මහ රහත්

තෙරණින් වහන්සේලාගේ

සංසාරගත ජීවිත

ඛේමා මහ රහත් තෙරණින් වහන්සේ

“පින්වත් මහණෙනි, මේ පින්වත් ඛේමාවන් වනාහී මහා ප්‍රඥා ඇති භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

කල්ප ලක්ෂයකට පෙර, පදුමුත්තර බුදුරදුන් වැඩ සිටින සමයෙහි ඛේමා තෙරණියෝ හේමවතී නුවර ධනවත් පවුලක උපන්නාය. දිනක් ඇය සම්බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරමින් සිටියදී මනාව පැහැදී ගිය සිතින් යුතුව ඒ මොහොතේදී ම තෙරුවන් සරණ ගොස් බුදු සසුනේ සැදැහැ ඇති උපාසිකාවක් බවට පත් වූවා ය.

අනතුරුව ඇයගේ දෙමාපියන්ගේ අනුමැතිය ලැබී, බුදුරදුන් ඇතුළු සඟ පිරිසට සත් දිනක් මුළුල්ලේ අතිශය මහත් කොට භෝජනාදී පූජා සත්කාරයන් පවත්වාලූවා ය…..

උප්පලවණ්ණා මහ රහත් තෙරණින් වහන්සේ

“පින්වත් මහණෙනි, මේ පින්වත් උප්පලවණ්ණා වනාහී ඉර්ධිමත් භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

පදුමුත්තර බුදුන් දවස උප්පලවණ්ණාවෝ හංසවතී නගරයේ ධනවත් පවුලක උපත ලැබුවාය. එක් අවස්ථාවක ඇය විශාල පිරිසක් මැද සිටිමින් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම දේශනයකට සවන් දුන් අතර, එහිදී බුදුරජාණන් වහන්සේගේ සෘද්ධි බලයෙන් යුක්ත වූවන් අතර අග්‍ර භික්ෂුණියක ඒතදග්ගයෙහිලා නම් කරනු ඇය දිටීය. එය දුටු වහාම අනාගතයේ එවැනිම වූ උතුම් භික්ෂුණියක් වීමට ඇය ද ආශා කළා ය. ඇය දින හතක් පුරා බුදුන් වහන්සේට සහ සංඝයාට ආශ්චර්‍යමත් පූජාවක් කළාය. සත් දින අවසානයේදී ඇය අමතර පූජාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ පාමුල නෙළුම් මල් පොකුරු හතක් තබා,…..

ධම්මදින්නා මහ රහත් තෙරණින් වහන්සේ

“පින්වත් මහණෙනි, මේ පින්වත් ධම්මදින්නා වනාහී ධර්මකථික භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

පදුමුත්තර බුදුන් දවස ඇය හංසවතී නගරයේ දුප්පත් කම්කරු පවුලක උපත ලැබුවා ය. නමුත් ඇය ප්‍රඥානවන්ත හා ගුණවත් බවෙන් පොහොසත් වූවා ය. දිනක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සුජාත තෙරුන් වහන්සේ පිණ්ඩපාතය පිණිස වැඩම කරන විට, පැන් ගෙන යමින් සිටි ඇය මුණගැසිනි. තෙරුන් වහන්සේ දුටු පමාවෙන් සිත පැහැදීගිය ඇය එදින තමාගේ සලාක ආහාර පංගුව (පිට්ටු වැනි ආහාර කිසිවක්) උන්වහන්සේට පූජා කළා ය. එතුමියගේ පුණ්‍යකර්මය තව තවත් බලවත් කරලීම පිණිසත් මතු සිදුවන යහපත නිසාත් තෙරුන් වහන්සේ වහාම වාඩි වී ඒ ආහාර දානය වැළඳූ සේක……

සකුලා මහ රහත් තෙරණින් වහන්සේ

“පින්වත් මහණෙනි, මේ පින්වත් සකුලා වනාහී දිවැස් ලාභී භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඇය උපත ලැබුවේ හංසවතියේ ආනන්ද රජුගේ වංශයේය. ඇය පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අර්ධ සහෝදරිය (වෙනත් මවකගේ දියණියක්) වූ අතර නන්ද කුමරිය ලෙස නම් කරන ලදී.

යොවුන් වියේ සිටි ඇය බුද්ධ දේශනාවන් ශ්‍රවණය කිරීමට නිතර සහභාගී වූවා ය. දිනක් ඇය පදුමුත්තර බුදුරජාණන් වහන්සේ විසින් ‘දිවැස් ලාභී භික්ෂුණීන් අතුරින් අග්‍ර භික්ෂුණිය’ ලෙස එක්තරා භික්ෂුණියක් නම් කරනු දිටී ය. එම භික්ෂුණිය හා සමාන ධූරයක් අනාගතයේ දී ලැබීමට ඇයට ද ආශාවක් උපන. ඒ අනුව ඇය ආශ්චර්‍යමත් පූජාවකින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමාගේ ප්‍රාර්ථනා කියා සිටියා ය……

කුණ්ඩලකේසා මහ රහත් තෙරණින් වහන්සේ

“පින්වත් මහණෙනි, මේ පින්වත් භද්‍රා කුණ්ඩලකේසා වනාහී ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කළ භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

පදුමුත්තර බුදුන් දවස කුණ්ඩලකේසා උපත ලැබුවේ හංසවතී නගරයේ ධනවත් පවුලක ය. දිනක්, ‘ඉක්මනින් ධර්මය අවබෝධ කළ භික්ෂුණීන් අතුරින් අග්‍ර භික්ෂුණිය’ ලෙස ‘සුභා’ නම් තෙරණිය පදුමුත්තර බුදුරජාණන් වහන්සේ විසින් නම් කරනු, බණ අසමින් සිටි ඇය දුටුවේ ය. ඇයට ද අනාගත කාලයෙහි එවන් අග්‍රගණ්‍ය භික්ෂුණියක් ලෙස නම් ලැබීමට අශාවක් ඉපදින. ඇය මහා පූජාවක් කිරීමෙන් පසු තම අභිලාෂය පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළ අතර, පසුව බුදුරජාණන් වහන්සේ ගෝතම බුදුන් වැඩ සිටින කාලයේදී ඇගේ අපේක්ෂාව ඉටු වන බවට අනාවැකි පළ කළ සේක……

භද්දකාපිලානි මහ රහත් තෙරණින් වහන්සේ

“පින්වත් මහණෙනි, මේ පින්වත් භද්‍රාකාපිලානි වනාහී පෙර ජීවිත ගැන සිහි කිරීමේ කුසලතා ඇති භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

පදුමුත්තර බුදුරදුන් දවස භද්දකාපිලානි හංසවතී නුවර මහා ධනවත් පුද්ගලයෙක් වූ වේදේහගේ භාර්යාව වශයෙන් උපත ලැබීය. ඇය බුදුරදුන්ගේ දේශනයක් ශ්‍රවණය කරමින් සිටින විට ‘පෙර ජීවිත ගැන සිහි කිරීමේ කුසලතා ඇති භික්ෂුණීන් අතුරින් අග්‍ර භික්ෂුණිය’ ලෙස එක්තරා භික්ෂුණියක් නම් කරනු දුටුවා ය. එය දුටු විට ඇය ද එවැනි භික්ෂුණියක් වීමට ප්‍රාර්ථනා කළ අතර, මහා පූජාවක් කිරීමෙන් පසු, තම ස්වාමිපුරුෂයා (මේ ජීවිතයේදී අපගේ මහා කස්සප මහ රහතන් වහන්සේ) ධුත ගුණයෙන් අග්‍ර භික්ෂුව වීමට ප්‍රාර්ථනා කරන අතර තුර, බුදුන් වහන්සේ ඉදිරියෙහි ඇය ද තමාගේ ප්‍රාර්ථනාව සඳහන් කළා ය. ඒ ජීවිතයේ දී ඔවුන් එක්ව බොහෝ පින් රැස් කර දෙව්ලොව උපත ලැබුහ……

කිසාගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ

“පින්වත් මහණෙනි, මේ පින්වත් කිසාගෝතමිය වනාහී රළු සිවුරු දරන භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

එකල ඇය, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ හංසවතී නගරයේ එක්තරා පවුලක ඉපදී සිටියා ය. ඇය බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරමින් සිටින විට, ‘රළු සිවුරු දරන භික්ෂුණීන් අතුරින් අග්‍ර භික්ෂුණිය’ ලෙස එක්තරා භික්ෂුණියක් නම් කරනු ලබනවා ඇය දුටුවා ය. ඒත් සමගම තමාත්අනාගත බුද්ධ ශාසනයක, ‘රළු සිවුරු දරන භික්ෂුණීන් අතුරින් අග්‍ර භික්ෂුණිය’ වීමට ඇය ආශා කළා ය. මහා දානයක් දී බුද්ධෝපස්ථාන හා සංඝෝපස්ථාන පූජාවක් කොට අවසනායේ ඇය බුදුන් වහන්සේ ඉදිරියේ එම පැතුම ප්‍රකාශ කළා ය. ගෞතම නම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ දී ඇයගේ ඒ ප්‍රාර්ථනාව ඉටුවන බව පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාවැකියක් පළ කළ සේක…….

සිඟාලමාතා මහ රහත් තෙරණින් වහන්සේ

“පින්වත් මහණෙනි, මේ පින්වත් සිඟාලමාතා වනාහී බලවත් ශ්‍රද්ධාව මුල්කොට නිවනට පැමිණි භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

ඇය පදුමුත්තර බුදුරදුන් වැඩ සිටි සමයේ රජුගේ එක්තරා අධිකරණ නිලධාරියෙකුගේ දියණියක ලෙස උපත ලැබුවා ය. ආරාමයට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීමෙන් පසු භික්ෂුණියක් ලෙස බුදු සසුනේ පැවිදි වූ අතර, ඉතා සිල්වත්ව පැවිදි ජීවිතය ගත කළා ය. ඇය තෙරුවන් කෙරෙහි සුවිශේෂී භක්තියකින් යුක්ත වූවා, ධර්මය ශ්‍රවණය කිරීමට ඉතා කැමැත්තෙන් පසුවූවා ය. බුදුරජාණන් වහන්සේ දැකීමට (වක්කලී භික්ෂුව මෙන්) විශේෂයෙන් දැඩි ආශාවකින් යුක්ත වූවාය.

දිනක් ඒ භික්ෂුණිය, බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා භික්ෂුණියක් ‘බලවත් ශ්‍රද්ධාව මුල්කොට නිවනට පැමිණි භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් භික්ෂුණියක්’ නම් කරනු දුටුවා ය. …….

පටාචාරා මහ රහත් තෙරණින් වහන්සේ

“පින්වත් මහණෙනි,මේ පින්වත් පටාචාරාවන් වනාහී විනයධර භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

පටාචාරා සැවැත් නුවර ඉතා ධනවත් වෙළෙන්දෙකුගේ රූමත් දියණිය කි. ඇයට වයස අවුරුදු දහසය වන විට, ඇගේ දෙමාපියන් ඇයව තට්ටු හතකින් යුත් උස් මන්දිරයක ඉහළ මහලට ජීවත් වීමට සැළැස්වූ අතර, තරුණයන් සමඟ ඇසුරු කිරීම වැළැක්වීම පිණිස ඇයව ආරක්ෂකයින් විසින් පිරිවරා සිටීමට කටයුතු සාදන ලදී. මේ සියළු ආරක්ෂක විධිවිධාන නොතකා ඇය තම දෙමාපියන්ගේ නිවසේ සේවකයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයකට පැටලුණා ය.

ඇගේ දෙමාපියන් ඇයට සමාන සමාජ මට්ටමක් ඇති තරුණයෙකු සමඟ විවාහයක් සූදානම් කළ විට, ඇය තම පෙම්වතා සමඟ පැන යාමට තීරණය කළා ය.මෙහෙකාරියක ලෙස වෙස්වලාගෙන කුළුණෙන් පැන ගිය ඇයට නගරයේ දී තම පෙම්වතා මුණගැසුණු අතර, යුවළ සැවැත් නුවරින් ඈත ගමක පදිංචියට ගිය හ….

නන්දා මහ රහත් තෙරණින් වහන්සේ

“පින්වත් මහණෙනි, මේ පින්වත් නන්දා වනාහී ධ්‍යාන කරන භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ”

නන්දා උපන් විට, ඇගේ දෙමාපියන්, සුද්ධෝදන මහ රජු සහ ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු ඥාතීන් බොහෝ සතුටු වූහ. එනිසා සියල්ලන්ටම සතුට ගෙන ආවාය යන තේරුමින් ඇයට ‘නන්දා’ නාමය ලැබුනි. නන්දා අතිශය සුන්දර, දිව්‍ය කන්‍යාවක් තරම් ශෝභාවත් ශරීරයක්, රූපයක් හිමි කුමරියක් වූවා ය. ඇගේ රූපය දෙවෙනි වූයේ යසෝදරාවන්ට පමණී. එනිසා ඇයගේ නාමයට පසුකාලීනව ‘සුන්දරී’ යන නාමයත් එක්වී එය ‘සුන්දරී නන්දා’ බවට පත් වූයේ ය. එනම් “ලස්සන නන්දා” යන්නයි.

කාලයාගේ ඇවෑමෙන් ඇගේ පවුලේ බොහෝ සාමාජිකයන්බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා අරහත්වයට ද පත්ව බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක ශාවිකාවන් බවට පත් වූහ…..

සෝණා මහ රහත් තෙරණින් වහන්සේ

“පින්වත් මහණෙනි, මේ පින්වත් සෝණා වනාහී පටන් ගත් වීරිය ඇති භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

එකල සැවැත් නුවර දරුවන් දස දෙනකු ඇතිගෘහණියක් වාසය කළාය. ඇයගේ ජීවිතයේ ඇය නිරන්තරයෙන් නියැලී සිටියේ දරු ප්‍රසූතිය, කිරි දීම සහ දරුවන් ඇති දැඩි කිරීම, ඔවුන්ට අධ්‍යාපනය ලබා දීම සහ ඔවුන් සඳහා විවාහ ගිවිස ගැනීම ආදී කටයුතුත් සමග ය. ඇගේ මුළු ජීවිතයම ඇගේ දරුවන් මත කේන්ද්‍රගත වූ අතර, ඇය ‘බොහෝ දරුවන් ඇති සෝණා” ලෙස හඳුන්වනු ලැබුවා ය . එක් පවුලක මෙතරම් දරුවන් සිටීම නූතනයේ අපට තරමක් අමුතු දෙයක් ලෙස පෙනෙනු ඇත, නමුත් අතීතයේ මෙය කිසිසේත් ම අසාමාන්‍ය දෙයක් නොවී ය.

සෝනාගේ ස්වාමිපුරුෂයා බුදුරදුන්ගේ සැදැහැවත් ගිහි ශ්‍රාවකයෙක් විය. ගෘහපතියෙකු ලෙස වසර ගණනාවක් සිල්පද ඉතා ඕනෑකමින් සමාදන් වූ ඔහු…..

මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ

“පින්වත් මහණෙනි, මේ මහා ප්‍රජාපතී ගෞතමිය නම් වූ භික්ෂුණියක් සිටියිද, මාගේ ශ්‍රාවිකාවන් වූ පැවිදි වී බොහෝ කල් ගත කළ (චිරරාත්‍රඥ) භික්ෂූණීන් අතුරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ භික්ෂුණියයි”

” අනේ මහා වීරයාණන් වහන්ස ! නුඹ වහන්සේගේ මුව මඬල දෙස කොයිතරම් කල් බලා සිටියත් මේ දෑස නම් කවරදාකවත් සෑහීමකට පත්වන්නේ නෑ. නුඹ වහන්සේගේ වචනවලට කොයි තරම් කල් සවන් දීගෙන සිටියත් මේ කනත් එහෙම තමා… කවරදාකවත් සෑහීමකට පත් වන්නේ නෑ. නමුත් මුනිඳාණන් වහන්ස ! හුදෙක් මාගේ මේ එකම එක සිත ඒ අමා දම් රසයෙන් සම්පූර්ණයෙන් ම තෘප්තිමත් වුනා. සෑහීමකට පත් වුනා.

නරෝත්තමයන් වහන්ස, මිසදිටු වාද බල මැඩගෙන නුඹවහන්සේ පිරිස්මැද අභීත සිංහනාද පවත්වද්දී යම් කෙනෙකුට නුඹ වහන්සේගේ අසිරිමත් මුව මඩල දකින්ට ලැබුනොත්, සත්තකින්ම ඒ ඇත්තෝ මහා පින්වන්තයි!…..