අරහත් තෙරණි

සීහ නාද

ථේරි අපදාන

ප්‍රජාපතී මහ රහත් තෙරණින් වහන්සේ

ලොවට පහනක් වූ සියළු දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වූ බුදුරජාණන් වහන්සේ එක්සමයෙකැ විශාලා මහනුවර මහාවනයෙහි මැනවින් කරන ලද කූටාගාර ශාලායෙහි වැඩ වසන සේකැ. එකල්හි ජිනෙන්ද්‍රයන් වහන්සේගේ සුළුමවු වූ මහා ප්‍රජාපති ගෝතමී තෙරණියෝ ඒ නගරයෙහි කරන ලද රම්‍ය වූ මෙහෙණවරෙහි කෙලෙසුන්ගෙන් මිදුණු රහත් මෙහෙණන් පන්සියයක් සමග වාසය කළහ.
දිනක් දහම් දෙසමින් වැඩ සිටි ලෝකාග්‍රනායකයන් වහන්සේ කිසිවිටෙකැ කිවිසිසේක. එවිට ගෝතමී තෙරණියෝ මෙවැනි වූ ආශිර්වාද වචනයක් කීහ……

පටාචාරා මහ රහත් තෙරණින් වහන්සේ

මෙයින් සුවහස්වන කප්හි සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය ලෝකනායක වූ පදුමුත්තර නම් ජිනේන්ද්‍රයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. එකලැ මම් හංසවතී නුවරැ නොයෙක් රුවනින් දිලෙන සිටුකුලෙකැ උපන්නෙම්, මහත් සුවයෙන් සමර්පිත වීමි. ඒ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් ඇසුවෙම් එයින් පහන් වූ මම් බුදුන් සරණ ගියෙමි. ලෝක නාථයන් වහන්සේ, ලජ්ජා ඇති තාදී ගුණ ඇති කප්පිය අකප්පිය දෙක්හි විශාරද වූ මෙහෙණක විනයධර මෙහෙණන්තරැ අග්‍ර කොට වර්ණනා කළසේකැ. එකල්හි ප්‍රමුදිත සිත් ඇති මම් ඒ තනතුර…..

කුණ්ඩලකේසා රහත් තෙරණින් වහන්සේ

මෙයින් සියක්දහස්වන කප්හි ලොවට නායක වූ සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි පදුමුත්ත‍ර නම් ජිනේනද්‍රයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. එකල්හි මම හංසවතී නුවර නොයෙක් රුවනින් දිලියෙන මහත් සුඛයෙන් සමර්පිත වූ සිටුකුලයෙකැ උපන්නෙමි. ඒ මහාවීර වූ බුදුරදුන් වෙතැ එළැඹැ දම්දෙසුන් ඇසුවෙමි. එයින් උපන් පැහැදීම් ඇති මම් ජිනේන්ද්‍රයන් වහන්සේ සරණ කොට ගියෙමි. එකලැ මහාකාරුණික වූ පදුමුත්ත‍ර නම් සර්වඥයන් වහන්සේ සුභ නම් මෙහෙණ ඛිප්පාභිඤ්ඤා (ධර්මය වහා අවබෝධ කළ) මෙහෙණනන් අතරැ අගතන්හි තබා වදාළ සේක…….

උප්පලවණ්ණා මහ රහත් තෙරණින් වහන්සේ

සෘද්ධියෙන් අගතැන්පත් උත්පලවර්‍ණා භික්‍ෂූණී තොමෝ ශාස්තෲන් වහන්සේගේ පා වැඳ මෙවදන් පැවසූහ.

“ඒ ඒ ජාතිවල උපන් මම් මේ ජාතියේ දී තරණය කළ සංසාර ඕඝ ඇතිව අචල වූ නිර්වාණ පදයට පැමිණියා වෙමි. මා විසින් සියලු දුක් ක්‍ෂය කරන ලදී. මහාමුනිතුමනි, මම් එය සැලකරමි. බුදුසසුන්හි පහන් වූ යම් පමණ පිරිස් ඇත් ද, යම් කෙනෙකුන්ට මා කළ වරදෙක් ඇත් ද, භාග්‍යවතුන් වහන්සේ මට කමත් වා. මහාවීරයන් වහන්ස, මම් මෙසේත් කියමි. සසර සැරිසරන කල්හි ඉදින් මාගේ යම් දොසෙක් වී නම් ඒ දොස ක්‍ෂමා කරන සේක්වා.”…..

ඛේමා මහ රහත් තෙරණින් වහන්සේ

සියලු ලොවුතුරා දහම්හි විශාරද වූ භවත්‍රයට ම නායක වූ පදුමුත්තර නම් ජිනේන්ද්‍රයන් වහන්සේ මෙයින් සියක් දහසක්වන කප්හි පහළ වූ සේකැ. එකල මම හංසවතී නගරයෙහි දිලියෙන රන් රුවන් ඇති සිටු කුලයෙකැ උපන්නෙමි. මහත් සුවයෙන් සමන්විත වීමි. මම් ඒ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් ඇසීමි. එයින් උපන් ප්‍රසාද සිතින් යුතු මම් ජිනෙන්ද්‍රයන් වහන්සේ සරණ ගියෙමි. මාපියන්ට දන්වා ශ්‍රාවකයන් සහිත වූ බුදුරජාණන් වහන්සේ සත් දිනක් වැළඳවීමි. සත් දවස ඉක්මගිය කල්හි මහ නුවණැත්තන් අතුරෙහි අග්‍ර වූ මෙහෙණක භාග්‍යවතුන් වහන්සේ එතදග්‍රස්ථානයෙහි තබාලූ සේක……

ජනපදකල්‍යාණි රහත් තෙරණින් වහන්සේ

සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි ලෝකනායක වූ පදුමුත්තර ජිනේන්ද්‍රයන් වහන්සේ මෙයින් සුවහස්වන කප්හි ලොවැ පහළවී වදාළ සේකැ. සියලු ප්‍රාණීන්ට අවවාද කරන, දහම් අවබෝධ කරවන සසරින් එතෙර කරවන, දේශනාකූශල වූ බුදුරජාණන් වහන්සේ බොහෝ ජනතාව සසරින් එතෙර කරවූ සේකැ. සියලු ප්‍රාණින්ට අනුකම්පා කරන කරුණා ඇති හිතෛෂී වූ ශාස්තෘන් වහන්සේ වෙතැ පැමිණි සියලු අන්‍යතීර්ථකයන් පන්සිල්හි පිහිට වූ සේක. මෙසේ ලොව නිරවුල් වීයැ, අන්‍යලබ්ධීන්ගෙන් සිස් ද වීයැ, චිත්තවශී වූ මැදහත් ගුණ ඇති රහතුන්ගෙන් විසිතුරු වීයැ…..

සකුලා රහත් තෙරණින් වහන්සේ

මෙකපින් සියක්දහස් වන කප්හි සියලු දහම්හි පරතෙර පැමිණි ලොවට නායක වූ පියුමතුරා නම් සම්බුදු රජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. දේශකයන් අතරැ උත්තම වූ ආජානෙය පුරුෂ වූ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි සියලු සත්නට හිත පිණිස සුව පිණිස වැඩ පිණිස පිළිපන් සේකැ. ජිනේන්ද්‍රයන් වහන්සේ යශසින් අගපත් සේකැ, ශ්‍රීමත් සේකැ, කීර්ති ප්‍රශංසා දැරූ සේකැ, සියලු ලෝකයා විසින් පූජිත සේකැ, සියලු දිශායෙහි සර්වඥහ. ප්‍රකට වූ සේකැ. විචිකිච්ඡායෙන් නැගී සිටි සේකැ, ඉක්මැවූ සැක ඇති සේකැ, පිරිපුන් චිත්ත සංකල්පනා ඇති සේකැ, උතුම් සම්බෝධියට පැමිණි සේකැ……

ධම්මදින්නා මහ රහත් තෙරණින් වහන්සේ

මෙ කපින් සුවහස් වන කප්හි සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි ලෝකනායක වූ පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. එසමයෙහි මම හංසවතී නුවරැ එක්තරා කුලයෙකැ උපන්නෙමි. නුවණැති ශීලයෙන් සංවර වූ මා දැස්සක් වීමි.

පියුමතුරා බුදුරදුන්ගේ සුජාත නම් අග්‍රශ්‍රාවකයාණෝ වෙහෙරින් නික්මැ පිඬු පිණිස වඩනාහ. එකලැ කළදැස්සක් වූ මම කළයක් රැගෙන යන්නෙම් තෙරණුවෝ දැක ස්වකීය ප්‍රාණපරිත්‍යාගයෙන් ප්‍රසන්න වැ කැවුමක් දුනිමි……

කිසාගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ

තුන්ලොවට නායක වූ සියලු ධර්‍මයන්ගේ පරතෙරට පැමිණි පදුමුත්තර නම් ජිනේන්ද්‍රයන් වහන්සේ ලොවැ පහළ වූ සේක. එකල්හි මම හංසවතී නුවර එක්තරා කුලයෙකැ උපන්නෙම් ඒ නරෝත්තමයන් වහන්සේ කරා එළැඹැ ජිනේන්ද්‍රයන් වහන්සේ සරණ කොට ගියෙමි. චතුසත්‍යයෙන් යුක්ත වූ මධුර වූ පරමාස්වාදජනක වූ ශාන්ති සුඛය එළවන ධර්‍මය ද ඇසුවෙමි. එකල්හි වීර වූ පුරුෂෝත්තමයන් වහන්සේ ඒතදග්‍රයෙහි තබමින් රුක්‍ෂචීවර ධරන මෙහෙණක වර්ණනා කළ සේකැ. මෙහෙණගේ ගුණ අසා අපමණ ප්‍රීතිය උපදවා …..

සෝණා රහත් තෙරණින් වහන්සේ

මෙකපින් සුවහස්වන කප්හි සියලු දහම්හි පරතෙරැ පැමිණි ලොවට නායක වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සේකැ. එකල්හි සිටුකුලෙකැ සුඛිත වැ පූජිත වැ ප්‍රිය වැ උපන්නෙම් ඒ මුනින්ද්‍රයන් වහන්සේ වෙතැ එළැඹැ මිහිරි වදන් ඇසීමි. ජිනේන්ද්‍රයන් වහන්සේ පිරිපුන් වැර (වීරිය) ඇති මෙහෙණන් අතරැ එක් මෙහෙණක අග්‍ර කොට වර්ණනා කළසේකැ. ඒ අසා ප්‍රමුදිත වැ ශාස්තෘන් වහන්සේට සත්කාර කොට සම්බුදුරජාණන් වහන්සේ සකසා වැඳ එවේලෙහි ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළෙමි. මහාවීරයන් වහන්සේ…..

භද්දාකාපිලානි මහ රහත් තෙරණින් වහන්සේ

සියලු ධර්‍මයන්හි පරතෙරට පැමිණි සියලු ධර්‍ම දත් ලොවට නායක වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේ මෙයින් ලක්‍ෂයක් වන කප්හි ලොව පහළ වූ සේකැ. එසමයෙහි හංසවතී නුවරැ නමින් විදේහ නම් වූ බොහෝ රන්රුවන් ඇති සිටුවරයෙක් වියැ, මම ඔහුගේ භාර්‍ය්‍යා වීමි. කිසියම් දිනෙකැ හේ පිරිවර ජනයා සහිත වැ බුදුරදුන් වෙතැ එළැඹැ නිවන්සුව එළවන බුදුදහම් ශ්‍රවණ කෙළේ යැ. බුදුරජාණන් වහන්සේ ධූතවාදී භික්‍ෂූන් අතරැ එක් ශ්‍රාවකයකු අග්‍ර කොට …..

සිඟාලමාතා රහත් තෙරණින් වහන්සේ

මෙයින් සියක්දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය පියුමතුරා නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක. එකල්හි මම හංසවතියෙහි නන්රුවනින් බබළන සමෘද්ධ වූ ආඪ්‍ය වූ මහත් ධන ඇති ඇමැති කුලයෙක උපන්නෙමි. මහාජනයා විසින් පෙරටු කරන ලදු වැ පියා සමග ගොස් බුදුරදුන්ගේ දහම් අසා ශාසනයට පැමිණියෙමි. පැවිදි වැ කයින් පව්කම් දුරු කළෙමි, වාක් දුසිරිත හැරපියා ආජීවය පිරිසිදු කළෙමි…..

සුක්කා රහත් තෙරණින් වහන්සේ

මෙයින් එක්අනූවන කපෙහි මනහර ඇස් ඇති සර්වධර්‍මයන් දන්නා වූ විපස්සී නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක. එකල්හි මම් බන්ධුමතී නුවර එක්තරා කුලයෙක්හි උපන්නෙමි. මුනීන්ද්‍රයන් වහන්සේගේ දහම් අසා ශාසනයෙහි පැවිදි වීමි. බහුශ්‍රැත වූ ධර්‍මධර වූ එසේම ම වැටහෙන නුවණැති බුදුසසුන් පිළිපදනා විචිත්‍ර ධර්‍මකථිකාවක් ද වීමි. එකල ජනතාවට හිත වූ බොහෝ ධර්‍මකථා කොට මම එයින් සැවැ යශස් ඇති වැ තුසිත දෙව්ලොවැ උපන්නෙමි.මෙයින් එක්තිස්වන කපැ ගිනිසිළක් මෙන් දිලියෙන යශසින් යුත් දේශකයන් අතුරෙන් උතුම් වූ සිඛී නම් මුනීද්‍රයන් වහන්සේ …..

රූපනන්දා රහත් තෙරණින් වහන්සේ

මෙයින් එක්අනූවන කපෙහි මනහර ඇස් ඇති සියලු දහම් විශයෙහි නුවණැස් ඇති විපස්සී නම් නායකයන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල මම බන්ධුමතී නුවර සමෘද්ධ වූ ධන-ධාන්‍යයෙන් පිරුණු මහා කුලයෙහි උපන්නී මනා රූ ඇත්තී මහජනයාට ප්‍රිය ද පූජනීය ද වීමි. මහාවීර වූ විපස්සී ලෝකනායකයන් වහන්සේ කරා එළඹැ බණ අසා නරනායක වූ බුදුන් සරණ ගියෙමි. සීලයෙන් සංවර වැ යළි බුදුන් පිරිනිවි කල්හි ධාතු ස්තූපය මතුයෙහි රන්සතක් පිදූවෙමි. මුදන ලද ත්‍යාග ඇති ව යාවජීවයෙන් සිල්වත් වැ……

අඩ්ඩකාසි රහත් තෙරණින් වහන්සේ

මේ භද්‍රකල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහා යශස් ඇති වාදීන් කෙරෙහි උතුම් වූ නමින් කස්සප නම් වූ බුදුරජාණන් වහන්සේ උපන්සේක. එකල්හි මම් ඒ බුදුරජුන්ගේ ශාසනයෙහි පැවිදි වැ ප්‍රාතිමෝක්‍ෂයෙහි ද පඤ්චෙන්‍ද්‍රියන්හි ද සංවෘත වැ භෝජනයෙහි පමණ දන්නී නිදිවැරීමෙහි ද යෙදුණි, යෝගයෙහි යෙදී වාසය කරන මම රහත් මෙහෙණකට ආක්‍රොශ කළෙමි. එකල මම දුෂ්ට සිත් ඇති වැ “ගණිකාවකැ” යි කීමි. ඒ පව් කමින් නිරයෙහි පැසීමි.එමැ කර්මාවශේෂයෙන් බෙහෙවින් මැ පරාධීන වැ ගණිකා කුලයෙහි උපන්නෙමි. යළි පශ්චිම ජාතියෙහි බඹසර ඵලයෙන් මම…..

පුණ්ණා රහත් තෙරණින් වහන්සේ

විපස්සී – සිඛී – වෙස්සභූ – කකුසන්‍ධ – කෝණාගමන – කස්සප භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනයෙහි පැවිදි වැ සිල්සපන් නුවණැති සන්හුන් ඉඳුරන් ඇති මෙහෙණක් වැ බහුශ්‍රැත වැ ධර්මධර වැ දහම් උගන්නී ද අසන්නී ද ගුරුන් ඇසුරු කරන්නී ද වීමි. ජනයා මැද දහම් දෙසන මම බුදුසසුන්හි ප්‍රකට වීමි, ඒ බහුශ්‍රැත භාවය හේතු කොටගෙන මම ප්‍රියසීල මෙහෙණන් ඉක්මවා සිතීමි.
යළි දැන් පශ්චිම භවයෙහි සැවැත් පුරයෙහි මම අනේපිඬු සිටුහුගේ ගෙයි කළදැස්සක කුස උපන්නෙමි. එකකින් ඌන වූ සියය පුරමින් යම් හෙයෙකින් දැස් කුලෙහි උපන්මු ද, එහෙයින් “පුණ්ණා” යයි මාගේ නම විය. දිනක් දිය ගෙන ඒමට ගියේ දියමැද සීතලෙන් වෙවුළන සොත්‍ථිය බමුණකු දිටිමි. ඔහු දැක මෙය කීමි”…..

අම්බපාලී රහත් තෙරණින් වහන්සේ

රන් පහස් ලද යම් ඵුස්ස නම් මුනිරජාණන් වහන්සේ නමක් වූ සේක්ද, මම් ඒ බුදුරජාණන් වහන්සේට බුහුන වීමි. කැත්කුලෙහි උපන්නෙමි. මුනිරජුන්ගේ දහම් අසා වෙසෙසින් පහන් සිතින් යුක්ත වැ මහදන් දී රූප සම්පත් ප්‍රාර්ථනා කළෙමි. මොබින් එක්තිස්වන කපෙහි ලෝකාග්‍රනායක වූ ලොවට ප්‍රදීප වූ තුන්ලොවට සරණ වූ සිඛී නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල මම් රම්‍ය වූ අරුණ පුරයෙහි බමුණු කුලයෙහි උපන්නෙමි. බුදු සසුනේ පැවිදි වීමි. දිනක් සෑ මළුව හමදමින් සිටියෙම් අසලින් වඩිමින් හුන් එක්තරා රහත් තෙරණියක් කිඹිසි විටදී කෙල ස්වල්පයක් වැටෙනු දැක ඊට කෝප ගත්තෙමි. ‘මනාව හැමද තුබූ මළුව විනාශ කළ මේ ගණිකාව කවුරුන්දැයි’ යි කෝප වේගයෙන්……

සුමේධා රහත් තෙරණින් වහන්සේගේ සිට ඒකුපෝසථිකා රහත් තෙරණින් වහන්සේ දක්වා

බන්ධුමතී නුවරැ බන්ධුමත් නමැති රජෙක් වියැ. හේ පුණුපොහෝ දිනැ පෙහෙවස් විසී. එසමයෙහි මම එනුවරැ කළදැස්සක් වූමු. (පෙහෙවස් වසන) රජු සහිත සෙනඟ දැක මම මෙසේ සිතූමු:
“රජ ද රජය හැරපියා පෙහෙවස් විසී යැ. එකැතින් ඒ ක්‍රියාව ඵල සහිත යැ. ජනසමූහයා ප්‍රමුදිත වූයේ වෙයි ” යනු යි.
(මම් දු) දුගී බව ද දිළිඳුබව ද නුවණින් මෙනෙහි කොට සිත පහදවා පෙහෙවස් වුසූමු. මම (විපස්සී) සම්බුදුසසුනෙහි පෙහෙවස් වැස ඒ කුශල කර්‍මයෙන් තව්තිසා දෙව්ලොව උපන්මු. එහි මට විමනෙක් මැනැවින් කරනලද වෙයි. (එ විමන) යොදුනක් උස් යැ, මනාකුළුගෙවලින් යුතු යැ, (හැඳපුටු ඈ) සෙනසුනෙන් සැරහුණේ ද වේ……..

සලලපුෂ්පිකා රහත් තෙරණින් වහන්සේගේ සිට පේසලා රහත් තෙරණින් වහන්සේ දක්වා

මේ භද්‍රකල්පයෙහි බ්‍රහ්මබන්ධු වූ මහායශස් ඇති වාදීන් කෙරෙහි උතුම් වූ නමින් කස්සප නම් බුදුහු උපන් සේක. මම සැවැත්පුරවරයෙහි උවසුකුලයෙක උපන්මු. ඒ ජිනවරයන් දැක දේශනාව ද අසා – ඒ වීරයන් සරණ ගොස් සිල් ද සමාදන් වීමි, කිසිකලෙක ඒ නරාසභ වූ මහාවීරයන් වහන්සේ මහාජන සමාගමයෙහි තමන් වහන්සේගේ අභිසම්බෝධිය ප්‍රකාශ කළ සේක: “දුක්ඛා දි වූ පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි – නුවණැස ද ඥානය ද ප්‍රඥාව ද මාගේ විද්‍යාලෝකය ද වී” යයි ඒ අසා ඉගෙන යළි භික්‍ෂූන් විචාළමු………

රහත් තෙරණින් වහන්සේලා වදාළ ගාථාවන් | ථේරි ගාථා

“මන්තාවතී නගරේ, කොඤ්ච රජ්ජුරුවන්ගේ අගමෙහෙසියට දුවක් හිටියා. එයා ගෙ නම සුමේධා. එයා බුද්ධ ශාසනය ගැන ගොඩක් පැහැදිලා හිටියේ.

ඇත්තෙන් ම එයා සිල්වත්. ලස්සනට කතා කරන්න දන්නවා. ඒ වගේ ම බහුශ්‍රැත යි. බුදු සසුනේ හික්මිලා ඉන්නෙ. ඉතින් එයා දෙමාපියන් ළඟට ගිහින් මෙහෙම කීවා. “ඔයාල දෙන්න ම මං කියන දේ අහන්න.”

“මං කැමති නිවනට විතර යි. දෙව් ලොව ඉපදුණත් ඒ භවය ස්ථීර නෑ. මිනිස් ලෝකෙ කාම සම්පත් ගැන කතා කරන්න දෙයක් නෑ. ඒවා තුච්ඡ යි. පුංචි ආශ්වාදයක් තියෙන්නෙ. ආදීනව ම යි වැඩි.”……

– සුමේධා තෙරණින් වහන්සේගේ ගථා –