෙකුට හෝ ගිය තැනැත්තාව හෝ තැනැත්තියව දකින්ට නොලැබේ ද, ආන්න එතැනටයි පුතණුවනි, අද මං මේ යන්නේ.

ලොවෙහි උත්තම නායකයාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටිද්දී එක්තරා අවස්ථාවක කිවිසුමක් පිට කළා. ඒ අවස්ථාවෙහිදී මං මහත් අනුකම්පාවෙන් යුතුව මෙවන් ආශිර්වාද වචනයක් කීවා,……

……. අපගේ මහා ප්‍රජාපතී ගෞතමී තෙරණිය ගේ පිරිනිවන් පෑම අතිශයින් ම පුදුම සහගත ආශ්චර්යජනක දෙයක් විය. එබඳු වූ ආශ්චර්ය බවක් සම්බුද්ධ පරිනිර්වාණයේදීවත් සිදුවූයේ නෑ……..