උතුම් යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ

I චරිතාපදානය

යා අභිරූපා දස්සනීයා – භික්ඛුනීසංඝ සෝභනී
සා ආසවා පරික්ඛීණා – වීතරාගා මහිද්ධිකා
තං මහාපුඤ්ඤවතිං පරිනිබ්බුතිං
වන්දාමි රාහුලමාතා යසෝධරා’ති

ඉතා මනහර රූ ඇති – දැකුම්කළු වූ පෙනුමැති
යම් තෙරණියක් භික්ෂුණී – සඟරුවන හොබනී ද
කෙලෙසුන් නසා ඕ – වීතරාගී මහා ඉර්ධිය ඇත්තී
මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ
රාහුලමාතා යශෝධරා – සාදරයෙන් වඳිමි මම්

අරහත් යසෝදරා තෙරණි අපදානය - 1

ඒ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගයයි. අපට අද ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය සේයි එකල සිටි මිනිසුන්ට දීපංකර බුද්ධ ශාසනය.

එදා රම්‍යවතී නුවර වාසීන්ට බොහොම සුබ දිනයක්. හැම දෙනාම එකා වගේ ලහි ලහියේ නුවර පිරිසිදු කළා. මල් වැල් ගොතා නුවර ප්‍රධාන වීථිය දෙපස අලංකාර කළා. උස් තැන් මිටි තැන් සම කරමින්, ගල් බොරළු රොඩු ඉවත් කරමින් මාවත පිරිසිදු කළා. සුදු වැලි ඇතිරෙව්වා. සුවඳ පැන් ඉස්සා. සුවඳ කල්ක පුරවපු පාත්‍රා විදීය දෙපස තැන්පත් කළා. අලංකාර ධජ පථාක එල්ලුවා. නමුත් ඔවුන් කිසිවෙකුටවත් සම්පූර්ණ කරගත නොහැකි කොටසක් ඒ මාවතේ තැනක තිබුනා. ‘මෙතෙන්ට අපි දැන් කුමක්ද කරන්නේ?’ කියල පිරිස් රැස් වෙලා කථා කරමින් සිටිද්දී අහස් ගමන් ඇති මහා ඉර්ධිමත් තරුණ තාපසීන් වහන්සේ නමක් එතනට ආවා. එතුමා ඒ පිරිසගෙන් මෙසේ ඇසුවා.

“පින්වතුනී, නුඹලා මේ කුමක්ද කරන්නෙ? හැමෝම එකතුවෙලා ජයටම සරසන්නෙ? රජතුමාවත් මේ මාවතෙන් වඩිනවද? නැත්නම් මගුල් තුලාවක්වත්ද?”

අරහත් යසෝදරා තෙරණි අපදානය - 2

රාහුල කුමරු පැවිදි වූ විට යසෝදරාවෝ නැවතත් පැවිද්ද පිණිස සුදොවුන් නිරිඳුන්ගෙන් අවසර ඉල්ලා සිටියේය. එවිට නිරිඳු මෙසේ කීය.

“පුත, දැන් නුඹ පැවිදි වූවොත් දරු නැති ශෝකයෙන් පැවිදි වූවයි කියමින් අනාගතයේදී මිනිසුන් නුඹගේ පැවිද්දට දොස් කියනු ඇත.

නමුත් සිහිකරව මපුත, එදා ජාලිය කන්හජිනා දන්දෙද්දී මද්දී වූ නුඹ එය ඉවසා සිටියා නොවේද? නුඹ කුසින් වැදූ දරුවන් දන්දෙද්දී උන්ගේ දෑත් බැඳී වර පට පමණක් මේ සිනේරු පර්වත රාජයාට වඩා වැඩි නොවේද? ඒ කිසිකලකත් නුඹ දොම්නස් නොවුනු වග බුදු මුවින්ම වදාලා නුඹට අමතකද?

දැන් මාගේ සිද්ධාර්ථ කුමරුවාණෝ සම්බුද්ධත්වය ලබා අර්ථ සිද්ධියට පැමිණ සකළ ලෝවාසීන් සිය දරු කොට සලකද්දී, තමන්ගේම ලෙයින් උපන් දරුවාණෝ ද මහණ කරගත් තැනේ දී මම් කෙසේ නුඹවත් අහිමි කර ගන්ටද?

මපුත, මේ එයට කාලය නොවේ. නුඹගේ පැවිද්ද නිසි කාලයේදී සිදුවන තෙක් නුඹ ඉවසා සිටිය මැනව.”

අරහත් යසෝදරා තෙරණි අපදානය - 3

පැවිදි වූ දා පටන් අපගේ යසෝදරා තෙරණින් වහන්සේ සොයා ලාභ සත්කාර ගලා එන්නට විය. පිරිස් ගලා එන්නට විය. දන් කත් කරත්ත තුළ පටවාගෙන ඔවුන් පෝළිම් ගැසී සිටියහ. තෙරණින් වහන්සේ උදෙසා ඒ ඒ තැන අලංකාරවත් මෙහෙණවර ඉඳිකළහ. දහස් ගණනින්, දසදහස් ගණනින් ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව, සියගණන් ගැල් පුරා නොයෙකුත් ආකාරයේ දානෝපකරණ ගෙන ඔවුන් මහමුහුදට ගලා බසිනා ගංගාවන් සේ රැස් කමින් සිටියහ. මේ අයුරින් දිනෙන් දින මෙහෙණවරට ඇදෙන මහ පිරිසෙහි වැඩිවීමක් මිස අඩු වීමක් නොවීය….

දිනක් විහාරයට ගොස් බණ අසා නැවත මෙහෙණවරට පැමිණීමට පෙර අපගේ තෙරණින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වන්දනා කරමින් මෙසේ කියා සිටි සේක.

අරහත් යසෝදරා තෙරණි අපදානය - 4 | පරිනිර්වාණය

අපගේ යසෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ සාංසාරික ජීවිතය අතිශයින්ම ආශ්චර්‍යහ.

අකම්පිතව, සෘජු අදිෂ්ඨානයකින්, එකම අභිප්‍රායක් හදෙහිලා පැමිණි ඇගේ සාංසාරික ජීවන ප්‍රවෘතිය ජාතක කතාදියෙන් මොනවට ප්‍රකටය. එය අසනා පමාවෙන් හද කිලි පොලා යන්නකි. හද කකියා යන්නකි. ඇඟ හිරි වැටී යන්නකි. සැදැහෙන් සිත පිනා යන්නකි.

සැබවින්ම ඈ බෝසතාණන් වහන්සේ උදෙසාම ස්ත්‍රී ජීවිතයක් ලැබුවා මිසක සර්වප්‍රකාරයෙන්ම සකල ස්ත්‍රී දෝෂයන්ගෙන් මිදී පිරුවටයක් සේ පරම පවිත්‍රව සිටියා ය. සිතින් කයින් හෝ වචනයෙන් එක් මොහොතකුදු ලාමක ස්ත්‍රී දෝෂයක් ප්‍රකට නොකළා ය. හේතුව, ඈ ඒ දොස් උවමනාවෙන්ම සඟවාගත්තා නොවේ. දොස් නොමැති සේ මායාවෙන් පෙන්වා සිටියාත් නොවේ. සත්තකින්ම ඈ නිදොස් වූවා ය. සියළු දෝෂයන්ගෙන් ඈ පිරිසිදු වූවා ය. අව්‍යාජව අවංකව පරම පවිත්‍රව ඈ දොස් රහිතව විසුවා ය. එනිසාය ඈගේ ජීවිතය එතරම්ම සුවිශේෂී.

නික්ලේශී නොවීම ඈ එතරම් ගුණ දැරූනම් නිකෙලෙස්ව මහා අභිඥාලාභීව මහා සෘද්ධිමත්ව සම්බුදු ළයමඩලින් උපන් අර්හත් වූ රහල් මවු තොමෝ කොපමණනම් ගුණයන්ට ආකරයක් වන්ට ඇත් ද! කොපමණ ගුණ සුවඳින් තුන් ලෝ සනහාලමින් වැඩ සිටින්ට ඇත්ද!අහෝ අසිරියක්මැයි! අහෝ ආශ්චර්‍යක්මැයි! එතරම් ගුණ දැරූ අපගේ රාහුලමාතා යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ නවක මෙහෙණක් සේ, කිසිත් නොදන්න මෙහෙණක් සේ, ළදරු මෙහෙණක් සේ, බිමට හරැවූ නෙතින් යුතුව සම්බුදුරජුන් ඉදිරියේ දෑත් නළලත තබා එකත්පස්ව වැඩසිටින සේක……..