සකුලා මහ රහත් තෙරණින් වහන්සේ

ඇයගේ අතීත ප්‍රාර්ථනය

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඇය උපත ලැබුවේ හංසවතියේ ආනන්ද රජුගේ වංශයේය. ඇය පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අර්ධ සහෝදරිය (වෙනත් මවකගේ දියණියක්) වූ අතර නන්ද කුමරිය ලෙස නම් කරන ලදී.

යොවුන් වියේ සිටි ඇය බුද්ධ දේශනාවන් ශ්‍රවණය කිරීමට නිතර සහභාගී වූවා ය. දිනක් ඇය පදුමුත්තර බුදුරජාණන් වහන්සේ විසින් ‘දිවැස් ලාභී භික්ෂුණීන් අතුරින් අග්‍ර භික්ෂුණිය’ ලෙස එක්තරා භික්ෂුණියක් නම් කරනු දිටී ය. එම භික්ෂුණිය හා සමාන ධූරයක් අනාගතයේ දී ලැබීමට ඇයට ද ආශාවක් උපන. ඒ අනුව ඇය ආශ්චර්‍යමත් පූජාවකින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමාගේ ප්‍රාර්ථනා කියා සිටියා ය.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ,  ගෞතම බුදුරදුන් වැඩ සිටින කාලයේදී ඇයගේ ප්‍රාර්ථනාව ඉටුවන බවට අනාවැකි පළ කළා. (මෙම කතාවේ විස්තර සඳහා, සකුලා ථේරී අපදානය කියවන්න.)

තාපසියක් ලෙස ඇයගේ ජීවිතය

නන්දා කුමරිය සිය ජීවිත කාලය පුරාවටම බොහෝ උතුම් පින්කම්වල නිරත වූ අතර, එම භවයෙන් සමුගැනීමෙන් පසු ඇය නැවත දෙව්ලොව උපත ලැබුවාය. ඉන්පසුව ඇය නැවත ඉපදුනේ මනුෂ්‍ය හෝ දෙව්ලොව වල පමණි.

කස්සප බුදුරදුන් සමයෙහි ඇය බ්‍රාහ්මණ පවුලක නැවත ඉපදුණාය. ඇය බඹසර ජීවිතයක් ගෙවමින් හුදෙකලා වූ අතර හුදෙකලා තාපස ජීවිතයක් ගත කළාය.

කස්සප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කර මහා ස්තූපයක් කරවන ලදී. දිනක් පිණ්ඩපාතය පිණිස ගිය තාපසියට තෙල් ඩිංගිත්තක් ලැබුනි. ඒ තෙල් ප්‍රමාණයෙන් ඇය කාශ්‍යප බුදුරජුන්ගේ ධාතු නිදන් කළ මැදුරේ රාත්‍රිය පුරාවටම පහන් පූජාවක් කළාය.

ඇගේ අවසාන ජීවිතය

තාපසිය ඒ ජීවිතයෙන් කළුරිය කළ පසු තවතිසා දෙව්ලොව නැවත ඉපදුනේ ය. ඒ, අතිශයින්ම මනහරව බබලන ප්‍රභාශ්වර දිව්‍ය මාළිගයක ප්‍රභාවත් ශරීරයක් හිමි දිව්‍ය පුත්‍රයකු ලෙසයි. ඒ දෙව් රජ, අපගේ ගෞතම බුදුරජුන්ගේ සහ කාශ්‍යප බුදුරජුන්ගේ බුද්ධ ශාසන දෙක අතර කාලය පුරාවටම ඒ දිව්‍ය ආත්මයේම මහත් සැප අනුභව කරමින් සිටියහ.

අපගේ ගෞතම බුදුරජුන්ගේ දවස ඒ දෙව් රජ, සැවැත් නුවර බ්‍රාහ්මණ පවුලක සකුලා නමින් නැවත උපත ලැබුවාය. ඇය යෞවනියකව සිටියදී, අනාථපිණ්ඩික මහ සිටාණන් විසින් බුදුරජාණන් වහන්සේට ජේතවන ආරාම පූජාව කරද්දී, ඇයට ඊට සහභාගී වූවා ය. එහිදී ඇය බුද්ධ දේශනයට සවන් දී සිත පැහැදී යාමෙන් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවක් බවට පත් වූවාය.

පසුව ඇය එක්තරා රහතන් වහන්සේ නමකගෙන් ලද ධර්මාවවාදයන් සහිත සදහම් දේශනයක් අසා බොහෝ සෙයින් පැහැදී භික්ෂුණියක් ලෙස පැවිදි වූවා ය. ඕ තොමෝ නොබෝ කලකින් ම උතුම් අරහත්වයට පත් වූවාය.

සකුලා තෙරණිය අග්‍ර භික්ෂුණියක ලෙස

අරහත් ඵලයට පත් වූ පසු සකුලා තෙරණිය ඇගේ අතීත ජිවිතයක දී ප්‍රාර්ථනාවක් ලෙස ඇතිකරගත් විශේෂ කැමැත්ත නිසා ම දිවැස පිරිසිදු කර ගැනීමෙහිලා විශේෂයෙන් කැප වූවා ය.

ඒ අනුව එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ජේතවන ආරාමයේදී අග්‍රතර භික්ෂූ භික්ෂූණීන් වහන්සේලා නම් කරන විට මෙසේ ප්‍රකාශ කොට වදාළ සේක.

“පින්වත් මහණෙනි, මාගේ දිවැස් ලාභී ශ්‍රාවිකා භික්ෂුණීන් අතුරින් පින්වත් සකුලා  භික්ෂුණිය අග්‍ර වන්නේ ය.