ගුණ පුරනා සසර
(ජාතක කතා)
කුස මහරජු යොදුන් සියයක් දුර ගෙවා සවස් වෙද්දී මධුරට සාගල නුවරට පැමිණියේය. රාජාභරණ රාජ සළුපිළිවලින් තොරව, සාමාන්‍ය වස්ත්‍රයකින් සැරසී සිටින කුස මහරජුන්ව කිසිවෙකුත් හැඳින්නේ නැත. එදා රාත්‍රියේදි ඇත් හලට ගොස් ඇත් ගොව්වන්ගෙන් අවසර ගෙන එහි නතර විය. තමාගේ වීණාව අතට ගෙන මෙසේ අදිෂ්ඨාන කළේය.
“සියළු සාගල නුවර වාසීහු මාගේ වීණා වාදනය අසත්වා”………
වෙසතුරු නිරිඳුන් මසකට සය වතාවක් තමාගේ දන් හල් බලන්ට යන්නේය. ඔහු එයින් මහත් සතුටක් ලැබීය. තමන් ඉපදුනු වහා මෑණියන්ගෙන් දන් දීමට යමක් ඇද්දැයි ඇසූබව රජ ගෙදර ජනයා සිහිපත් කරද්දී හේ තව තවත් දානයටම සිය සිත යොමු කලේය. සත් හැවිරිදි වියෙහි සිටි තමන් සයනය මත පළඟක් බැඳ වාඩි වී ‘අද මාගේ හෘදය හෝ දෙඇස හෝ මාංශය හෝ කිසිවෙකු අයැද සිටින්නේනම් යෙහෙකැයි’යි සිතද්දී ධරණි තොමෝ ගුගුරා ගියයුරු හේ හොඳින්ම දනී ……….
එක් කාලයක, හිමාල පර්වත රාජයාගේ සීතල හදවත බඳු ‘ඡද්දන්ත’ නම් විල් තෙර අහස් ගමන් ඇති මහා ඉර්ධිමත් ඇතුන් අටදහසක් වාසය කළා. ඔවුන් හැමට නායකයා වුනේ අප මහ බෝසත් ‘ඡද්දන්ත’ නම් ඇත් රජුයි. දිගින් යොදුන් සියයකුත් උසින් රියන් අසූඅටකුත් වූ අපගේ බෝසත් ඇත් රජුගේ ශරීරය මුළුමනින්ම සුදු පැහැයෙන් බැබළුනා. ඇත් මුව රතු පැහැයෙනුත් රියන් 58ක් දිග සොඬය රිදී පාටිනුත් බැබළුනා. රියන් 15ක වට ප්‍රමාණයෙන් යුත් දළ යුවල තිස් රියනක් දිගට වැඩී තිබුනා. ඒ දල යුගලයන්ගෙන් සවනක් රැස් විහිදුනා. මෙසේ අතිශයින්ම තේජාන්විත මහානුභාවසම්පන්න ඡද්දන්ත ඇත් රජු චූල සුභද්‍රා සහ මහාසුභද්‍රා නම් අගමෙහෙසි ඇතින්නියන් දෙදෙනෙකුගේ උපස්ථාන ලබමින් අටදහසක් ඇතුන්ට අනුශාසනා කරමින් වැඩ සිටියා……..
එකල අප මහ බෝසතාණන් වහන්සේ දුගී නිවසක උපන්හ. බරණැස් නුවර වාසය කල හේ දිනක් පාන්දරින්ම කුලී වැඩක් සොයා යනු පිණිස විදීයට බැස්සේය. දහවල ආහාරය සඳහා වෙළඳ වීදියෙන් පිට්ටු කෑලි සතරක් මිලට ගෙන කිලිටි රෙදි කැබැල්ලක ඔතා ඉනෙහි රුවා ගත්තේය. ඒ මොහොතේම පසේ බුදු රජාණන් වහන්සේලා සතර නමක් පිඬු පිණිස ඒ වීදියේම වැඩම කරමින් සිටියහ. අපගේ බෝසතාණන් වහන්සේ මද දුරක් ගමන් කොට හිස ඔසවා බලද්දී ඈතින් වඩිනා පසේ බුදු රජාණන් වහන්සේලාගේ ඡායාව දක්නා ලදී. හේ සතුටින් ඉහවහ ගියේය. වහා දිව ගොස් බිම වැතිරී පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දනා කලේය. හේ මෙසේ කීය,…….
බරණැස් නුවර එක්තරා මහාසාර බමුණු කුලයෙක රන් රුවක් සදිසි පුතෙක් උපන. ඒ අප මහ බෝසතාණෝ ය. වයසින් වැඩෙත්ම හේ උගතමනා සියළු ශිල්පයන් පරප්රාප්ත සොඳුරු රුවින් හොබනා අපූරු යොවුන් තරුණයෙක් වී.
මාපියෝ සිය තරුණ පුතු දෙස බලමින් බොහෝ සතුටු වූහ. පුත්‍රයා හා සමාන රුව-ගුණ සම්පතින් අනූන යොවුන් දියණියක් ඔවුහු තම පුතුහට සෙවූහ. නමුත් ඒ පුතුගේ කැමැත්තෙන් නම් නොවේ. හේ කෙතරම් රූපවත් වුවත්, කෙතරම් දක්ෂ වුවත් ගිහි දිවිය යනු ඔහු අකමැතිම දෙයයි. පුත්‍රදාරාවන් නඩත්තු කරමින් කම් සුව විඳීම හේ ප්‍රකෘතියෙනුත් සිහිනෙනුත් එක ලෙස ප්‍රතික්ෂේප කළේය. දෙමාපියන්ගේ ඇවෑමෙන් තවුස් දිවියක් ගතකරනුවස් වනගත වීමට හේ වඩාත් ඇළුම් කළේ ය. අපේක්ෂා කළේ ය. ඒ වෙනුවෙන්ම කල්යල් බලා සිටියේ ය…….
එකල බරණැස් නුවර අසූකෙලක් ධනය ඇති සිටු කුලයෙකැ අප මහ බෝසතාණෝ පිළිසිඳ ගත් හ. උපන් මොහොතේ ‘විසයිහ’ නමින් නම් ලත් හේ මනාව වැඩී ‘විසයිහ මහ සිටුහු’ බවට පත් වූහ. හේ නිති පන්සිල්හි පිහිටා සිටිමින් දානයෙහි ඇලි සිටියේ ය. නුවර වාසල් දොරටු සතරේත්, නගරය මැදත්, තම සිටු මාළිගය ඉදිරි පිටත් මහ දන්හල් කරවා දිනපතා මහ දන් දුන්නේ ය. එක් දන්හලක වියදම දිනකට කහවණු ලක්ෂ සයකි. මෙසේ දිනකට කහවණු ලක්ෂ තිස් හය බැගින් වියදම් කරමින් හේ මහ දන් දුන්නේ ය. සිටු මාළිගයේ යම් ආකාරයෙන් භෝජන පිළියෙල වෙත්ද දන් හලෙත් එසේම ය. එහි වෙනසක් නැත්තේ ය. සෑම දිනකම අනර්ඝ සිටු භෝජනයම දන් හලේ බෙදෙන්නේ ය. සිටුතුමාගේ දාන චේතනාව ඒ ආකාරයෙන්ම වටහාගෙන සිටිනා සිටුබිරිය ද එසේම ය……
පෙර කල කසී රට එක්තරා දිළිඳු ලෝකුරු කර්මාන්තයේ යුක්ත පවුලෙක් විය. එහි එකම පුතු මනරම් රූ ඇත්තේ මනා දැකුම් ඇත්තේ මහා ප්රඥ්ඥාවකින් යුක්ත වූයේ ය. ඊටම නුදුරු තැන සර්ව සම්පූර්ණයෙන්ම ලෝකුරු කර්මාන්තයෙන් යැපෙන ගමෙක් විය. එගම වාසින්ගේ නායක තෙමේ මහා ධනවතෙකි. හේ බරණැස් රජු ඉතාමත් ළඟින් ඇසුරු කළ තැනැත්තෙකි. එනිසාම හේ මහා ධනයෙකින් හා මහා බලයෙකින් යුතු වීය. ඔහුගේ එකම දියණියක් සිටියේ ය. දිව්‍ය ස්ත්‍රියක් හා සම ඕ තම දෙමාපියන්ට, නෑ හිත මිතුරන්ට කළ්‍යාණියක් වූවා ය. ඈත පිටිසර පෙදෙස් වලින් බොහෝ ජනයා කැති උදලු ඈ මෙකි නොකී බොහෝ ලෝකුරු නිශ්පාදන මිල දී ගැනීමට එගම වෙත ආහ. නමුත් ඔවුන් හැම කෙනෙකුගේම මුඛ්‍ය පරමාර්ථය වූයේ අනෙකකි. ඔවුහු සැබවින්ම යට කී කුමාරිය දැකීම පිණිසම ආහ……..
අප මහ බෝසතාණන් වහන්සේ පෙර බරණැස් නුවර ප්‍රධාන දොරටුව සමීපයෙහි එක්තරා කුඹල් පවුලක උපත ලැබුවේ ය. නිසි වයසට එළැඹි හේ විවාපත් ව දියණියක සහ පුතෙකු ලැබුයේ ය. එක්තරා දිනෙක නන්දමූලක පර්වත ප්‍රාන්තයේ වැඩහුන් පසේ බුදුරජාණන් වහන්සේලා සතර නමක් පිණ්ඩපාතය පිණිස බරණැස් නුවර වාසල් දොර සමීපයට වැඩි සේක. අනුක්රමයෙන් පිඬුසිඟා වඩිද්දී, අපගේ බෝසත් කුඹල් කරුගේ නිවෙස වෙත ද වැඩිසේක් එහි ඉදිරිපිට මොහොතක් නතර වී සිටි සේක. ඒ දුටු කුඹල්කරු වහා පැමිණ ඉතා සතුටු සිතින් යුතුව පසේ බුදුරජාණන් වහන්සේලා සිව් නම නිවස තුලට වඩමවා සිය බිරින්දෑ ද සමගින් මනාව සැකසූ ආසනයන්හි පසේ බුදුරජාණන් වහන්සේලා වඩා හිඳුවා මිහිරි දානයන් පූජා කර ගත්තේ ය. දානය වළඳා අවසන් වූ කල බිරිඳ ද සමගින් පසේ බුදු රජාණන් වහන්සේලා අසල බිමින් හිඳ මෙසේ ඇසුවේ ය………
පෙර බරණැස් රජු රාජ්‍ය කරවන කල්හි අප බෝසතාණන් වහන්සේ ඒ රජුගේ පුරෝහිත බමුණානන්ගේ ගෙයි ඉපදුනේ ය. එකල ම රජුගේ අගමෙහෙසිය ද පුත් කුමරකු බිහි කළා ය. කුමරුවන්ට නම් තබනා දිනයේ දී බෝසත් කුමරුවාණන්ට ‘සුසීම’ නමිනුත්, රාජ කුමරුවාණන්ට ‘බ්‍රහ්මදත්ත’ නමිනුත් නම් තබන ලදී. කුමරුවන් දෙදෙනාම එක දිනයේ උපන් නිසා රජතුමා සුසීම කුමාරයාණන් ද රජ ගෙට පමුණුවා කුමාර සම්පත්තියෙන් ඇති දැඩි කළේ ය. නිසි වියට පැමිණි කල දෙදෙනම ඉතා විශිෂ්ඨ රූපයෙන් යුතු දිව්‍ය කුමාර විලාශයෙන් ද දුටුවන් සිත් බැඳගන්නා වර්ණ සම්පත්තියෙන් ද තේජසින් ද යුක්ත වූහ. ශිල්පයන් උගෙන යලි සිය රට බලා පැමිණි කල බ්‍රහ්මදත්ත කුමාරයා හට පියරජු ඇවෑමෙන් බරණැස රජකම ලැබුණු අතර සුසීම කුමරුවාණන් රාජ්‍ය පුරෝහිත ධූරය ද ලැබුණි…….
පෙර ‘සෝචීර’ නම් රට ‘රෝරුව’ නුවර ‘භරත’ නම් රජ විසින් රාජ්‍යය විචාරන ලදී. හේ දස රාජ ධර්මය නොයික්මවා දානය, ප්‍රිය වචනය, අර්ථචර්යා හා සමානාත්මතා යන සතර සංග්‍රහ වස්තූන්ගෙන් යුතුව ජනතාව රකිනා මවක් සේ පියෙක් සේ දිළින්දන්ගේ පටන් මහා මාත්‍යයන් දක්වා සිත් සන්තෝශ කරමින් මහ දන් දෙමින් යෙහෙන් රට පාළනය කළේ ය. ඔහුට ‘සමුද්දවිජයා’ නම් මනා රුවින් යුක්ත ගුණ දහමින් පිරිපුන් ප්‍රිය බිසවක් වි සිටියේ ය. ඕ ඉතා ප්‍රඥාවන්ත වූවා ය. පණ්ඩිත වූවා ය. කළ යුක්ත නොකළ යුක්ත මැනැවින් දන්නී රජුගේ සිතිවිලි වලට අනුව ම ප්‍රිය භානීව සිටියා ය.
එක්තරා දිනක දී ස්වකීය දන්වැට පරීක්ෂා කරමින් සිටි රජතුමා එහි ඉල්ලා ගනු පිණිස පොරකමින් , බත් විසුරුවමින්, ඉතා අසෝභනාකාරයෙන් හැසිරෙන දුගීන්, යාචකාදීන් සහ අන්‍ය වූ තීර්ථක පිරිස් දැක බොහෝ කලකිරුණී. හේ මෙසේ සිතී…..
එක් කලෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපගේ බෝසතාණන් වහන්සේ සඳ කිඳුරෙක් ලෙස හිමාල වනයේ ඉපදී සිටියා. ඔහුගේ කිඳුරු බිරිඳ ‘චන්දා’ සුන්දර කිඳුරියක්. මේ දෙදෙනා හිමාලයේ චන්ද්‍ර-පබ්බත නම් රිදී කන්ද මුදුනේ එක්තරා ප්‍රදේශයක් ඇසුරු කරගෙන වාසය කළා.
ඔය කාලයේ බරණැස් රජු තම අමාත්‍යවරුන්ට රජය භාර දී තනියම කහ වස්ත්‍ර දෙකකින් සැරසී පංචායුධයෙන් සන්නද්ධව හිමාලයට ගියා. රිසි රිසි සේ දඩයම් කරමින් මස් පුච්චා කමින් ජීවත් වීමේ උවමනාවට රාජ්‍ය අතහැරිය මේ රජතුමා දිනක්…..
අතීතයෙහි වේදේහ රට මිථිලා නුවර මහාජනක නම් රජෙක් රාජ්‍ය කළේ ය. ඔහුට අරිට්ඨ ජනක හා පෝළජනක යැයි පුතුන් දෙදෙනෙක් වූහ. රජතුමා දෙටු පුතුට යුවරජ තනතුර ද කනිටු පුතුට සේනාපති තනතුර ද පිරිනැමීය. පසුකලෙක මහාජනක රජු කළුරිය කළ කල්හි අරිට්ඨ ජනක කුමාරයා රජ වී මළනුවන්ට යුවරජ තනතුර දුන්නේ ය. රජුගේ එක් පාදමූලිකයෙක් (රජු සමග ගමන් යන සේවකයෙක්) රජු වෙත පැමිණ ‘යුවරජු ඔබ නැසීමට සිතන්නේ යැ’ යි ගතු කීවේ ය. ඔහු එසේ නිතර නිතර කියන කල්හි පෝළජනක කුමාරයා කෙරෙහි බිඳුන සිත් ඇත්තේ, පෝළ ජනක කුමාරයා සැකිල්ලකින් බැඳ රජගෙයි අසල එක් ගෙයක සිරකොට රැකවල් ලැවූහ…..
අතීතයෙහි කසීරට සුරුන්ධන නගරයෙහි කසී රජු රාජ්‍යය කරවී ය. ඔහුට පුතෙක් නොවී ය. දුවක ද නොවූවා ය. ඔහු සිය දේවියට පුතුන් පතවයි කීවේය. අගමෙහෙසිය ද රජුගේ වචනය පිළිගෙන එසේ කළේ ය. එකල්හි බෝධිසත්වයෝ බඹලොවින් චුත වී ඒ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේ ය. ඉක්බිති මහජනයාගේ සිත් වඩමින් උපන් බැවින් ‘උදයභද්ද’ යයි නම් කළාහු ය. කුමාරයා පයින් ඇවිදින කල්හි අන් සත්ත්වයෙකු ද බඹලොවින් චුත වී ඒ රජුගේ ම අන් දේවියකගේ කුසෙහි කුමාරියක වී උපන්නා ය. ඇයට ‘උදයභද්දා’ යයි නම් කළාහු ය…….
අතීතයෙහි බරණැස් නුවර දසරථ නම් මහරජ අගතිගාමී බව අත්හැර දැහැමිව රාජ්‍යය කරවී ය. ඔහුගේ සොළොස් දහසක් ස්ත්රීන්ට ප්‍රධාන වූ අගමෙහෙසිය, පුතුන් දෙදෙනෙකු ද එක් දුවක් ද වැදුවා ය. වැඩිමහල් පුතා ‘රාම පණ්ඩිතය’ නම් වීය. දෙවැන්නා ‘ලක්ඛණ කුමාරයා’ නම් වීය. දුව ‘සීතා දේවී’ නම් විය. මෑත කාලයේ අගමෙහෙසිය කළුරිය කළා ය. රජු ඇය කළුරිය කළ කල්හි බොහෝ කලක් ශෝකයෙන් පීඩිතව සිටින කළ, අමාත්‍යයන් විසින් සිහි උපද්දවන ලද්දේ, ඇයට කළ යුතු අවසන් කටයුතු කොට අන් තැනැත්තියක් අග්‍රමහේෂී තනතුරෙහි තැබී ය. ඇය රජුට ප්‍රිය වූවා ය. සිත් ගත්තී ය. ඇය ද මෑත කාලයෙහි ගැබ්ගෙන…….
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසී රට එක් නියම් ගමක පොහොසත් වූ මහත් ධනය ඇති මහත් සම්පත් ඇති පුතුන් නැති එක් බ්‍රාහ්මණයෙක් විසී ය. ඔහුගේ බැමිණිය පුතකු පැතුවා ය. එකල්හි බෝධිසත්වයෝ බ්‍රහ්මලෝකයෙන් චුතවී ඒ බැමිණියගේ කුසෙහි උපන්නෝ ය. නම් තබන දවස්හි ඔහුට ‘බෝධි කුමාරයා’ යයි නම් කළහ. ඔහු වයසට පත් කල්හි තක්ෂිලාවට ගොස් සියළු ශිල්පයන් ඉගෙන පෙරලා පැමණි ඔහුට, ඔහුගේ නොකැමැත්තෙන් ම මව්පියෝ සමාන කුලයකින් කුමාරිකාවක ගෙන ආවාහු ය. ඇය ද බඹ ලොවින් චුත වූවා ම උතුම් රූපයක් දරන්නී දෙව් අප්සරාවක හා සමාන වූවා ය……..
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බරණැසට නුදුරෙහි ගමක ගහපති කුලයෙහි උපන්හ. ඉක්බිති වැඩිවියට පත් ඔහුට බරණැසින් කුලදුවක ගෙනාහ. ඈ ප්‍රිය මනාප ය. මනා රූ ඇත්තී ය. දැකුම්කලු ය. දිව්‍ය අප්සරාවක වැනි ය. නැලවෙන මල්වැලක් වැනි ය. මත් කිඳුරියක් වැනි ය. නමින් සුජාතා නම් විය. පතිවත රකින්නී ය. මනා පැවතුම් ඇත්තී ය. වත් පිළිවෙත් රකින්නී ය. හැමවිටම ස්වාමියාගේ වත්, නැන්දා මාමාගේ වත් නොපිරිහෙළා ඉටු කරන ලද්දී ය. ඈ බෝසතාණන් වහන්සේට ඉතා ප්‍රියමනාප වූවා ය. මේ අන්දමින් දෙදෙනා සතුටු වෙමින් සමාන සිත් ඇතිව සමගියෙන් වාසය කළාහු ය. ඉක්බිති එක්දිනක් සුජාතාව……..
අතීතයෙහි අඟුරට අඟු රජු ද මගධ රට මගධ රජු ද රාජ්‍යය කරවන කල්හි අඟු-මගධ රටවල් අතර චම්පා නම් නදියක් වීය. එහි නාග භවනයක් වීය. චම්පෙය්‍ය නම් නාරජු එහි රාජ්‍යය කරවී ය. කිසියම් දිනක මගධ රජු අඟු රට රජු සමග යුද්ධ කර යුද්ධයෙහි දී පරාජය වූයේ අසෙකු පිට නැගී පලා යන්නේ, අඟු රට රජුගේ යෝධයන් විසින් ලුහුබඳනා ලදුයේ දියෙන් පිරුණු චම්පා නදියට පැමිණ “අනිකෙකු අතෙහි මරණයට වඩා නදියට පිවිස මරණය උතුම්ය” යි සිතා අශ්වයා සමගම නදියට බැස්සේ ය………
අතීතයෙහි මිථිලා නුවර වේදේහ නම් රජු රාජ්‍යය කරන කල්හි ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ පණ්ඩිතයෝ සතර දෙනෙක් වූහ. සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද යන සතර දෙනා ය. එකල්හි රජතෙමේ බෝධිසත්ත්වයන් පිළිසිඳ ගන්නා දිනයේ උදෑසන මෙබඳු සිහිනයක් දුටුවේ ය.
‘රජගෙදර මිදුලෙහි සිව් කොණෙහි ගිනිකඳු සතරක් මහා ප්රාකාරයක ප්‍රමාණයෙන් පැන නැගී දිළිසෙයි. එහි මැද …….
යටගිය දවස බරණැස් නුවර පුෂ්පවතී නම් රාජ්‍යක් විය. එනුවර ‘වසවර්ති’ නම් රජුගේ පුත් වූ ‘ඒකරාජ’ නම් රජු රාජ්‍ය විචාරන්නේ ය. ඔහු පුත් ‘චන්ද කුමාරයා’ උපරජ තනතුර දැරීය. ‘ඛණ්ඩහාල’ නම් බමුණා පුරෝහිත විය. හෙතෙම රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ ය. රජතුමා ඔහු පණ්ඩිතයෙකැ’ යි සිතා අධිකරණ කටයුතු සඳහා යෙදවී ය. ඒ ඛණ්ඩහාල නම් පුරෝහිතයා අත්ලස් ධනය කොට සලකා අත්ලස් ගෙන හිමියන් අහිමියන් කෙරෙයි. අහිමියන් හිමියන් කෙරෙයි …….