විමානවත්ථු

ඛුද්දක නිකාය

පළවෙනි පීඨ විමානය

පළවෙනි පීඨ විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පින්වත් දෙව්දුව, ඔබ පැළඳගෙන ඉන්න ඔය දිව්‍ය සළුපිළි, දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයත් හරිම උදාරයි. රත්තරනින් කළ එකක්. ඔබ කැමැති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වගේ.

ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

 (පින්වත් ස්වාමීන් වහන්ස,) මං ඒ කාලෙ මිනිස් ලෝකෙ හිටියේ. එදා ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. මං උන්වහන්සේට වැඩසිටින්න ආසනයක් පිළියෙල කළා. වන්දනා කළා. නමස්කාර කළා. මට පුළුවන් හැටියට දානයත් පූජා කරගත්තා.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි.

මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

දෙවෙනි පීඨ විමානය

දෙවෙනි පීඨ විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පින්වත් දෙව්දුව, ඔබ පැළඳගෙන ඉන්න ඔය දිව්‍ය සළුපිළි, දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයත් හරිම උදාරයි. වෛරෝඩි මාණික්‍යයෙන් කළ එකක්. ඔබ කැමැති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වගේ.

ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?

මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

(පින්වත් ස්වාමීන් වහන්ස,) මං ඒ කාලෙ මිනිස් ලෝකෙ හිටියේ. එදා ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. මං උන්වහන්සේට වැඩසිටින්න ආසනයක් පිළියෙල කළා. වන්දනා කළා. නමස්කාර කළා. මට පුළුවන් හැටියට දානයත් පූජා කරගත්තා.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

තුන්වෙනි පීඨ විමානය

තුන්වෙනි පීඨ විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පින්වත් දෙව්දුව, ඔබ පැළඳගෙන ඉන්න ඔය දිව්‍ය සළුපිළි, දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයත් හරිම උදාරයි. රත්තරනින් කළ එකක්. ඔබ කැමැති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වගේ.ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබැලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

(පින්වත් ස්වාමීන් වහන්ස,) මං කලින් ජීවිතයක කරගත්තු යම්කිසි පිනක් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ආනුභාවයකින් මාව දිළිසෙන්නේ. කලින් මනුස්ස ජීවිතයේදී මං කරගත්තේ ඉතා පොඩි පිනක්.

මට භික්ෂූන් වහන්සේ නමක් දැකගන්න ලැබුනා. උන්වහන්සේ කිසි කැළඹීමක් නැති භික්ෂුවක්. පුදුමාකාර ශාන්තභාවයක් තිබුනේ. කෙලෙස් රහිත සිත් ඇති කෙනෙක්. මගේ සිත ගොඩාක් පැහැදුනා. මගේ දෑතින්ම උන්වහන්සේට වැඩසිටින්නට මං පුටුවක් දුන්නා.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

හතරවෙනි පීඨ විමානය

හතරවෙනි පීඨ විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පින්වත් දෙව්දුව, ඔබ පැළඳගෙන ඉන්න ඔය දිව්‍ය සළුපිළි, දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයත් හරිම උදාරයි. වෛරෝඩි මාණික්‍යයෙන් කළ එකක්. ඔබ කැමැති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

(පින්වත් ස්වාමීන් වහන්ස,) මං කලින් ජීවිතයක කරගත්තු යම්කිසි පිනක් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ආනුභාවයකින් මාව දිළිසෙන්නේ. කලින් මනුස්ස ජීවිතයේදී මං කරගත්තේ ඉතා පොඩි පිනක්.

මට භික්ෂූන් වහන්සේ නමක් දැකගන්න ලැබුනා. උන්වහන්සේ කිසි කැළඹීමක් නැති භික්ෂුවක්. පුදුමාකාර ශාන්තභාවයක් තිබුනේ. කෙලෙස් රහිත සිත් ඇති කෙනෙක්. මගේ සිත ගොඩාක් පැහැදුනා. මගේ දෑතින්ම උන්වහන්සේට වැඩසිටින්නට මං පුටුවක් දුන්නා.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

 

කුඤ්ජර විමානය

කුඤ්ජර විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පින්වත් දෙව්දුව, ඔබේ මේ ඇත් වාහනය උත්තම එකක්. නොයෙක් මැණික්වලින් මේ ඇතාව සරසලයි තියෙන්නේ. හරිම සිත්කලුයි. ශක්ති සම්පන්නයි. වේගවත් ගමනක් තියෙන්නේ. අහසින් ගමන් කරන්නේ.

පින්වත් දෙව්දුව, ඔබේ ඇස් පවා නෙළුම් පෙති වගේ. මේ ඇතා බබලන්නෙත් නෙළුම්, මහනෙල් පාටිනුයි. නෙළුම් රේණුවලින් මේ ඇතාගේ ඇඟ වැහෙනකම්ම සැරසිලා තියෙනවා. රනින් කළ නෙළුම් මල් මාලාවන් මේ ඇතා පැළඳගෙන ඉන්නවා.මේ ඇතා ගමන් කරන්නේ නෙළුම් පිරුණු මාවතක. ඒ නෙළුම් පත්වලින් මේ මාවත බබලනවා. සුන්දර විදිහට මේ ඇතා පා තබමින් යන හැටි හරිම අපූරුයි. ඒ ඇත් වාහනය ගමන් කරද්දී මිහිරි නාදය පැතිරෙනවා. රනින් කළ සීනුවලිනුයි ඒ නාදය පැතිරෙන්නේ. පංචාංගික තූර්ය නාදය වගේම එය සුන්දරයි.

මේ ඇත් රජාගේ පිට උඩ ඉන්න ඔබ දිව්‍ය සළුපිළිවලින් ලස්සනට සැරසිලයි ඉන්නේ. ඔබව පිරිවරාගත් අනෙක් දිව්‍ය අප්සරාවන්ටත් වඩා සුන්දරත්වයෙන් බබලන්නේ ඔබමයි.

ඔබේ මේ පුණ්‍ය විපාකය ලැබුවේ දානයක් පූජා කරලාද? එහෙම නැත්නම් උතුම් සීලයක් රැකලාද? එහෙමත් නැත්නම් ඇඳිලි බැඳ වන්දනා කොට රැස් කළ පිනක්ද? මේ අහන කරුණට පිළිතුරු දෙනු මැනැව.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

මං සත්පුරුෂයන් වහන්සේ නමක් දැක්කා. උන්වහන්සේ ගුණ සම්පන්නයි. ධ්‍යාන වඩනවා. ධ්‍යානයෙහි ඇලී වසනවා. ඉතින් මං ලස්සනට මල් අතුරලා අලුත් පිරුවටයකින් සරසලා ආසනයක් පිළියෙල කරලා උන්වහන්සේට පූජා කළා.

ඒ ආසනය වටේ බිම ලස්සනට නෙළුම් මල් මාලාවන් තැන්පත් කළා. නෙළුම් මල් පෙති ලස්සනට විසිරුවා දැම්මෙත් මේ අත්වලින්මයි.

ඒ කුසල කර්මයේ විපාක වශයෙන් තමයි මෙවැනි සම්පතක් ලැබුනේ. දැන් දෙවිවරු මට සත්කාර කරනවා. ගෞරව කරනවා. පුදනවා.

ඇත්තෙන්ම යම්තාක් අවබෝධයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වුන ශාන්ත ජීවිත ඇති බ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි සිත පහදවා ගන්නවා නම්, ආසනයක් පූජා කරගන්නවා නම්, එබඳු කෙනෙකුට මට වගේම දිව්‍ය සම්පත් ලබාගෙන සතුටු වෙන්න පුළුවනි.

අන්න ඒ නිසා තමන්ගේ යහපත කැමැති පුණ්‍ය විපාක ලබන්න මහත් ආශා ඇති කෙනා අන්තිම දේහ දරා වැඩසිටින ඒ රහතන් වහන්සේලාට ආසනයක්මයි පූජා කරගන්න ඕන.

පළමුවෙනි නාවා විමානය

පළමුවෙනි නාවා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පින්වත් දෙව්දුව, රත්තරනින් නිම කළ ලස්සන වහලක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්‍ය වූ නෙළුම් මල් පිපුණ පොකුණට බැහැලා අතින් නෙළුම් නෙලමින් නේද ඉන්නේ? ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ?  සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

කලින් ජීවිතයේ මං හිටියේ මනුස්ස දුවක් වෙලා. එදා මං පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිල හිටිය ස්වාමීන් වහන්සේලා කිහිපනමක් දැක්කා. මං ඉක්මනට නැගිටලා උන්වහන්සේලාට වළඳන්න පැන් ටිකක් පූජා කරගත්තා.

ඉතින් කවුරු හරි කෙනෙක් පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිලා ඉන්න කෙනෙකුට ඉක්මනින්ම වළඳන්න පැන් ටිකක් දුන්නොත් ඒ කෙනාට සීතල දියදහර පිරී ගිය, ලස්සන මල් ගොඩාක් පිරුණ සුදු නෙලුම් පිපිලා තිබෙන ගංගාවන් පහළ වෙනවා. එතකොට ඒ දිව්‍ය විමානය වටකරගෙන ලස්සන සුදු වැලි තලාව හැදෙනවා. ඒ මතින් තමයි සිහිල් දිය දහරා ඇති ලස්සන ගංගාවන් හැම තිස්සේම ගලාගෙන බසින්නේ.

ඉතින් ඒ හැමතැනම මල් පිපුණු අඹ ගස් තියෙනවා. සල් ගස් තියෙනවා. තිලක ගස් තියෙනවා. දඹ ගස් තියෙනවා. ඇහැල ගස් තියෙනවා. පලොල් ගස් තියෙනවා.එවැනි බිම් පෙදෙස්වල තමයි දිව්‍ය විමාන පහළ වෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨ දිව්‍ය විමාන පුදුම විදිහේ සුන්දරත්වයෙන් යුක්තයි.

ඉතින් ස්වාමීනී, එදා මා කළ ඒ පින්කමින් තමයි මේ විපාකය ලැබුනේ. පින්කළ අයට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ.ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

දෙවෙනි නාවා විමානය

දෙවෙනි නාවා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පින්වත් දෙව්දුව, රත්තරනින් නිම කළ ලස්සන වහලක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්‍ය වූ නෙළුම් මල් පිපුණ පොකුණට බැහැලා අතින් නෙළුම් නෙලමින් නේද ඉන්නේ? ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

ඒ කලින් ජීවිතයේ මං හිටියේ මනුස්ස දුවක් වෙලා. එදා මං පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිල හිටිය ස්වාමීන් වහන්සේ නමක් දැක්කා. මං ඉක්මනට නැගිටලා උන්වහන්සේට වළඳන්න පැන් ටිකක් පූජා කරගත්තා.

ඉතින් කවුරු හරි කෙනෙක් පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිලා ඉන්න කෙනෙකුට ඉක්මනින්ම වළඳන්න පැන් ටිකක් දුන්නොත් ඒ කෙනාට සීතල දියදහර පිරී ගිය, ලස්සන මල් පිරුණ සුදු නෙලුම් පිපිලා තිබෙන ගංගාවන් පහළ වෙනවා. එතකොට ඒ දිව්‍ය විමානය වටකරගෙන ලස්සන සුදු වැලි තලාව හැදෙනවා. ඒ මතින් තමයි සිහිල් දිය දහරා ඇති ලස්සන ගංගාවන් හැම තිස්සේම ගලාගෙන බසින්නේ.

ඉතින් ඒ හැමතැනම මල් පිපුණු අඹ ගස් තියෙනවා. සල් ගස් තියෙනවා. තිලක ගස් තියෙනවා. දඹ ගස් තියෙනවා. ඇහැල ගස් තියෙනවා. පලොල් ගස් තියෙනවා. එවැනි බිම් පෙදෙස්වල තමයි දිව්‍ය විමාන පහළ වෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨ දිව්‍ය විමාන පුදුම විදිහේ සුන්දරත්වයෙන් යුක්තයි.

ඉතින් ස්වාමීනී, එදා මා කළ ඒ පින්කමින් තමයි මේ විපාකය ලැබුනේ. පින්කළ අයට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ.ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

තුන්වෙනි නාවා විමානය

තුන්වෙනි නාවා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, රත්තරනින් නිම කළ ලස්සන වහලක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්‍ය වූ නෙළුම් මල් පිපුණ පොකුණට බැහැලා අතින් නෙළුම් නෙලමින් නේද ඉන්නේ? ඒ ඔබේ දිව්‍ය විමානයේ සුවිශාල මන්දිර තියෙනවා. හරි අපූරුවට කාමර වශයෙන් බෙදලා තියෙනවා. හාත්පස සතර දිග්භාගයේම ඒ විමානය දිළිසෙනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“ඒ කලින් ජීවිතයේ මං හිටියේ මනුස්ස දුවක් වෙලා. එදා මං පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිල හිටිය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් දැක්කා. මං ඉක්මනට නැගිටලා උන්වහන්සේලාට වළඳන්න පැන් ටිකක් පූජා කරගත්තා.

ඉතින් කවුරු හරි කෙනෙක් පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිලා ඉන්න කෙනෙකුට ඉක්මනින්ම වළඳන්න පැන් ටිකක් දුන්නොත් ඒ කෙනාට සීතල දියදහර පිරී ගිය, ලස්සන මල් පිරුන, සුදු නෙලුම් පිපිලා තිබෙන ගංගාවන් පහළ වෙනවා. එතකොට ඒ දිව්‍ය විමානය වටකරගෙන ලස්සන සුදු වැලි තලාව හැදෙනවා. ඒ මතින් තමයි සිහිල් දිය දහරා ඇති ලස්සන ගංගාවන් හැම තිස්සේම ගලාගෙන බසින්නේ.

ඉතින් ඒ හැමතැනම මල් පිපුණු අඹ ගස් තියෙනවා. සල් ගස් තියෙනවා. තිලක ගස් තියෙනවා. දඹ ගස් තියෙනවා. ඇහැල ගස් තියෙනවා. පලොල් ගසුත් තියෙනවා. එවැනි බිම් පෙදෙස්වල තමයි දිව්‍ය විමාන පහළ වෙන්නේ. ඒ දිව්‍ය විමාන පුදුම විදිහේ සුන්දරත්වයෙන් යුක්තයි.

ඉතින් ස්වාමීනී, එදා මා කළ ඒ පින්කමින් තමයි මේ විපාකය ලැබුනේ. පින්කළ අයට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ.

ඒ මගේ දිව්‍ය විමානයේ සුවිශාල මන්දිර තියෙනවා. හරි අපූරුවට කාමර බෙදලා තියෙනවා. හාත්පස සතර දිග්භාගයේම ඒ විමානය දිළිසෙනවා.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබළි බැබළී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

දීප විමානය

දීප විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? පින්වත් දෙව්දුව, ඔබේ සිරුරෙන් විහිදෙන එළිය හරිම නිර්මලයි. මොන වගේ පිනකින්ද ඔය තරම් බබලන්නේ? ඔබේ සුන්දර වූ සියලු අඟපසඟින් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලන්නේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

මං ඒ අතීත ජීවිතයේ මිනිස් ලොවේ මනුස්ස දුවක් වෙලයි හිටියේ. මහා ඝන අන්ධකාරයක් තිබුනා. පහන් ආලෝකයක් අවශ්‍යම වෙච්ච වෙලාවක්. ඉතින් මම ඒ පහන් ලබා දුන්නා.

කවුරු හරි කෙනෙක් ඝන අන්ධකාරය පවතින විට පහන් ආලෝකය අත්‍යවශ්‍ය වන ඒ වෙලාවට පහන් පූජා කරනවා නම් අන්න ඒ කෙනාට ජෝතිරස කියන දිව්‍ය විමානයේ උපදින්නට පුළුවනි.

ඒ විමානයේ ගොඩාක් ලස්සන මල්වර්ග තියෙනවා. සුදු නෙළුම් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. ඒ නිසා මගේ සිරුරෙන් විහිදෙන එළිය හරිම නිර්මලයි. ඒ පින නිසාමයි මෙතරම් බබලන්නේ. ඒ පින නිසාමයි මගේ සුන්දර වූ සියලු අඟපසඟින් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලන්නේ.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා

තිලදක්ඛිණා විමානය

තිලදක්ඛිණා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ.ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

ඒ අතීත ජීවිතයේදී මං මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. ඉතින් මට බුදුරජාණන් වහන්සේව දැකගන්නට ලැබුනා. උන්වහන්සේ කැළඹිලා නෑ. අතිශයින්ම ප්‍රසන්නයි. කෙලෙසුන්ගෙන් තොරයි. දන් පැන් ලැබීමට සුදුසු වූ බුදුරජාණන් වහන්සේ ගැන මං පැහැදීමෙන්මයි හිටියේ. දානෙට පූජා කරගන්න මොකවත් තිබුනේ නැතිවුණත් අකමැත්තෙන් නමුත් මං මේ දෑතින් තල දෝතක් පූජා කළා.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

 

පළමු පතිබ්බතා විමානය

පළමු පතිබ්බතා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

මේ විමානය හරිම ලස්සනයි. ලස්සන මල් පිරිලා ඉතිරිලා තියෙනවා. විචිත්‍ර රූප සෝභා ඇති දෙවිවරුන් දිව්‍යාංගනාවන් නිතරම ගැවසෙනවා. කොස්වාලිහිණියන්, දිව්‍ය වූ මොණරුන්, දිව්‍ය හංසයන් පිරිලා ඉන්නවා. කෝකිලයන්ගේ මධුර වූ හඬ හැමතැනම පැතිරෙනවා. පින්වත් දෙව්දුව, ඔබ මහානුභාව සම්පන්නයි. එක එක විදිහේ ස්වරූප ඇති ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වනවා. ඔබව වටකර සිටින ඒ දිව්‍ය අප්සරාවන් නටනවා. ගී ගයනවා. සතුටු කරවනවා. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, ඔබ ඉර්ධිමත් කෙනෙක්. මිනිස් ලෝකෙ ඉන්න කාලෙ මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

 මං අතීත ජීවිතයේදී මිනිස් ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. මං කවදාවත් වෙනත් පුරුෂයෙකුට ඇලුම් කළේ නෑ. පතිව්‍රතාව රැකගත්තා. අම්මා කෙනෙක් දරුවෙකුව රකිනවා වගේ මං මගේ ස්වාමියාව රැකගත්තා. මට කේන්ති ගිය වෙලාවන් තිබුනා. නමුත් මං නපුරු වචනයක් කිව්වේ නෑ. මං ඇත්තමයි කතා කළේ. බොරු කීම දුරුකරලයි හිටියේ. දන් දෙන්න මං හරි කැමැතියි. අනුන්ට සංග්‍රහ කරන ගතිය මා තුළ පිහිටලාම තිබුනා. දන් පැන් පූජා කරන්නේ සිත පහදවා ගෙනමයි. බොහෝම පිළිවෙලට මං මහා දන් දීලා තියෙනවා. 

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

දෙවෙනි පතිබ්බතා විමානය

දෙවෙනි පතිබ්බතා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

මහානුභාව ඇති පින්වත් දෙව්දුව, ඔබේ දිව්‍ය විමානයේ වෛරෝඩි මාණික්‍යවලින් කරපු ලස්සන කැටයම් තියෙනවා. හරිම සිත්කළුයි. ප්‍රභාස්වරයි. ඒ විමානයට නැඟගත් ඔබ සිතූ සිතූ පරිද්දෙන් එක එක විදිහේ ඉර්ධි ප්‍රාතිහාර්යයන් දක්වනවා. ඔබව වටකරගෙන සිටින මේ දිව්‍ය අප්සරාවන් නටනවා. සිංදු කියනවා. සතුටු කරවනවා. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, ඔබ ඉර්ධිමත් කෙනෙක්. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

මං අතීත ජීවිතයේදී මනුස්ස ලෝකෙ මනුස්ස දුවක් වෙලා හිටියා. මං ඒ සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූ උපාසිකාවක් වෙලා හිටියා. මං සතුන් මැරීමෙන් වැළකුනා. ලෝකයෙහි සොරකම කියන දෙය මං දුරු කළා. මං මත්වෙන දේවල් පාවිච්චි කරපු කෙනෙක් නොවෙයි. බොරු කියපු කෙනෙකුත් නොවෙයි. මං සතුටු වුනේ මගේ ස්වාමියත් එක්ක විතරයි. මං දන් පැන් පූජා කරන්නේ පහන් සිතින්මයි. පිළිවෙලකට මහා දාන මං දීලා තියෙනවා.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

සුණිසා විමානය

සුණිසා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගෙයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

ඒ අතීත ජීවිතයේදී මං මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් වෙලා මාමණ්ඩියගේ ගෙදර ලේලිය හැටියටයි හිටියේ. ඉතින් මට ස්වාමීන් වහන්සේ නමක් දැකගන්න ලැබුනා. උන්වහන්සේ කැළඹිලා නෑ. අතිශයින්ම ප්‍රසන්නයි. කෙලෙසුන්ගෙන් තොරයි. මං උන්වහන්සේ ගැන ගොඩාක් පැහැදුනා. මගේ අතින්ම කැවුමක් පූජා කරගත්තා. මං මේ නන්දන වනයෙහි සතුටු වෙවී ඉන්නෙ මට ලැබුන කොටසින් භාගයක් පූජා කරලයි.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

දෙවෙනි සුණිසා විමානය

දෙවෙනි සුණිසා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගෙයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

 ඒ අතීත ජීවිතයේදී මං මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් වෙලා මාමණ්ඩියගේ ගෙදර ලේලිය හැටියටයි හිටියේ. ඉතින් මට ස්වාමීන් වහන්සේ නමක් දැකගන්න ලැබුනා. උන්වහන්සේ කැළඹිලා නෑ. අතිශයින්ම ප්‍රසන්නයි. කෙලෙසුන්ගෙන් තොරයි. මං උන්වහන්සේ ගැන ගොඩාක් පැහැදුනා. මගේ අතින්ම පැණි පිට්ටුවක් පූජා කරගත්තා.

මං මේ නන්දන වනයෙහි සතුටු වෙවී ඉන්නෙ පැණිපිට්ටුවෙන් භාගයක් පූජා කරලයි. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

උත්තරා විමානය

උත්තරා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගෙයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

මං ගිහි ජීවිතය ගත කළේ. නමුත් කාටවත් ඉරිසියා කළේ නෑ. මා සතු දෙයින් තව කෙනෙක් සැප විඳිනවාට ඇති අකමැත්ත කියන මසුරුකම මා තුළ තිබුනේ නෑ. මං ඒකට එක කළෙත් නෑ.

මං ස්වාමියාට කීකරුව හිටියේ ක්‍රෝධ නැති සිතින්මයි.

මං අප්‍රමාදීව, ඒ කියන්නේ හැමදෙයටම වඩා මුල් තැන දුන්නේ නිතරම උපෝසථ සිල් රකින්නමයි.

චාතුද්දසී දවසට, පුන්පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන්වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසථ සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුනා. ඉඳුරන් සංවර කරගත්තා.

කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ.

සතුන් මැරීමෙන් වැළකුනා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි.

චතුරාර්ය සත්‍යය ධර්මය තේරුම්ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුනා. ඒ නිසාමයි පැතුරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුනේ.

ඉතින් ඒ මම මගේ සීලය නිසා, යසස නිසා වඩ වඩාත් කීර්තිමත් වුනා. මං මේ අනුභව කරන්නේ මගේ පිනමයි.

ලෙඩක් දුකක් නැතුව සැපසේමයි දැන් මං ඉන්නේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ වචනයෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල් සිරසින් වන්දනා කළ මැනැව. ස්වාමීනී, උත්තරා නම් වූ උපාසිකාව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල් වන්දනා කරන්නී කියා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා පිළිබඳව යම්කිසි මාර්ගඵලයක් වදාළ සේක් නම් ඒ ගැන මං පුදුම වෙන්නේ නෑ. ස්වාමීනී, මං සකදාගාමී ඵලයට පත් වූ බව භාග්‍යවතුන් වහන්සේ මට වදාළා.

සිරිමා විමානය

සිරිමා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබේ අශ්වරථය හරිම ලස්සනයි. ඒ අශ්වයන්වත් දිව්‍යමය ආභරණවලින් ලස්සනට සරසලා තියෙන්නේ. ඒ අශ්වයන් මුහුණ පහළට හරවාගෙනයි ඉන්නේ. අහසින් යන්නේ. හරි බලවන්තයි. වේගවත් ගමන් තියෙනවා. ඔබේ පිනෙන් නේද ඔය අශ්වරථ පන්සියයම පහළ වුනේ?

රියැදුරෙක් හොඳින් මෙහෙයවන අශ්වයන් වගේ මේ අසුන් ඔබේ සිතැඟි අනුවයි යන්නේ. ලස්සන දිව්‍ය ආභරණවලින් සැරසිලා උතුම් දිව්‍යරථයේ ඔබ වාඩිවී සිටිද්දී බබලන්නේ සුන්දර ගිනිසිළුවක් වගේ. මහා එළිය දෙන දෙයක් වගේ. අලාමක පෙනුම ඇති උතුම් දිව්‍ය කායක් දරා සිටින තැනැත්තී, බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට ඔබ ආවේ කවර නම් දිව්‍ය ලෝකයකින්ද?”

ඒ දිව්‍යලෝකය කාම සැපයෙන් අග්‍ර තැනක්. අනුත්තර වූ දෙව්ලොවක්. එහි දෙවිවරුන් තමන් කැමති කැමති දිව්‍ය සැප මවා ගනිමින් එහි ඇලෙමින් සතුටු වෙනවා. මං දිව්‍ය අප්සරාවක්. මං ඉන්නෙත් මා කැමැති දිව්‍ය රූප මවාගෙනයි. මං ඒ ලෝකයේ ඉඳලයි බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න මෙහි පැමිණුනේ.”

” පින්වත් දෙව්දුව, ඔබ අතීතයේදී මොනවගේ සුචරිතයකද හැසිරුනේ? අප්‍රමාණ කීර්තිය ඇති සැපසේ ජීවත් වෙන ඔබ මේ සැප ලැබුවේ මොන වගේ පිනකින්ද? ඔබ ඉර්ධිමත්. ඔබ උතුම්. ඔබ අහසින් යනවා. ඔබේ ආලෝකයෙන් දසදිශාවම එළිය කරනවා. පින්වත් දෙව්දුව, ඔබව දෙවිවරුන් පිරිවරාගෙන ඉන්නවා. සත්කාර කරනවා. ඔබ මේ සුගතියෙහි ඉපදුනේ කවර ලොවකින් චුත වෙලාද? ඔබ කවර ශාස්තෘවරයෙකුගේ ධර්මය අනුගමනය කරන කෙනෙක්ද? යම් හෙයකින් ඔබ බුද්ධශ්‍රාවිකාවක් නම් එය මා හට පවසනු මැනැව.”

” පංච පර්වතයන් අතරයි ඒ උතුම් නගරය ලස්සනට මවලා තිබුනේ. ඒ ශ්‍රීමත් වූ බිම්සර රජාණන්ගේ මහේසිකාවක් වෙලා මං හිටියා. ඒ කාලේ මං ලස්සනට නටනවා. සිංදුත් කියනවා. රජගහනුවර කවුරුත් මාව දැනගෙන හිටියේ ‘සිරිමා’ කියලා.

බුදුරජාණන් වහන්සේ මහා ඉසිවරයෙක්. දෙව් මිනිසුන්ව නිවන් මගේ හික්මවන මහා මුනිවරයෙක්. උන්වහන්සේ තමයි මට මේ දුකේ හටගැනීමත්, මේ දුකත්, අනිත්‍යයි කියා වදාළේ. සනාතන වූ අසංඛත වූ දුක්ඛ නිරෝධය වන ඒ අමා නිවනත් මට වදාළා. සුන්දර වූත් ඇද නැති වූත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මට වදාළා. මං ඒ අසංඛත වූ අමාමහ නිවන ගැන, ඒ තථාගත වූ උතුම් බුදුරජුන්ගේ බුදු සසුන ගැන, හොඳින් අසාගත්තා. නරෝත්තම වූ ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මයෙහි මං පිහිටියා. මාත් සිල්වත් වුනා. පුදුම විදිහට මං සංවර වුනා. ඒ නිකෙලෙස් වූ අසංඛත වූ නිවන ගැනත් තථාගත වූ උතුම් බුදුරජුන්ගේ සසුන ගැනත් මං අවබෝධ කරගත්තා. ඒ නිවන් මගෙහි පිහිටලා සමථ භාවනාවෙන් මං සමාධිය ස්පර්ශ කළා. ඒ සමාධියමයි මගේ නිවන් මාර්ගයේ උතුම් නිවන් මග වුනේ.

මං ඒ අතිඋත්තම වූ අමාමහ නිවන අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍යය ධර්මයෙහි අවබෝධයට පැමිණුනා. සැක රහිත වුනා. බොහෝ දෙනෙක් මට පූජා සත්කාර කරනවා. මං අපමණ වූ සැපසම්පත් විඳිමින් දිව්‍ය ක්‍රීඩාවෙහි යෙදෙනවා.

මම ඒ උතුම් වූ තථාගත බුදුරජුන්ගේ ශ්‍රාවිකාවක්. ඒ වගේම ඒ අමා නිවන දකින දෙව්දුවක්. චතුරාර්ය සත්‍යය ධර්මය දැකගත්තු කෙනෙක්. ප්‍රථම ඵලය වන සෝවාන් ඵලයට පත් වූ කෙනෙක්. මට නම් දුගතියක් නෑ. ඒ මම බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්නයි පැමිණුනේ. ඒ භික්ෂූන් වන්සේලාත් දුටුවන් පහදිනවා. කුසලයානය තුළයි ඉන්නේ. ශ්‍රීමත් වූ ධර්මරාජයන් වහන්සේගේ සොඳුරු ශ්‍රමණ සමාගම ගෞරවයෙන් නමස්කර කරන්නයි මං පැමිණුනේ. නරෝත්තම වූ පුරිසදම්මසාරථී වූ තථාගත වූ මුනීන්ද්‍රයන් වහන්සේ දකින කොට නෙත් පිනා යනවා. සිතට හරිම ප්‍රීතියි. උන්වහන්සේ තණ්හාව මුලින්ම සිඳලයි ඉන්නේ. අමා නිවනටයි ඇලුම් කරන්නේ. ලෝකවිනායකයන් වහන්සේ පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මං ඒ තථාගතයන් වහන්සේ වන්දනා කරනවා.”

කේසකාරී විමානය

කේසකාරී විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“මේ දිව්‍ය විමානය හරිම සිත්කළුයි. ප්‍රභාෂ්වරයි. වෛරෝඩි මාණික්‍යවලින් තමයි මේ විමානයේ කණු හැදිලා තියෙන්නේ. සුන්දර නිර්මාණයක්. රනින් කළ වෘක්ෂයන්ගෙන් හැමතැනම සුන්දර වෙලා තියෙනවා. මගේ පුණ්‍ය කර්මයක විපාකයක් හැටියටයි මේ විමානය පහළ වුනේ. කලින්ම මේ විමානයෙහි දිව්‍ය අප්සරාවන් ලක්ෂයක් පමණ පහළ වෙලයි ඉන්නේ. ඒ පිරිවර ඇතිව ඔබත් මෙහි පහළ වුණේ තමන්ගේ පුණ්‍යකර්මයේ ආනුභාවයක්මයි. ඒ කලින් උපන් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඔබ බැබලෙමින් ඉන්නවා.

සුපුන් සඳ රැස්විහිදා බබලනවා. එතකොට තරු එළියෙන් වැඩක් නෑ. ඒ නැකැත් රාජයා වන සඳමයි බබලන්නේ. ඔබත් ඒ වගේමයි. මේ අප්සරාවන් පිරිවරාගෙන දිළිහි දිළිහී යසසින් බබලනවා. පින්වත් දෙව්දුව, ඔබේ දර්ශනය අලාමකයි. මේ විමානයේ ඔබ පහළ වුණේ කවර ලෝකයකින් චුත වෙලාද? තව්තිසා දෙව්ලොව සක්දෙව් පිරිවරාගත් දෙවිවරුන් බ්‍රහ්මරාජයා දිහා එක දිගට බලාගෙන ඉන්නවා. සෑහීමකට පත්වීමක් නෑ. ඒ වගේමයි සියලු දෙනා ඔබ දිහා කොයිතරම් බලාහිටියත් සෑහීමකට පත්වීමක් නෑ.”

” සක් දෙවිඳුනි, දැන් ඔබ මගෙන් ඇසුවේ මේ දෙව්ලොවට මං ආවේ කවර ලෝකයකින් චුතවෙලාද කියලනේ. කසී රට බරණැස කියල නගරයක් තියෙනවා. අන්න ඒ නගරයේ මං කේසකාරිකා නමින් ඉපදිලා හිටියා. බුදුරජාණන් වහන්සේ ගැනත්, ඒ ශ්‍රී සද්ධර්මය ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැනත් මගේ සිතේ ලොකු පැහැදීමක් තිබුණා. ඒ ශ්‍රද්ධාව ස්ථිරසාර එකක්. මං සැක රහිතවයි හිටියේ. නොකඩ කොට සිල්පද රැක්කා. සෝවාන්ඵලයට පත්වෙලයි හිටියේ. මං නියත වශයෙන්ම නිවන අවබෝධ කරන කෙනෙක්.

“බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ ශ්‍රී සද්ධර්මය ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැනත් ඔබේ සිතේ ලොකු පැහැදීමක් තිබෙනවා. ඒ ශ්‍රද්ධාව ස්ථිරසාර එකක්. ඔබ සැක රහිතවයි ඉන්නේ. නොකඩ කොට සිල්පදත් රැකගෙන තියෙනවා. ඔබ සෝවාන් ඵලයට පත්වෙලයි ඉන්නේ. ඔබ නියත වශයෙන්ම නිවන අවබෝධ කරන කෙනෙක්. පින්වත් දෙව්දුව, ධර්මය නිසාත් පිරිවර නිසාත් ඔබ බබලනවා. අපි ඔබේ මේ පැමිණීම සතුටින් පිළිගන්නවා. මෙය ඔබට සුන්දර ආගමනයකි. “

දාසී විමානය

දාසී විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඉන්නෙ මේ සොඳුරු චිත්‍රලතා වනයේ. දිව්‍යාංගනාවන් පිරිවරාගෙන ඉන්නවා. ඕසධී තාරුකාව වගෙයි. හැම දිශාවක්ම බබලවනවා. ඔබ දේවේන්ද්‍ර වූ ශක්‍රයා වගෙයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. “

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

” මං අතීත ජීවිතයේ මිනිස් දුවක් වෙලා හිටියේ. මං ඒ කාලෙ දාසියක්. අනුන්ගේ ගෙවල්වල බැලමෙහෙවරකම් කළා.

සදහම් ඇස් ඇති මහා යශෝරාවයක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් බවට මං පත්වුනා. අටලෝ දහමින් කම්පා නොවන ඒ බුදුරජුන්ගේ ශාසනයෙහිම සසරෙන් නිදහස් වෙන්නයි මට ඕන වුනේ. ඒකාන්තයෙන්ම මේ කය බිඳිල ගියාවේ. මේ ධර්මය අවබෝධ කරගන්න මං ගන්න උත්සාහය ලිහිල් කරගන්නේ නෑ. ලොව්තුරු සැප සලසන සුන්දර වූ නිවනට ඇති මාර්ගය මේ පන්සිල්වලින් යුක්තයි. මේ මාර්ගයේ කෙලෙස් කටුකොහොල් නෑ. කෙලෙස් පඳුරු නෑ. ඍජුයි. බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා විසිනුයි මේ නිවන් මග පෙන්වා දෙන්නේ.

මං ස්ත්‍රියක්. නමුත් යම් මාර්ගයකින් මේ දහම් මාවතේ ගමන් කරනවාද, ඒ මගේ උත්සාහයේ ප්‍රතිඵල ඔබටත් දකින්න පුළුවනි. සියල්ල මැඬලන සක්දෙව් රජිඳුන්ගේ මධුර අල්ලාප සල්ලාපයන්ට මාවත් කැඳවනවා.

මාව සතුටින් පුබුදුවන්න හැට දහසක් තූර්ය භාණ්ඩ වාදනය වෙනවා.

ආලම්බ දිව්‍යපුත්‍රයා, ඒ වගේම ගග්ගර, භීම, සාධුවාදී, සංසය, පොක්ඛර, සුඵස්ස යන දිව්‍යපුත්‍රයන්ද, වීණාමොක්ඛා දිව්‍යාංගනාවද, ඒ වගේම නන්දා, සුනන්දා, සෝණදින්නා, සුචිම්භිතා, අලම්බුසා, මිස්සකේසී, පුණ්ඩරීකා, අතිදාරුණී යන දිව්‍යාංගනාවන්ද, ඒණිඵස්සා, සුඵස්සා, සුභද්දා, මුදුවාදිනී යන දිව්‍යාංගනාවන්ද, සංගීතයෙන් මාව සතුටු කරවන අය අතර ප්‍රශංසනීයයි. ඒ දේවතාවෝ මා කැමැති වෙලාවට මා ඉදිරියට පැමිණෙනවා. අපි දැන් නටමු. අපි සිංදු කියමු. අපි ඔබව සතුටු කරනවා කියලා කියනවා.

පින් නොකළ උදවියට මේ වගේ දිව්‍ය විමාන ලැබෙන්නේ නෑ. පින් කරපු අයටමයි සෝක නැති තව්තිසා දෙවියන්ගේ මේ රම්‍ය වූ නන්දන මහ වනය ලැබෙන්නේ. පින් නොකළ උදවියට මෙලොව සැපයකුත් නෑ. පරලොව සැපයකුත් නෑ. එනමුත් පින්කළ උදවියට නම් මෙලොව වගේම පරලොවත් සැප ලැබෙනවා. තව්තිසා දෙව්ලොව දෙවියන් හා එක්වෙන්න කවුරු හරි කමැති නම් බොහෝ සෙයින්ම කුසල් රැස්කරගන්න ඕන. පින්කළ උදවියමයි දෙව්ලොව ඉපදිලා සැප සම්පත් ලබලා සතුටු වෙන්නේ. ”

ලඛුමා විමානය

ලඛුමා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. “

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

” මගේ නිවස තිබුනේ මාළු අල්ලන මිනිසුන් ගම් දොරින් නික්මෙන තැන. ඒ පැත්තට මහා ඉසිවර බුදුරජුන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා පිණ්ඩපාතයේ වඩිනවා. ඉතින් මං උන්වහන්සේලාට බත් වෑංජන, පැණිපිට්ටු, පලාකොළ, ලෝණසෝවීරක පූජා කරනවා.

නිවන් මගෙහි සිත ඍජු කරගෙන සිටින උන්වහන්සේලාට මං පූජා කරන්නෙ බලවත් පැහැදීමෙන් යුක්ත සිතින්මයි.

චාතුද්දසී දවසට, පුන්පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන්වෙලා හොඳින් ආරක්ෂා කළා.

මං හොඳින් උපෝසථ සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුනා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ.

සතුන් මැරීමෙන් වැළකුනා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි.

චතුරාර්ය සත්‍යය ධර්මය තේරුම්ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුනා. ඒ නිසාමයි පැතුරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුනේ.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ වචනයෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල් සිරසින් වන්දනා කළ මැනැව. ස්වාමීනී, ලඛුමා නම් වූ උපාසිකාව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල් වන්දනා කරන්නී කියා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා පිළිබඳව යම්කිසි මාර්ගඵලයක් වදාළ සේක් නම් ඒ ගැන මං පුදුම වෙන්නේ නෑ. ස්වාමීනී, මං සකදාගාමී ඵලයට පත් වූ බව භාග්‍යවතුන් වහන්සේ මට වදාළා. ”

ආචාමදායිකා විමානය

ආචාමදායිකා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“ස්වාමීනී, ඔබවහන්සේ පිණ්ඩපාතේ වැඩලා එක්තරා නිවසක් ළඟ නිශ්ශබ්දව වැඩසිටිද්දී ඒ ගෙදර ස්ත්‍රියක් හිටියා. හරිම දිළිඳුයි. දීනයි. අනුන්ගේ නිවෙස්වලිනුයි යැපෙන්නේ. ඇය ඔබවහන්සේ ගැන සිත පහදවා ගත්තා. ඔබවහන්සේට ඇගේ අතින්ම දන්කුඩ බතක් පූජා කළා. දැන් ඇය මිනිස් සිරුර අත්හැර ගිහින්. ඇය ගියේ කොයි දිශාවටද?”

සක්දෙව් රජුනි, මං පිණ්ඩපාතෙ වැඩලා ගෙයක් ඉදිරිපිට නිශ්ශබ්දව හිටියා තමයි. ඒ ගෙදර ස්ත්‍රියකුත් හිටියා තමයි. ඇය හරිම දිළිඳුයි. දීනයි. අනුන්ගේ නිවෙස්වලිනුයි යැපෙන්නේ. ඇය මා කෙරෙහි සිත පහදවා ගත්තා. මා හට ඇගේ අතින්ම දන්කුඩ බතක් පූජා කළා. දැන් ඇය මිනිස් සිරුර අත්හැර ගිහින්. ඇය චුත වුනේ ඒ දුක්ඛිත මිනිස් ජීවිතයෙන් නිදහස් වෙලයි.”

“මහා ඉර්ධිමත් දෙවිවරු ඉන්න නිම්මාණරතී කියන දෙව්ලොවක් තියෙනවා. දන්කුඩ පූජා කළ ඒ ස්ත්‍රිය දැන් එහි ඉපදිලා සුවසේ සතුටින් ඉන්නවා. ඇත්තෙන්ම හරිම අසිරිමත්! ඒ දුප්පත් කාන්තාව මහාකස්සප මහරහතන් වහන්සේ කෙරෙහි ඉතා හොඳින් දානය පිළිගන්වලා තියෙනවා. ඒ දානය පූජා කරගත්තෙත් අනුන්ගේ නිවෙස්වල හිඟමනේ ගිහින් සොයාගත්තු දෙයිනුයි. ඒ දානය සමෘද්ධිමත් වුනා. හරි පුදුමයි!

සියලු අඟපසඟින් සුන්දර වූ ස්ත්‍රියක් ඉන්නවා. තමන්ගේ ස්වාමියාට ඇගේ දැක්මත් අලාමකයි. ඇය සක්විති රජුගේ අගමෙහෙසිය බවට පත්වෙනවා.

ඒ වුණාට ඒ සම්පත් මේ දන්කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ. ලක්ෂයක් රන් කහවණු, ලක්ෂයක් අශ්වයන්, අශ්ව වෙළඹුන් යොදවපු ලක්ෂයක් අශ්වරථ, සුන්දර මිණිකොඬොල් ආභරණවලින් සැරසුණු ලක්ෂයක් කන්‍යාවන් කියන මේ කිසිදෙයක් දන්කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ.

හේමවත කියන වටිනා ඇත්තු ජාතියක් ඉන්නවා. ඒ ඇත්තුන්ට උතුම් රථරෝදයේ හැඩයට කරකැවී ගිය ඇත් දළ තියෙනවා. රනින් කරපු ආභරණවලින් ඒ ඇතුන්ගේ බෙල්ල සරසලා තියෙනවා.

එබඳු සෝභමාන වූ ඇතුන් සියයක් ලැබුනත් දන්කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ. මේ ලෝකයෙහි කවුරු හරි කෙනෙක් සිව්මහා දිවයිනට අධිපති වෙලා සක්විති රජපදවියට පත්වෙනවා නම් දන්කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ.”

චණ්ඩාලී විමානය

චණ්ඩාලී විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් චණ්ඩාල ස්ත්‍රිය, මේ වැඩඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ මහා කීර්තිමත්. දැන් ඔබ උන්වහන්සේගේ සිරිපා යුග වැඳපුදා ගන්න. කල්ප සියයක් ඇතුළත පහළ වී වදාළ සත්වෙනි ඍෂිවරයාණන් වහන්සේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ වැඩඉන්නේ. රහතන් වහන්සේ කියන්නේ අටලෝ දහමින් කම්පා නොවන කෙනෙක්. සිත පහදවා ගන්න. ඉක්මනින්ම ඇඳිලි බැඳ වන්දනා කරගන්න. තව බොහෝම ටික වෙලාවයි ඔබට ජීවත් වෙන්න තියෙන්නේ. “

දියුණු කරපු සිතක් ඇති අන්තිම සිරුරක් දරණ උත්තම මුනිඳාණන් වහන්සේ විසින් ඒ සැඬොල් ස්ත්‍රියව පිනට පෙළඹෙව්වා. ඉතින් ඒ සැඬොලියත් මහා කීර්තිමත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුග වන්දනා කරගත්තා. මේ ලෝකය අවිද්‍යා අන්ධකාරයෙන් කළුවර වෙලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය නැමැති හිරු එළියෙන් විතරයි ඒ ලෝකය එළිය වෙන්නේ. ඉතින් ඒ එළිය ලබාදෙන සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු සැඬොලිය ඒ අයුරින්ම වැඳගෙන බුදුරජුන් වඩින මග බලාගෙන හිටගෙන හිටියා. එතකොට ගවදෙනක් ඇවිදින් ඒ ස්ත්‍රියව ඇනල මැරුවා.

“මහානුභාව ඇති බුද්ධ වීරයන් වහන්ස, ඛීණාශ්‍රවයාණෙනි, නිකෙලෙස් මුනිඳුනි, තණ්හා නැති මුනිඳුනි, හුදෙකලාවේම වන මැද භාවනා කරන මුනිඳුනි, මං දෙව්ලොව ඉපදුනා. මං ඔබවහන්සේට වන්දනා කරනවා.”

“පින්වත් දෙව්දුව, ඔබ රන්වන් පාටයි. දිළිසෙනවා. මහා පිරිවර ඉන්නවා. නොයෙක් විසිතුරු දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා. දිව්‍ය විමානයෙන් බැහැලා මට වන්දනා කරන ඔබ කොයි දිව්‍යාංගනාවද?”

“ස්වාමීනී, මම චණ්ඩාල ස්ත්‍රියක්. මහාවීර වූ ඔබවහන්සේ මාව පෙළඹෙව්වා. ඉතින් මමත් කීර්තිමත් ගෞතම නම් වූ අරහත් වූ බුදුරජුන්ගේ පාකමල් වන්දනා කරගත්තා. ඒ මං බුදුරජුන්ගේ සිරිපා යුග වන්දනා කරගෙන සැඬොල් යෝනියෙන් චුත වුනා. නන්දන වනයෙහි දිව්‍යවිමනයක උපන්නා.

මේ විමානය හැම අතින්ම ලස්සනයි.දිව්‍ය අප්සරාවන් ලක්ෂයක පිරිවරක් මට ඉන්නවා. ඒ සියලු දෙනා අතරින් ශරීර සෝභාවෙන්, යසසින්, ආයුෂයෙන් ඒ හැම දෙනාටම වඩා උතුම් කෙනෙක් වුනා. යහපත් දේවල් ගොඩාක් මං රැස්කළා. සිහිනුවණ පිහිටුවාගෙන සිටියා. ඉතින් ස්වාමීනී, ලෝකයෙහි මහා කාරුණික මුනින්ද්‍රයන් වහන්සේ බැහැදැකලා වැඳපුදා ගන්නටයි මං ආවේ.”

ඒ චණ්ඩාලී දෙවඟන කෙලෙහි ගුණ දන්නවා. කෙලෙහි ගුණ සිහිකරනවා. ඉතින් ඇය ඔය විදිහට පවසලා අරහත් මුනින්ද්‍රයන් වහන්සේගේ පා කමල් වන්දනා කරලා එතැනම නොපෙනී ගියා.

භද්දිත්ථි විමානය

භද්දිත්ථි විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්බර නුවණැති දේවදුව, නිල්පාට, කහපාට, කළුපාට, තැඹිලිපාට, රතුපාට ආදී නොයෙක් නොයෙක් පාටවලින් යුතු මල් රේණුවලින් ලස්සනට පිරිලා තියෙනවා.ඉතින් ඒ මල් රේණු පිරුණු මදාරා මල් මාලාවක් ඔබ හිසේ පැළඳගෙනයි ඉන්නේ. වෙනත් දිව්‍යලෝකවල මෙතරම් ලස්සන සොඳුරු වෘක්ෂයන් දකින්න ලැබෙන්නේ නෑ. යසස් ඇති දෙව්දුව, මොන වගේ පිනකින්ද, ඔබ මේ තව්තිසාවේ උපන්නේ. ඒ කරුණ අසන අපට මොන වගේ පුණ්‍යවිපාකයක්ද කියල පහදල දෙන්න.”

“මගේ නම භද්දිත්ථි. මං කිම්බිලා නගරයේ හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුනා. මම සිල් රැක්කා. හැම තිස්සේම දන් දෙන්නමයි කැමති වුනේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ හිතේ තිබුනේ බලවත් පැහැදීමක්. ඉතින් මම වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාරපාන, සේනාසන, තෙල්පහන් පූජා කරගත්තා.

චාතුද්දසී දවසට, පුන්පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන්වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසථ සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුනා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ.

සතුන් මැරීමෙන් වැළකුනා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි.

චතුරාර්ය සත්‍යය ධර්මය තේරුම්ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුනා. ඒ නිසාමයි පැතුරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුනේ.

තපස්වීන් වහන්සේලා යුගල වන දෑගසව්වන් වහන්සේලා පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මහා මුනිවරු නෙව. ඉතින් මං පිඬුසිඟා වඩින මේ උත්තමයන් වහන්සේලාට සාදරයෙන් දන් පැන් පූජා කරගත්තා. මං යහපත කරගත්තා. පින් කරගත්තා.

මිනිස් ලොවින් චුතවෙලා නන්දන උයනෙහි හැසිරෙන මගේ සිරුරෙන් රශ්මිය විහිදෙනවා.

අප්‍රමාණ සැප ලබාදෙන අෂ්ටාංගික උපෝසථ සීලය මං නිතර නිතර සමාදන් වුණා. මං යහපතත් කරගත්තා. පින් කරගත්තා. මිනිස් ලොවින් චුතවෙලා නන්දන උයනෙහි හැසිරෙන මගේ සිරුරෙන් රශ්මිය විහිදෙනවා.”

සෝණදින්නා විමානය

සෝණදින්නා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පින්වත් දෙව්දුව, ඔබ පැළඳගෙන ඉන්න ඔය දිව්‍ය සළුපිළි, දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයත් හරිම උදාරයි. රත්තරනින් කළ එකක්. ඔබ කැමැති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වගේ.

ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

 (පින්වත් ස්වාමීන් වහන්ස,) මං ඒ කාලෙ මිනිස් ලෝකෙ හිටියේ. එදා ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. මං උන්වහන්සේට වැඩසිටින්න ආසනයක් පිළියෙල කළා. වන්දනා කළා. නමස්කාර කළා. මට පුළුවන් හැටියට දානයත් පූජා කරගත්තා.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි.

මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

උපෝසථා විමානය

උපෝසථා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගෙයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං ගැන කවුරුත් දන්නේ උපෝසථා කියලයි. මං සාකේත නුවර හිටපු උපාසිකාවක්.

මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුනා. මං සිල් රැක්කා. හැම තිස්සේම දන් දෙන්නමයි කැමති වුනේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුනේ බලවත් පැහැදීමක්. ඉතින් මං වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාරපාන, සේනාසන, ගිලන්පස, තෙල්පහන් පූජා කරගත්තා.

චාතුද්දසී දවසට, පුන්පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන්වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසථ සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුනා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ.

සතුන් මැරීමෙන් වැළකුනා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි.

චතුරාර්ය සත්‍යය ධර්මය තේරුම්ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුනා. ඒ නිසාමයි පැතුරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුනේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි.

මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මේ නන්දන උයන ගැන මට නිතර නිතර අහන්න ලැබුනා. ඉතින් මටත් ආශාවක් ඇතිවුනා මෙහි උපදින්න ඕන කියලා. මං තව්තිසාවෙහි සිත පිහිටුවා ගත්තු නිසයි මෙහෙ උපන්නේ.

මාගේ ශාස්තෘන් වහන්සේ හිරු ගොත් වංශයෙහි උපන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය මං අනුගමනය කළේ නෑ නෙව. මේ හීන කාමලෝකයෙහි හිත පිහිටුවා ගත්තු නිසා මං දැන් පසුතැවිලි වෙනවා.”

“පින්වත් උපෝසථා දෙව්දුව, ඔබ මේ දිව්‍ය විමානයෙහි කොච්චරකල් ඉන්නවාද? දැන් අපි අහන්නේ ඔබේ ආයුෂ ගැනයි. ඒ ගැන දන්නවා නම් කියන්න.”

“මහා මුනීන්ද්‍රයන් වහන්ස, අවුරුදු තුන්කෝටි හැටදහසක් මට ආයුෂ තියෙනවා. ඊට පස්සේ මං චුත වෙලා මිනිස් ලෝකයේ උපදිනවා.”

“පින්වත් උපෝසථා, මොනවට බය වෙනවාද? ඔබ සෝවාන් ඵලයට පත්වුණ කෙනෙක් කියල සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරලා නෙව තියෙන්නේ. ඔබේ දුගතිය ප්‍රහාණය වෙලානේ තියෙන්නේ”

සද්ධා විමානය

සද්ධා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගෙයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං ගැන කවුරුත් දන්නේ සද්ධා කියලයි. මං රජගහ නුවර හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුනා. මං සිල් රැක්කා. හැම තිස්සේම දන් දෙන්නමයි කැමති වුනේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුනේ බලවත් පැහැදීමක්. ඉතින් මං වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාරපාන, සේනාසන, තෙල්පහන් පූජා කරගත්තා.

චාතුද්දසී දවසට, පුන්පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසථ සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුනා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ.

සතුන් මැරීමෙන් වැළකුනා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි.

චතුරාර්ය සත්‍යය ධර්මය තේරුම්ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුනා. ඒ නිසාමයි පැතුරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුනේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. “

 

සුනන්දා විමානය

සුනන්දා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගෙයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං ගැන කවුරුත් දන්නේ සුනන්දා කියලයි. මං රජගහ නුවර හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුනා. මං සිල් රැක්කා. හැම තිස්සේම දන් දෙන්නමයි කැමති වුනේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුනේ බලවත් පැහැදීමක්. ඉතින් මං වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාරපාන, සේනාසන, තෙල්පහන් පූජා කරගත්තා.

චාතුද්දසී දවසට, පුන්පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන්වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසථ සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුනා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ.

සතුන් මැරීමෙන් වැළකුනා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුණේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි.

චතුරාර්ය සත්‍යය ධර්මය තේරුම්ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුනා. ඒ නිසාමයි පැතුරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුනේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

භික්ඛදායිකා විමානය

භික්ඛදායිකා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගෙයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං අතීත ජීවිතයේදී මිනිස් ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. එදා මං බුදුරජාණන් වහන්සේව දැක්කා උන්වහන්සේට නොකැළඹුණු හිතක් තියෙනවා. හරිම ප්‍රසන්නයි. කෙලෙස් නෑ. මගේ දෑතින්ම බුදුරජාණන් වහ්නසේ ගැන සිත පහදවා ගෙන පිණ්ඩපාතය පූජා කරගත්තා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

දෙවෙනි භික්ඛදායිකා විමානය

දෙවෙනි භික්ඛදායිකා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගෙයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං අතීත ජීවිතයේදී මිනිස් ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. එදා මං බුදුරජාණන් වහන්සේව දැක්කා උන්වහන්සේට නොකැළඹුණු හිතක් තියෙනවා. හරිම ප්‍රසන්නයි. කෙලෙස් නෑ. මගේ දෑතින්ම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගෙන පිණ්ඩපාතය පූජා කරගත්තා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

උළාර විමානය

උළාර විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබේ යසස නම් හරි උදාරයි. ඔය සොඳුරු පැහැය හැම දිශාවක්ම එළිය කරනවා. දිව්‍ය අප්සරාවන් වගේම දිව්‍ය පුත්‍රයනුත් අලංකාර දිව්‍යාභරණවලින් සැරසිලා නටනවා. සිංදු කියනවා. පින්වත් දෙව්දුව, ඔබව සතුටු කරන්නයි ඒ උදවිය ඔය පිරිවරාගෙන ඉන්නේ. ඔබේ දිව්‍ය විමානය හරිම සුන්දරයිනේ. රත්තරනින් හැදිලා තියෙන්නේ. මේ පංච කාම සැපයෙන් සමෘද්ධිමත් වෙලා හැමදේටම අධිපති වෙලා ඉන්නෙ ඔබයි. ඔබ නම් මහානුභාව ඇති උපතක් ලබාගෙනයි ඉන්නේ. පින්වත් දෙව්දුව, මේ දිව්‍ය නිකාය ගැන ඔබ ගොඩක් සතුටු වෙනවා නේද?

අපි මේ ඔබෙන් අහන්නේ මේ ලැබුනේ මොන වගේ පිනක විපාකයක්දැයි කියන්න කියලයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?

මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං අතීත ජීවිතයේ මිනිස් ලෝකයේ මනුස්ස දුවක් වෙලයි හිටියේ. මං දුස්සීල පවුලක ලේලියක් වෙලා හිටියා. ඔවුන්ට කිසිම ශ්‍රද්ධාවක් නෑ. හරිම ලෝභයි. ඒ වුනාට මා තුළ අචල ශ්‍රද්ධාවක් තිබුනා. මං සිල් රැක්කා. හැම තිස්සේම දන් දෙන්න ආසා කළා.

දවසක් මං මුඹවහන්සේ පිණ්ඩපාතේ වැඩිය වෙලාවේ කැවුමක් පූජා කළා. ඉතින් මං නැන්දාට කිව්වා. ‘ශ්‍රමණයන් වහන්සේ නමක් අද මෙහි වැඩියා නෙව. මගේ හිත පැහැදුනා. මාත් උන්වහන්සේට කැවුමක් පූජා කරගත්තේ මගේ අතින්මයි’ කියලා. එතකොට ඒ නැන්දා මට පරිභව කළා.

‘තී නම් මහා අවිනීත ස්ත්‍රියක්. මං ශ්‍රමණයෙකුට කැවුමක් දෙනවා කියලා මගෙන් අහන්න අකමැති වුනා නේද?’ කියලා. මගේ නැන්දණිය හොඳටම කිපුනා. මොහොල් ගහෙන් මට පහර දුන්නා. මගේ උරහිස් කැඩුනා. මං නැසුනා. වැඩිකල් ජීවත් වෙන්න බැරිවුනා. ඉතින් ඒ මං කය බිඳී මරණයට පත්වෙලා ඒ දුකින් නිදහස් වෙලා චුත වුනා. ඊට පස්සේ තමයි මේ තව්තිසාවේ දෙවියන් අතර උපන්නේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකයේදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

උච්ඡුදායිකා විමානය

උච්ඡුදායිකා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ නම් අහසත්, පොළොවත් එළිය කරන ඉරක් හඳක් වගේ. හැබෑවටම බබලනවා. සක් දෙවිඳු ප්‍රධාන තව්තිසා දෙවියන් පරදවලා බබලන බ්‍රහ්මරාජයෙක් වගේ ඔබත් බබලනවා. සිරියාවෙනුත් ශරීර සෝභාවෙනුත් යසසිනුත් තේජසිනුත් බබලනවා. සුන්දර දෙව්දුව, නිල් මහනෙල් මල් මාලාවන් තමයි ඔබ පැළඳගෙන ඉන්නේ. ඔබට දිළිසෙන රන්වන් සමක් තියෙනවා. ඒ සොඳුරු සිරුර අලංකාර වස්ත්‍රවලින් සරසාගෙනයි ඉන්නේ. ඇත්තෙන්ම මට වන්දනා කරන ඔබ කවුද? ඔබ කලින් ජාතියකදී මොන වගේ පුණ්‍යකර්මයක්ද කරගත්තේ? හරි අගේට දන් පැන් පුදන්න ඇති නේද? එහෙම නැත්නම් ඉතා හොඳින් සිල් රැකගන්න ඇති. මේ යසස් ඇති සුගතියෙහි උපදින්න හේතු වුනේ මොන වගේ දෙයක්ද? පින්වත් දෙව්දුව, ඔය පුණ්‍යවිපාකය ලැබුණු පුණ්‍යකර්මය ගැන අසන අපට පිළිතුරු දෙන්න.”

“ස්වාමීනී, දැන් මේ ගමේදිමයි ස්වාමීන් වහන්සේ නමක් අපේ නිවසට පිණ්ඩපාතේ වැඩියේ. මගේ හිත පැහැදුනා. පුදුමාකාර ප්‍රීතියක් ඇතිවුනා. ඉතින් මං උක් දණ්ඩක් රැගෙන මුඹවහන්සේට පූජා කළා. පස්සෙදි නැන්දා මගෙන් ඇහුවා, “ලෙහෙලියේ, උක් දණ්ඩ කොහෙද තිබ්බේ?” කියලා. මං එතකොට මෙහෙම කිව්වා. “මං ඒක වීසි කළේ නෑ. කෑවෙත් නෑ. ශාන්ත විහරණ ඇති ස්වාමීන් වහන්සේ නමකට මං ඒක පූජා කළා” කියලා. “අහා! එතකොට මේ ගෙදර ප්‍රධානියා තීද? එහෙම නැත්නම් මං ද?” කියලා නැන්දා මට පරිභව කළා. එතැන තිබුණු පුටුව අරගෙන මට පහර දුන්නා. මං මැරුනා. එයින් චුත වෙලා තමයි මං දෙව්දුවක් වුනේ.

මං කරගත්තේ ඒ කුසල කර්මය විතරයි. තමන් කරගත්තු ඒ කුසල කර්මය නිසා මං දැන් සැප විඳිනවා. දෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මං කරගත්තේ ඒ කුසල කර්මය විතරයි. තමන් කරගත්තු ඒ කුසල කර්මය නිසා මං දැන් සැප විඳිනවා. සක් දෙවිඳුන් තමයි මේ තව්තිසාව රකින්නේ. ඒ දෙවිවරු තමයි මාව රකින්නේ. එනිසා මං දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මෙබඳු වූ උක්දඬු පූජාවකින් වුනත් මහා පුණ්‍යවිපාක තියෙනවා. මේ ලැබුණු පුණ්‍යඵලය අල්ප දෙයක් නම් නොවෙයි. මං දෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මෙබඳු වූ උක්දඬු පූජාවකින් වුනත් මහා පුණ්‍යවිපාක තියෙනවා. මේ ලැබුනු පුණ්‍යඵලය අල්ප දෙයක් නම් නොවෙයි.

සක් දෙවිඳුන් තමයි මේ තව්තිසාව රකින්නේ. ඒ දෙවිවරු තමයි මාව රකින්නේ. ඒ නිසා මං සක්දෙවිඳුන් වගේ සැපතින් සතුටු වෙනවා.

ස්වාමීනී, මහත් අනුකම්පා ඇති ඤාණවන්ත වූ මුඹවහන්සේ ළඟට මං ආවා. වන්දනා කළා. සැප සනීප ඇහුවා. ඉතින් මම සිත පහදවාගෙන මහත් ප්‍රීතියකින් තමයි මුඹවහන්සේට උක්දණ්ඩ පූජා කරගත්තේ.”

පල්ලංක විමානය

පල්ලංක විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“මහානුභාව ඇති දෙව්දුව, ඔය ආසනය ශ්‍රේෂ්ඨ එකක්. මැණික්වලින් රත්තරන්වලින් සරසලා තියෙනවා. සුවඳ මල් පුරවලා තියෙනවා. මේක උදාර වූ යහනක්. ඉතින් මේ යහනේ ඉඳගෙන ඔබ එක එක විදිහේ ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වනවා. ඔබව වට කරගත්තු මේ අප්සරාවන් නටනවා. සිංදු කියනවා. ඔබව සතුටු කරවනවා. ඔබ මහත් ආනුභාව ඇති දිව්‍ය වූ අධිපතිබව දරනවා. මනුස්ස ලෝකයේ ඉන්න කාලේ මොන වගේ පිනක්ද කළේ? මොන වගේ පිනකින්ද මෙතරම් ආනුභාවයෙන් දිලෙන්නේ? ඔබේ ශරීරයේ එළියෙන් හැම දිශාවක්ම බබලනවා.”

“මිනිස් ලෝකයේ මං හිටියේ මනුස්ස දුවක් වෙලා. මං හරි ධනවත් පවුලක ලේලියක් වුනා. මගේ ස්වාමියා ක්‍රෝධ කරන්නේ නෑ. ඉතින් මං එයාට කීකරු වෙලා හිටියා. අප්‍රමාදීව උපෝසථ සිල් ආරක්ෂා කළා. මිනිස් ලෝකයේ හිටිය මං යොවුන් වියේදීම පතිවත රකින කෙනෙක් වුනා. මං පහන් සිතින්මයි මගේ සැමියා සතුටුවෙන හැටියට ජීවත් වුනේ. දිවා රාත්‍රී දෙකේම මං හැසිරුනේ හිතේ සතුට ඇතිවෙන විදිහටයි.

මං ඉස්සර හිටන්ම සිල්වත් කෙනෙක්. මං හිටියේ සතුන් මැරීමෙන් වෙන්වෙලයි. ඒ වගේම මං හෙරක් නොවෙයි. පිරිසිදු කායික ක්‍රියා තිබුනා. පිරිසිදු විදිහට බඹසර රැක්කා. මත්පැන් බිව්වේ නෑ. බොරු කිව්වේ නෑ. මං සිල්පද සම්පූර්ණ කරමින් හිටිය කෙනෙක්.

චාතුද්දසී දවසට, පුන් පොහෝ දවසට, අටවන පොහොයට, පාටිහාරීය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කරගත්තේ පහන් සිතින්මයි. උපෝසථ සිල් රකින කොට හිතට හරිම ප්‍රීතියක් දැනෙනවා. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සැප විපාක ලබාදෙනවා. මං ඒ කුසලය සමාදන් වුනා. ස්වාමියාටත් යහපත සැළසෙන විදිහටයි කීකරුව ජීවත් වුනේ.

මං ඉතින් ඉස්සර ඉඳන්ම සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් නෙව. මං මිනිස් ලෝකෙදී මරණින් මත්තේ විශේෂභාගී වන ඔය වගේ පින්කම් තමයි කරගත්තේ. කය බිඳී මැරුණට පස්සේ සුගතියෙහි ඉපදිලා මේ දෙව්ලොව ප්‍රධානත්වයට පත්වුනා. මේ මනෝරම්‍ය වූ උතුම් දිව්‍ය ප්‍රාසාදයන් හරිම සුන්දරයි. අප්සරාවන් ගොඩාක් පිරිවරාගෙනයි ඉන්නේ. ශරීරාලෝකය විහිදෙන මාව දෙවිවරු සතුටු කරනවා. මං මේ පැමිණුනේ දීර්ඝායුෂ ඇති දිව්‍ය විමානයකටයි.”

 

ලතා විමානය

ලතා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

ශ්‍රීමත් සක්දෙවිඳුන්ටත් වෙසමුණි දෙව් රජුටත් දිව්‍ය දෝණිලා ඉන්නවා. ඔවුන්ගේ සිරුරු බබලනවා. ලතා, සජ්ජා, පවරා, අච්චිමුඛී, සුතා ආදී දිව්‍යාංගනාවන් යහපත් ගතිගුණ නිසාමයි බබලන්නෙ. දවසක් මේ දිව්‍යංගනාවන් පස් දෙනා හිමාල පෙදෙසේ සුන්දර නදියකට දිය නෑමට ගියා. ඒ නදියේ වතුර හරිම සීතලයි. නිලුපුල් පිපිල තියෙනවා. ඉතින් ඒ දිව්‍යංගනාවන් ඒ නදියෙන් වතුර නෑවා. සතුටු වුනා. නැටුවා. සිංදු කිව්වා. එතකොට සුතා දෙව්දුව ලතා දෙව්දූට මෙහෙම කිව්වා.

“පින්වතී, ඔයාට රන්වන් සමක් තියෙනවා. රන්වන් මලින් සැරසිලා ඉන්නවා. මහනෙල් මල් මාලාවන් පැළඳ ඉන්නවා. තඹ පාට ලස්සන ඇස් දෙකක් තියෙනවා. සරත් කාලයෙහි ආකාසේ වගේ ලස්සනයි. දීර්ඝායුෂ තියෙනවා. ඇත්තෙන්ම ලතා ඔයාට මේ යසස් ලැබුනේ මොන වගේ පිනක් කරලද? සුන්දරී, තම ස්වාමියාට එතරම්ම ප්‍රිය මනාප වුනේ මොන වගේ පිනක් කරලාද? ඔයාගේ රූප සෝභාව නම් අතිවිශිෂ්ටයි. නැටුම් ගැයුම් වැයුම්වලට හැබෑම හපනියක්. දෙවිවරු දිව්‍යාංගනාවන් ඔයාගෙන් අහන දේ අපට කියන්න.”

“මං ඒ කාලෙ මනුස්ස ලෝකෙ මිනිස් දුවක් වෙලා හිටියේ. මං හරි ධනවත් පවුලක ලේලියක් වෙලා හිටියා. මං ක්‍රෝධ කළේ නෑ. ස්වාමියාට කීකරු වුනා. උපෝසථ සිල් රකින්ට පමා වුනේ නෑ. ඉතින් ඒ මනුස්ස දුවගෙ කාලෙ හොඳ යෞවන වයසේදී පතිවත රැක්කා. පහන් සිතින් ස්වාමියා සතුටු වෙන හැටියට ජීවත් වුනා. ඒ වගේම පවුලේ වැඩිහිටියන් නැදිමයිලන් දැසි දස්සන් හැමෝම සතුටු කළා. එහෙදි තමයි මං මේ පින් කළේ. ඉතින් මං ඒ කුසල කර්ම නිසා ආයු වර්ණ සැප බල කියන කරුණු හතරින් අග්‍ර වුනා. මං දැන් අප්‍රමාණ දිව්‍ය ක්‍රීඩාවලින් සතුටු වෙනවා. “

“මේ ලතාවෝ මේ කියන කරුණ කලින් අහලා තිබුණෙ නැද්ද? හැබැයි ඉතින් අපි අහපු කරුණු ඇය හොඳට පැවසුවා. උතුම් කාන්තාවන් වන අපට ස්වාමිවරුන් ගේ වටිනාකම හරි අගේට තේරෙනවා. එයාල තමයි අපේ උතුම් දෙවිවරු. අපේ ස්වාමිවරුන් කෙරෙහි අපි හැමෝම තුළ පතිභක්තිය තියෙනවා. ඒ නිසාමයි අපි පතිවත සුරකින ස්ත්‍රීන් වුනේ. අපි හැමෝම මේ ලතා කියන හැටියටයි පතිවත රැකලා සැප ලබන්නේ. කඳු මිටියාවත්වල සිංහයා ගොදුරු හොයනවා. ඉතින් ඒ සිංහයා ඒ පර්වත මිටියාවත්වල හැසිරෙමින් අනෙක් සිව්පාවන් මැඬගෙන දඩයම් කරනවා. මාංස භෝජනය කර ගන්නෙ දුර්වල සතුන්වයි. ඒ වගේම තමයි ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවිකාවක් වෙලා ධම්මචාරීව ජීවත් වෙනවා නම්, ස්වාමියා නිසාම පතිවත රකිමින් ඉන්නවා නම් ක්‍රෝධය යටපත් කරනවා නම්, මසුරුකම යටපත් කරනවා නම්, ඇය සතුටු වෙන්නෙ ස්වර්ගයේ ඉපදිලයි. “

ගුත්තිල විමානය

ගුත්තිල විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

………………”පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ.ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

උතුම් වස්ත්‍ර දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතරින් උතුම් වෙන්නෙ. ඔය විදිහට ප්‍රිය දේවල් දන් දෙන කෙනා දෙව්ලොව උපදිනවා. සිත සතුටු කරන දිව්‍ය සැප ලබනවා. ඒ මගේ මේ දිව්‍ය විමානය දිහා බලන්න. මම අප්සරාවක්. කැමති කැමති රූපයන් මට මවාගන්න පුළුවන්. පිනේ විපාකය බලන්න. මං දාහක් අප්සරාවන්ට උතුම් කෙනෙක්. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කර ගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.”

(උතුම් මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ එතන හිටිය අනෙක් බොහෝ දිව්‍යාංගනාවන්ගෙනුත් තමන් මෙතරම්ම බැබලි බැබලි සුන්දරව මහානුභාව ව ඉන්න කරපු පින ගැන විමසුවා. එතකොට ඒ අය මේ විදිහට තම තමන් කළ පින් ගැන කීවා)

දෙව්දුවක් :  “උතුම් මල් දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතරින් උතුම් වෙන්නෙ. ඔය විදිහට ප්‍රිය දේවල් දන් දෙන කෙනා දෙව්ලොව උපදිනවා. සිත සතුටු කරන දිව්‍ය සැප ලබනවා. ඒ මගේ දිව්‍ය විමානය දිහා බලන්න. මම අප්සරාවක්. කැමති කැමති රූපයන් මට මවා ගන්න පුළුවන්. පිනේ විපාකය බලන්න. මං දාහක් අප්සරාවන්ට උතුම් කෙනෙක්. ඒ නිසයි මට මෙවැනි ශරීර වර්ණයක් ලැබුනේ…..”

දෙව්දුවක් :  “උතුම් සුවඳ දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා……

දෙව්දුවක් :  “උතුම් ඵලවැල දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා……

දෙව්දුවක් :  “උතුම් රස දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා…..

දෙව්දුවක් :  “කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට පස් ආකාර සුවඳ වර්ග පූජා කළා. ඒ මගේ දිව්‍ය විමානය බලනු මැනැව…..

දෙව්දුවක් :  මාවතේ වඩින භික්ෂූන්ද භික්ෂුණීන්ද මට දැකගන්න ලැබුනා. මං උන්වහන්සේලාගෙන් ධර්මය අසාගත්තා….

දෙව්දුවක් :  එක දවසක් උපෝසථ සිල් ආරක්ෂා කළා….

දෙව්දුවක් :  මං හිටියේ වතුරෙ. ස්වාමීන් වහන්සේ නමකට පහන් සිතින් පැන් ටිකක් පූජා කරගත්තා. ඒ මගේ විමානය බලනු මැනව…..

දෙව්දුවක් :  මගේ නැන්දාත් මාමණ්ඩියත් චණ්ඩයි. ක්‍රෝධ කරනවා. ඵරුසයි. නමුත් මං දොස් කිව්වෙ නෑ. අප්‍රමාදීව සිල් ආරක්ෂා කළා. උන්දැලාට හොඳින් උපස්ථාන කළා……

දෙව්දුවක් :  මං අනුන්ට බැලමෙහෙවරකම් කළා. කීයක් හරි හොයා ගන්ට කම්මැලි නැතිව මහන්සි වුනා. මං දාසියක්. මා ක්‍රෝධ කළේ නෑ. මාන්නයක් ඇති කර ගත්තෙ නෑ. මට ලැබුන දෙයින් බෙදා හදාගෙන සතුටු වුනා. ස්වාමීන් වහන්සේ නමක් පිඬුසිඟා වැඩියා. මං උන්වහන්සේට කිරිබතක් පූජා කළා. ඔය විදිහටයි මං පින්කම් කළේ. දැන් සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. …. 

දෙව්දුවක් :  මං උක්සකුරු ටිකක් පූජා කරගත්තා …. 

දෙව්දුවක් :  මං උක් දණ්ඩක් පූජා කරගත්තා …. 

දෙව්දුවක් :  මං තියඹරා ටිකක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං සීනි කැකිරි පූජා කරගත්තා …. 

දෙව්දුවක් :  මං මහකැකිරි පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං වැල්ඵල පූජා කරගත්තා …. 

දෙව්දුවක් :  මං බොරළු දමුනු ටිකක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං ගිනිකබලක් පූජා කරගත්තා …. 

දෙව්දුවක් :  මං පලාකොළ මිටක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං මල් මිටක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං මුලපලා මිටක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං කොහොඹ කොළ මිටක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං ඇඹුල් කැඳ ටිකක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං තලමුරු වටක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං ඉණපටියක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං අංසකඩයක් පූජා කරගත්තා …. 

දෙව්දුවක් :  මං ආයෝගපට්ටයක් පූජා කරගත්තා …. 

දෙව්දුවක් :  මං විජිනිපතක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං තල් වටක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං මොණරපිල් වටාපතක් පූජා කරගත්තා …. 

දෙව්දුවක් :  මං කුඩයක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං සෙරෙප්පු ජෝඩුවක් පූජා කරගත්තා …. 

දෙව්දුවක් :  මං කැවුමක් පූජා කරගත්තා ….

දෙව්දුවක් :  මං අග්ගලාවක් පූජා කරගත්තා …. 

දෙව්දුවක් :  ස්වාමීන් වහන්සේ නමක් පිඬුසිඟා වැඩියා. මං උන්වහන්සේට උක්සකුරුවලින් කළ කැවිලි පූජා කළා. ඔය විදිහටයි මං පින්කම් කළේ. දැන් සුගතියේ ඉපදිලා සතුටු වෙනවා…..

දද්දල්ල විමානය

දද්දල්ල විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“යසස් ඇති දෙව්දුව, ඔබ හරිම ලස්සනයි. ගොඩාක් දිළිසෙනවා. මහා පිරිවර ඉන්නවා. සියලු තව්තිසා වැසි දෙවියන්ගේ සුන්දරත්වය පරදවා බබලනවා. මීට කලින් මං ඔබ දැකලා නෑ. ඉස්සෙල්ලාම දැක්කෙ දැනුයි. කොයි වගේ දිව්‍ය ලෝකයකින්ද ආවෙ. ඔබ දැන් මාව නමින් අමතා කතා කරනවානෙ”

“සුන්දරී, මං ඉස්සර මිනිස් ලෝකෙදි සුභද්‍රා කියන නමින් හිටියේ. මං ඔබේ බාල නංගි. අපි ස්වාමියාට සමභාර්යාවන් වෙලා හිටියා. ඒ මං මැරුණට පස්සෙ මනුස්ස ජීවිතයෙන් නිදහස් වෙලා එයින් චුත වුනා. ඊට පස්සෙ තමයි මේ නිම්මාණරතී දෙවියන් අතර ඉපදුනේ. “

“බොහෝ පින් දහම් කරගත්තු උදවිය තමයි නිම්මාණරතියට එන්නෙ. සුභද්‍රා, එතකොට ඔබත් ඔය දැන් කතා කරන්නෙ නිම්මාණරතී දෙවියන් මැද උපත ලබා නේද?යසස් ඇති දෙව්දුව, ඔබට කවුද මේ ගැන කියා දුන්නෙ? මොන වගේ දානයක්ද ඔබ දුන්නෙ? මොන වගේ සිල්වත් බවක්ද ඔබ ඇති කර ගෙන හිටියෙ? ඔය විදිහේ යසසක්, ඔය විදිහේ මහා සැප සම්පත් ලැබුවේ කොහොමද? පින්වත් දෙව්දුව, දැන් අපි අහන්නෙ ඒ ගැනයි. අපට කියා දෙන්න මේ කවර පින්කමක ඵලයක්ද කියල.”

“ඉස්සර මං මනුස්ස ලෝකෙදි දන් පැන් ලබන්ට සුදුසු සංඝරත්නය ගැන පැහැදුණු සිතින් හිටියා. මං මේ දෑතින්ම උන්වහන්සේලාට පිණ්ඩපාත අටක් පූජා කරගත්තා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කර ගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. “

“ඒ සංවර වූ බ්‍රහ්මචාරී වූ භික්ෂූන් වහන්සේලා ගැන මමත් පැහැදීමෙන් නෙ හිටියෙ. ඔබ වගේ නෙවෙයි මං මේ දෑතින්ම බොහෝ භික්ෂූන්ට දන් පැන් පූජා කරගෙන තියෙනවා. ඔබට වඩා බොහෝ දන් දීලත් මං ඉපදුනේ පහත් දිව්‍ය ලෝකයකයි. පින්වත් දෙව්දුව, බොහෝම චුට්ටක් දානෙ දීල මහත් සැප සම්පත් ලබාගත්ත නේද? අපි අහන්නෙ මේකයි. ඔබට ඔය ලැබුනේ මොන වගේ පින්කමක විපාකයක්ද?”

“මං ඉස්සර ඒ සිතේ සතුට ඇති කරවන ස්වාමීන් වහන්සේ නමක් ගැන දැනගෙන හිටියා. ඒ රේවත ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා අට නමකට මං දානයට ආරාධනා කළා. ඒ රේවත ස්වාමීන් වහන්සේ මගේ යහපත පිණිස මට අනුකම්පා කළා. උන්වහන්සේ මට වදාළේ ඒ දානය අට නමකට නොව සංඝයා උදෙසා පූජා කරන්න කියලයි. මමත් උන්වහන්සේගේ වචනයට අනුවමයි කටයුතු කළේ. ඒක සංඝගත දක්ෂිණාවක් වුනා. ප්‍රමාණ රහිත ගුණ ඇති ආර්ය සංඝයා කෙරෙහි මගේ දානය මනාව පිහිටියා. ඔබ දානය පූජා කරගෙන තිබෙන්නෙ පෞද්ගලික වශයෙනුයි. ඒක නිසයි ඔබේ දානය මහත්ඵල නැති වුනේ. “

“සංඝයා උදෙසා පූජා කරගන්න දානයෙන් මහත්ඵල ලැබෙන බව අනේ මං දැනුයි දන්නෙ. එහෙනම් මං ආයෙමත් මිනිස් ලොවට යනවා. සඟරුවනෙහි අවශ්‍යතා දන්න කෙනෙක් වෙනවා. මසුරුමළ නැති කෙනෙක් වෙනවා. ප්‍රමාද වෙන්නෙ නෑ. යළි යළිත් සංඝරත්නයට දන් පූජා කර ගන්නවා. “

සක්දෙවිඳු: “භද්‍රා දෙව්දුව, දැන් ඔයත් එක්ක ඔය කතා කර කර ඉන්න දෙව්දුව තව්තිසාවේ සියලු දෙවිවරුන්ගේ සෝභාව ඉක්මවා බබලනවා. මෑ කවර දෙව්දුවක්ද?”

“පින්වත් සක්දෙවිඳුනි, ඉස්සර මිනිස් ලෝකෙදි ඇය මිනිස් දුවක්. ඇය මගේ බාල නංගි. මගේ සැමියාගේ සමබිරිඳ. ඇය සාංඝික දානයක් පූජා කරගෙන තියෙනවා. ඇය පින් කරපු එකියක්. ඒ නිසයි ඇය බබලන්නේ.”

සක්දෙවිඳු:“භද්‍රා දෙව්දුව, ඔබේ නංගි දානය පූජා කරගෙන තිබෙන්නෙ ප්‍රමාණ රහිත ගුණ ඇති ආර්ය සංඝයාට නෙව. ඒ නිසා තමයි ඔයාට වඩා ඇය ඔතරම්ම බබලන්නෙ. ගිජුකුළු පර්වතයෙහි බුදුරජාණන් වහන්සේ වැඩසිටියා. ඔය කාරණය උන්වහන්සේගෙන් මං විමසුවා. යම් කිසි කෙනකුට දානයක් පූජා කර ගත්තහම මහත්ඵල මහානිසංස ලබාදෙන්නෙ කවරෙකුට දුන්නොත්ද කියල. දන් පැන් දෙන මිනිස්සු ඉන්නවා. පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නෙ. මත්තෙහි සැප විපාක ලබාදෙන පින්ම කළ මැනැව. යම් ඒ ආර්ය සංඝයාට දෙන දානය තමයි මහත්ඵල විපාක ලබාදෙන්නෙ.

ලෝකයෙහි සියලු කර්ම විපාක ගැන අවබෝධයෙන් යුතු බුදුරජාණන් වහන්සේ ඔය කාරණාව මට වදාළා. යම් ඒ ආර්ය සංඝයාට දෙන දානය තමයි මහත්ඵල විපාක ලබා දෙන්නෙ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. ඵලයට පත් වූ පුද්ගලයනුත් හතර දෙනෙක් ඉන්නවා. මේ ආර්ය සංඝයා සෘජු සිත් ඇති පිරිසයි. ප්‍රඥා සම්පන්නයි. සීලසම්පන්නයි. සමාහිත සිතින් යුක්තයි.

දන් පැන් දෙන මිනිස්සු ඉන්නවා. පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නෙ. මත්තෙහි සැප විපාක ලබා දෙන පින්ම කළ මැනැව. යම් ඒ ආර්ය සංඝයාට දෙන දානය තමයි මහත්ඵල විපාක ලබා දෙන්නෙ. මේ ආර්ය සංඝයා වනාහී මහානීය ගුණයෙන් යුක්තයි. මිණිය නොහැකි ගුණයෙන් යුක්තයි. සාගර ජලය වගේ. නරවීරයන් වහන්සේගේ ශ්‍රාවක වූ මේ පිරිසමයි ශ්‍රේෂ්ඨ. ධර්මය බෙදා හරිමින් ලෝකය එළිය කරන්නෙ ඔවුන් තමයි. අන්න ඒ ආර්ය සංඝයාට දන් පැන් පූජා කරගත්තොත් නිසි තැනට පූජා කළා වෙනවා. ඒක තමයි හරි විදිහට දීපු දේ. ඒක තමයි නියමාකාරයෙන් කරගත්තු යාගය.

ලෝකවිදූ වූ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරල තියෙනවා ආර්ය සංඝයාට පූජා කරන දක්ෂිණාව මහත්ඵල ලබා දෙනවා කියල. එවැනි ආර්ය සංඝයා උදෙසා දෙන දානය සිහි කරන්ට ඕන. එතකොට එයාලාට හරි සතුටක් ඇති වෙනවා. මසුරුමළ මුලින්ම දුරු කරලා ලෝකයේ ජීවත් වෙන්න පුළුවනි. නින්දා රහිත වූ ස්වර්ග ලොවෙහි උපදින්ටත් පුළුවනි. “

සේසවතී විමානය

සේසවතී විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“මේක හරිම ලස්සන විමානයක්. පළිඟු මැණික්වලින් තමයි බිත්ති හැදිල තියෙන්නෙ. රන් රිදී දැල් වටේට එල්ලෙනවා. සුරම්‍ය වූ විචිත්‍ර වූ මුදුන් තියෙන තොරණ් හදල තියෙන විදිහත් හරිම අපූරුයි. මිදුල පුරා රන්වන් වැලි විසිරිලා තියෙනවා. සරත් කාලයේ අහස් කුස හිරු නැඟෙනවා. එතකොට දස දිසාවම හරි එළියයි. දහසක් හිරු රැසින් අඳුර දුරුවෙලයි තියෙන්නෙ. ඔබේ විමානයත් ඒ වගේ. ඒ විදිහටම රැස් විහිදෙනවා. රෑ අහස් කුසේ දිළිහි දිළිහී තියෙන ගිනි දැල්ලක් වගේ. අහසෙහි පිහිටල තියෙන ඔබේ ඔය විමානය විදුලි එළියක් දකිනවා වගේ. දෙනෙත් මුසපත් කරවනවා.

මේ විමානයේ වීණා, මිහිඟු බෙර, අත්පොළන හඬ, කස්තල නාදවලින් ගිගුම් දෙනවා. සියලු සැපය පිරුණු ඉන්ද්‍ර පුරය වගේ. ඔය දිව්‍ය විමානයේ නෙළුම්, කුමුදු, මහනෙල්, රතුමහනෙල්, ආදී මල්වර්ගත් තියෙනවා. සීනිද්ද මල්, බඳුවදමල් ආදියත් තියෙනවා. සල් මල්, අසෝක මල් පිරුණු ගසුත් තියෙනවා. හැමතැනම හමන්නේ උතුම් ගස්වලින් එන සුවඳයි.

යසස් ඇති දෙව්දුව, ඔබට පහළ වෙලා තියෙනවා සුන්දර පැන් පොකුණු. ඒ පොකුණු ඉවුරෙහි හොර ගස්, දෙල්ගස්, භුජක ගස් පලතුරු පිරුණු ගස් වර්ග ලස්සන වැල් වර්ග පිරිල තියෙනවා. පොකුණෙහි පැන් පෙනෙන්නෙත් නිල් මැණික් දැලක් වගේ. වතුරෙහි හටගන්න හැම මල් ජාතියක්ම මෙහි තියෙනවා. පොළොවේ හැදෙන හැම රුක් ජාතියක්ම තියෙනවා. මිනිස් ලොවේ ඇති නොමිනිස් ලොවේ ඇති දෙව්ලොවේ ඇති හැමදෙයක්ම ඔබේ විමානයෙහි පහළ වෙලා තියෙනවා.

පින්වත් දෙව්දුව, මොන වගේ සංවරකමක්ද, මොන වගේ ඉන්ද්‍රිය දමනයක්ද මේ පුණ්‍යවිපාකයට හේතු වුනේ. ඔබට කොහොමද මෙවැනි දිව්‍ය විමානයක් පහළ වුනේ? කොහොමද මෙතරම් උදාර වූ සැප සම්පත් ලැබුනේ කියල අපට කියනවද?”

“මගේ මේ දිව්‍ය විමානයේ කොස්වා ළිහිණියනුත් ඉන්නවා. මොණර රංචුත් ඉන්නවා. ඇටිකුකුළු රංචුත් ඉන්නවා. දිව්‍යමය වූ දියකාවොත් ඉන්නවා. හංසරාජයොත් ඉන්නවා. කොවුලන්ගේ මිහිරි නාදයෙන් හැම විටම සුන්දර වෙනවා. නොයෙක් වර්ගයේ විසිතුරු මල් වර්ග, ගස් වර්ග ඒ වගේම පලොල් දඹ අසෝක ආදී ගසුත් පිරිල තියෙනවා. මට මෙවැනි සුන්දර විමානයක් තමයි පහළ වෙලා තියෙන්නෙ. පින්වත් ස්වාමීනි, මං දැන් ඒ ගැන ඔබ වහන්සේට කියන්නම්. අසනු මැනැව.

පින්වත් ස්වාමීනි, මගධ රටෙහි පෙරදිග පැත්තට වෙන්ට නාලක කියල ගමක් තියෙනවා. මං ඉස්සර හිටියේ ඒ නාලක ගමේ. මං ඒ ගමේ හිටපු ලේලියක්. ඒ කාලෙ මට කිව්වෙ සේසවතී කියල. සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ ගුණස්කන්ධය නම් අප්‍රමාණයි. දෙවිමිනිසුන් උන්වහන්සේව පුද දුන්නා. බුහුමන් කළා. ධර්ම අර්ථ විග්‍රහ කරන්න අතිශයින්ම දක්ෂයි. ඒ ගුණය ගැන මං හරියට සතුටු වුනා. උන්වහන්සේගේ ඒ සිරුරට මං සුවඳ මල් පූජා කළා. උන්වහන්සේ අන්තිමදේහ දැරුවා. උදාර සෘෂිවරයෙක්. අනුපාදිසේස පරිනිර්වාණයට පත්වුනා.

මං උන්වහන්සේට මල් පූජා කරලයි මිනිස් සිරුර අත්හැර මේ තව්තිසාවට ආවෙ. “

මල්ලිකා විමානය

මල්ලිකා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“ඔබට ස්වර්ණ වර්ණ වූ දිවසළු තියෙනවා. රන්වන් කොඩි ලෙල දෙනවා. රන් ආභරණවලින් බබලනවා. ඔබ හරිම සුන්දරයි. රන්වන් වස්ත්‍ර නැතුවත් සුන්දරයි. රන්වළලු පැළඳ ඉන්නවා. රනින් කළ මල් කළඹක් හිස දරා ඉන්නවා. රන්වන් දැලකින් සිරුර වසා ඉන්නවා. මැනික් මාලයක් පැළඳ ඉන්නවා. කවුද ඔබ?

විවිධ මාලයන් දරාගෙන ඔබ විචිත්‍ර වෙලා ඉන්නවා. ඔබ පැළඳ ඉන්නවා රන්වන් මල් මාලා, පත්මරාග මැණික් මාලා, මුතුමාලා, වෛරෝඩි මල් මාලා, මැසිරිගල් මාලා, රතුමැණික් මාලා, පරෙවි ඇස් වැනි මැණික් මාලා ඔබ පැළඳ ඉන්නවා. මේ මැණික් මාලාවලින් හරි අපූරු නාද දෙනවා. ඇතැම් මාලාවලින් මොණරුන්ගේ නාදය, ඇතැම් මාලාවලින් හංසයන්ගේ ගිගිරි නාද දෙනවා. ඇතැම් මාලාවලින් කෝකිල කූජන නාද දෙනවා. ඒ මනහර නාද ඇහෙන්නේ පංචාංගික තූර්ය නාදයක් වගේ.

ඔබේ දිව්‍ය යානාවත් විවිධ විචිත්‍ර මැණික්වලින් සරසලා තියෙනවා. මනස්කාන්තයි. සෝභාසම්පන්නයි. ඒ ඒ සැරසිල්ලට ඒ ඒ පාටට ගැලපෙන විදිහට ලස්සනට බෙදලා නිසා සෝභමානයි. ස්වර්ණ බිම්බයක් වන් ඒ සොඳුරු දිව්‍ය රථයේ ඔබ ඉන්න කොට මේ පළාතම බබලනවා. පින්වත් දෙව්දුව, දැන් අපි අහන්නෙ මේකයි. මෙවැනි පුණ්‍ය විපාකයක් ලබන්ට මොන වගේ පුණ්‍යකර්මයක්ද ඔබ කළේ?”

“අප්‍රමාණ ගුණස්කන්ධයක් තියෙන ගෞතම සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙ මං සිත පහදවා ගෙන රන් දැලක් සකස් කළා. රන්රුවනින් සැරසුවා. මුතු පැළැන්දුවා. ඊට පස්සෙ මං ඒ රන් දැල බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද ඒ කුසල් තමයි මං කළේ. ඒ නිසයි සෝකයක් නැතුව ලෙඩක් නැතුව සැප සේ මං දැන් සතුටු වෙන්නෙ.”

විසාලක්ඛී විමානය

විසාලක්ඛී විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“ලොකු ඇස් ඇති සුන්දර දෙව්දුව, ඔබේ නම මොකක්ද? දිව්‍ය අප්සරාවන් පිරිවරා ගෙන මේ රම්‍ය වූ චිත්‍රලතා වනයෙහි ඔබ ලස්සනට ඇවිදිනවා. තව්තිසාවැසි දෙවිවරුන් මේ චිත්‍රලතා වනයට එනවා. එතකොට ඒ දෙවිවරු තමන්ගේ යානාවන් දිව්‍ය රථ ඒ සෑම දෙයක්ම සමග විචිත්‍ර වෙලා යනවා. මේ චිත්‍රලතා වනෝද්‍යානයෙහි හැසිරෙන ඔබගේ ශරීරයෙහි රන්මල් ආදී විසිතුරු දේවල් පිහිටලා නෑ. ඔබේ සිරුර මෙතරම්ම සුන්දර වුනේ කොහොමද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේකයි. මේ ලැබුනේ කවර පින්කමක විපාකයක්ද?”

“පින්වත් දේවේන්ද්‍රය, මගේ මේ සොඳුරු රූ සපුවත් මගේ මේ සොඳුරු උපතත් මේ ඉර්ධියත් මේ ආනුභාවයත් ලැබුනේ යම්කිසි පිනක් නිසයි. සක් දෙවිඳුනි, ඒ ගැන මැනවින් අසනු මැනව.

මං ඉස්සර හිටියේ රම්‍ය වූ රජගහ නුවරයි. මං උපාසිකාවක්. මගේ නම සුනන්දා. මට හොඳ ශ්‍රද්ධාවක් තිබුනා. හොඳ සිලයකුත් තිබුනා. හැම තිස්සෙම ආසා කළේ දන් දෙන්ටමයි. සෘජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ හිතේ තිබුනේ බලවත් පැහැදීමක්. ඉතින් මම වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාරපාන, සේනාසන, තෙල්පහන් පූජා කරගත්තා.

චාතුද්දසී දවසට, පුන්පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරීය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසථ සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුනා. ඉඳුරන් සංවර කරගත්තා.

කාට ත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ. සතුන් මැරීමෙන් වැළකුනා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි.

චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුනා. ඒ නිසාමයි පැතිරුණු යසස් ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවිකාවක් වුනේ.

මට දිනපතාම නෑදෑයෙකුගේ දාසියක් මල්මාලා අරගෙන එනවා. මං ඒ මල්මාලා සියල්ලම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට ශ්‍රද්ධාවෙන් පූජා කළා. උපෝසථ දවසටත් මං ස්ථූප වන්දනාවට යනවා. පහන් සිතින්ම මේ දෑතින්ම මල් සුවඳ විළවුන් ස්ථූපයට පූජා කළා.

පින්වත් දෙවිදුනි, මගේ මේ සොඳුරු රූ සපුවත් මගේ මේ සොඳුරු උපතත් මේ ඉර්ධියත් මේ ආනුභාවයත් ලැබුනේ මං කරගත්තු මේ මල් මාලා පූජාව නිසයි. මං සිල්වත් තැතැත්තියක්ව සිටියා. තවම ඒ පින විපාක දීල නෑ. පින්වත් සක්දෙවිඳුනි, මගේ හිතේ ලොකු ආශාවක් තියෙනවා. ඒ සකදාගාමී වීම ගැනයි. “

 

පාරිච්ඡත්තක විමානය

පාරිච්ඡත්තක විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, මේ පරසතු රුක හරි මනස්කාන්තයි. සුරම්‍යයයි. ඒ කොබෝලීල මලින් ඔබ දිව්‍ය මල් මාලා ගොතමින් ගී ගයමින් සතුටු වෙනවා නේද? ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඉතා කන්කළු වූ මනරම් වූ දිව්‍ය නාදයන් නිකුත් වෙනවා. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඉතා මනරම් වූ දිව්‍ය සුගන්ධයන් නිකුත් වෙනවා. නටන ඔබේ සිරුර ලෙලදෙන විට ඔය කේශකලාපයෙහි ඇති සුන්දර පළඳනාවලිනුත් මිහිරි නාදය ඇහෙන්නෙ පංචාංගික තූර්යය නාදයක් වගේ.

ඔබේ හිසේ මුදුන් මල් කළඹක් තියෙනවා. මද සුළඟින් ඒ මුදුන් මල් කළඹ සැළෙද්දි එයිනුත් මිහිරි නාදය ඇහෙන්නෙ පංචාංගික තූර්යය නාදයක් වගේ. ඔබේ හිසෙහි පැළඳගෙන ඉන්න මල්දම හරිම ලස්සනයි. හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරිලා යන්නෙ පිපී සුවඳ හමන මඤ්ජූස්සක වෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනවා නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනවා නේද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේක යි. ඔබට මේ වගේ සම්පත් ලැබුනේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද?”

“ඒ අසෝක මල් මාලාව හරිම ප්‍රභාස්වරයි. කාන්තිමත්. පැහැයයි සුවඳයි දෙකම එක වගේ. මං ඒ මාලා දාමය බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද කුසල කර්ම තමයි මං කරගත්තේ. ඒ නිසාමයි සෝකයක් නැති ලෙඩ දුක් නැති මේ දිව්‍ය සැප ලබාගෙන මං සතුටු වෙන්නෙ. “

මඤ්ජෙට්ඨක විමානය

මඤ්ජෙට්ඨක විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“ඔබේ විමානය තද තැඹිලි පාටයි. මිදුලේ අතුරලා තිබෙන්නේ රන්වන් වැලි. පංචාංග තූර්ය නාදය හරි අගේට වාදනය වෙනවා නෙව. ඔබ එයට ඇලෙන්නෙ සතුටින්. මැණික්වලින් හැදුන ඒ දිව්‍ය විමානයෙන් ඔබ බහිනවා. හැම කාලෙකම ලස්සන මල් පිපුන සල් වනයටයි ඔබ එන්නෙ.

පින්වත් දෙව්දුව, ඔබ යම්ම සල්රුක් මුලකට ගියොත් හරි අපූරු දෙයක් වෙනවා. ඒ උතුම් සල් රුක් පහළට නැමිල ඔබ මත මල් හෙළනවා. ඒ සාලවනයේ සල් රුක් සුළඟින් සෙළවෙන්නෙ ලතාවකටයි. ලස්සන කුරුල්ලන් ඒ හැමතැනම ඉන්නවා. දස දිසාවටම සුවඳ හමා යන්නෙ මඤ්ජුස්සක රුකක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනවා නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනවා නේද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේකයි. ඔබට මේ වගේ සම්පත් ලැබුනේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද?”

“මං ඉස්සර මිනිස් ලෝකෙ මනුස්ස දුවක් වෙලා හිටියෙ. ස්වාමියාගේ නිවසේම මම දාසියක් වුනා. අපේ නිවසට වැඩිය බුදුරජාණන් වහන්සේ දැකල සල් මල් විසුරුවල උන්වහන්සේට පූජා කළා. මගේ හිත හරියට පැහැදුනා. ඉතින් මං සල් මල්වලින් ගොඩාක් ලස්සනට මුදුන් මල් කළඹක් හැදුවා. මං ඒක මගේ දෑතින්ම බුදුරජාණන් වහන්සේට පූජා කරගත්තා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද ඒ කුසල් තමයි මං කළේ. ඒ නිසයි සෝකයක් නැතුව ලෙඩක් නැතුව සැප සේ මං දැන් සතුටු වෙන්නෙ.”

පභස්සර විමානය

පභස්සර විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“සුන්දර දෙව්දුව, ඔබ ප්‍රභාස්වරයි. උතුම් වර්ණයෙන් බබලනවා. තද රතු පාටින් දිළෙන දිවසළු පොරොවාගෙන ඉන්නවා. මහා ඉර්ධිමත්. සඳුන් තැවරුවාක් වැනි සිරුරක් තියෙනවා. මා හට වන්දනා කරන ඔබ කවුද? ඔබේ ඔය ආසනයත් හරි වටිනා එකක්. නානා මැණික් වර්ගවලින් පුදුම විදිහට අලංකාර වෙලා තියෙනවා. ඔබ ඔය ආසනයෙහි වාඩිවෙලා ඉන්න කොට බබලන්නෙ නන්දන වනයෙහි සිටින සක්දෙවිඳු වගේ. සුන්දරී, ඔබ මොන වගේ සුචරිතවත් ජීවිතයක්ද ගත කළේ. මේ දෙව් ලොවදී ඔය අනුභව කරන්නේ මොන වගේ පුණ්‍ය කර්මයක විපාකයක්ද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේකයි. මෙවැනි පුණ්‍ය ඵලයක් ලබන්ට මොන වගේ පුණ්‍ය කර්මයක්ද කළේ?”

“ස්වාමීනි, එදා ඔබවහන්සේ පිණ්ඩපාතෙ වැඩම කළා. එතකොට මං දෑසමන් මල් මාලාවකුත් උක් හකුරු පැනිත්තකුත් ඔබ වහන්සේට පූජා කළා. ඒ කර්මයේ විපාක වශයෙන් තමයි දිව්‍ය ලෝකයේ මේ සැප විඳින්නේ.

නමුත් ස්වාමීනි, මට ලොකු පසුතැවිල්ලක් තියෙනවා. මට වැරදුනා. මගේ අතින් කෙරුනේ වැරැද්දක්. ධර්මරාජයන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද ඒ ශ්‍රී සද්ධර්මයට මං සවන් දුන්නෙ නෑ.

ස්වාමීනි, ඔබවහන්සේට මං මේ කියන්නෙ. යම් කෙනෙකුට මං ගැන අනුකම්පාවක් තියෙනවා නම් අනේ ඒ කවුරු හරි කෙනෙක් ධර්මය රාජයන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද ඒ ශ්‍රී සද්ධර්මය තුළ මාව සමාදන් කරවන්න. ඇතැම් දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ ගැනත්, ධර්මය ගැනත්, ආර්ය සංඝරත්නය ගැනත් ශ්‍රද්ධාවක් තියෙනවා. අන්න ඒ දෙවිවරුන් ආයුෂයෙන් යසසින් සිරියාවෙන් මාව ඉක්මවා ලස්සනට බබලනවා. අනිත් මහා ඉර්ධිමත් දෙවිවරු වර්ණයෙන් හරි ප්‍රතාපවත්. උත්තරීතරයි. මට වඩා සැප තියෙනවා. “

නාග විමානය

නාග විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

පි

“පින්වත් දෙව්දුව, අහස් ගමන් ඇති උතුම් හස්තියෙකුගේ පිට නැඟලා අහසින්ම නේ ඔබ මේ ආවේ. ඇතාව සරසලා තිබෙන හැටි නම් හරි සුන්දරයි. රන් මැණික් සැරසූ රන් දැලකින් විචිත්‍රවත් කරලයි මේ ඇතාව තියෙන්නෙ. මේ ඇතාගේ දළ දෙක මත නිල්වන් ජලය තියෙන, පිපුන නෙළුම් තියෙන ලස්සන පොකුණු දෙකක් පහළ වෙලා. ඒ පිපුණු නෙළුම් මත පංචාංගික තූර්යනාද මිහිරට නාද වෙද්දි මේ මනහර දිව්‍ය අප්සරාවන් ලස්සනට නටනවා. මහානුභාව ඇති දෙව්දුව, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත්වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.”

“බරණැස් නුවරදී මං බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට ගියා. වස්ත්‍ර දෙකක් පූජා කරගත්තා. ඒ සිරිපා යුග වන්දනා කරගත්තා. බිම වාඩි වුනා. මට හරි සතුටුයි. මං වැඳගෙන හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ තනි රත්තරන් පාටයි. උන්වහන්සේ මට දුක හට ගන්න හැටිත්, දුකත් මේ අනිත්‍යතාවත් වදාළා. ඒ වගේම මේ අසංඛත වූ සනාතන වූ දුක් නැති තැන වන නිවන ගැනත් වදාළා. කෙලෙස් දුරුවෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් වදාළා. මට ආයුෂ තිබුණේ ටිකයි. මං මැරුනා. ඒ ලෝකෙන් චුත වුනා. ඊට පස්සෙ තමයි මේ තව්තිසාවේ දෙවියන් අතර යසස් ඇතිව උපන්නෙ. දැන් මං සක් දෙවිඳුගේ බිරිඳක්. මගේ නම හැමතැනම පැතිරිලා තියෙන්නෙ. මම යසුත්තරා. “

අලෝමා විමානය

අලෝමා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැමදිසාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව් දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින් ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං බරණැස් නුවරදී හිරු ගොත් වංශයේ ඤාතිවරයා වන බුදුරජාණන් වහන්සේට පහන් සිතින් යුතුව මගේ දෑතින්මයි වියලි පිට්ටුවක් පූජා කළේ. ඒ පිට්ටුව වියලි එකක්. ලුණු තිබුනෙත් නෑ. එබඳු දානයෙහි පවා විපාකය බලන්න. එබඳු දෙයකට මෙබඳු සැපවත් දෙව්ලොවක ඉන්න මේ අලෝමා දෙව්දුව දැක දැකත් පින් නොකරන්නෙ කවුද? ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ.

ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. “

 

කඤ්ජිකදායිකා විමානය

කඤ්ජිකදායිකා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. “

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව් දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින් ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං අන්ධකවින්ද රටේදි තමයි ආදිච්චබන්ධු වූ බුදුරජාණන් වහන්සේට කැඳක් පූජා කරගත්තේ. ඒක හොඳ හැටියට තෙම්පරාදු කරපු බෙහෙත් කොළ කැඳක්. ඒකට මං තිප්පිලි දැම්මා. සුදු ළුෑණු දැම්මා. සැවැන්දරා දැම්මා. සෘජු සිත් ඇති බුදුරජාණන් වහන්සේ ගැන චිත්තප්ප්‍රසාදයෙන්මයි මං ඒ බෙහෙත් කැඳ පූජා කරගත්තේ.

සියලු අඟපසඟින් සුන්දර වූ ස්ත්‍රියක් ඉන්නවා. තමන්ගේ ස්වාමියාට ඇගේ දැක්මත් අලාමකයි. ඇය සක්විති රජුගේ අගමෙහෙසිය බවට පත්වෙනවා. ඒ වුනාට ඒ සම්පත් මේ බෙහෙත් කැඳ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නෙ නෑ. ලක්ෂයක් රන්කහවණු, ලක්ෂයක් අශ්වයන්, අශ්වෙළඹුන් යොදවපු ලක්ෂයක් අශ්වරථ, සුන්දර මිනිකොඩොල් ආභරණවලින් සැරසුණු ලක්ෂයක් කණ්‍යාවන් කියන මේ කිසිදෙයක් බෙහෙත් කැඳ දාන විපාකයෙන් සොලොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නෙ නෑ.

හේමවත කියන වටිනා ඇත්තු ජාතියක් ඉන්නවා. ඒ ඇතුන්ට උතුම් රථරෝදයේ හැඩයට කරකැවී ගිය ඇත් දළ තියෙනවා. රනින් කරපු ආභරණවලින් ඒ ඇතුන්ගෙ බෙල්ල සරසලා තියෙනවා. එබඳු සෝභමාන වූ ඇතුන් සියයක් ලැබුනත් බෙහෙත් කැඳ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නෙ නෑ. මේ ලෝකයෙහි කවුරු හරි කෙනෙක් සිව්මහ දිවයිනට අධිපති වෙලා සක්විති රජපදවියට පත්වෙනවා නම් බෙහෙත් කැඳ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නෙ නෑ.”

විහාර විමානය

විහාර විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඉතා කන්කලු වූ මනරම් වූ දිව්‍ය නාදයන් නිකුත් වෙනවා. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඉතා මනරම් වූ දිව්‍ය සුගන්ධයන් නිකුත් වෙනවා. නටන ඔබේ සිරුර ලෙලදෙන විට ඔය කේශකලාපයෙහි ඇති සුන්දර පළඳනාවලිනුත් මිහිරි නාදය ඇහෙන්නෙ පංචාංගික තූර්යය නාදයක් වගේ.

ඔබේ හිසේ මුදුන් මල් කළඹක් තියෙනවා. මද සුළඟින් ඒ මුදුන් මල් කළඹ සැළෙද්දි එයිනුත් මිහිරි නාදය ඇහෙන්නෙ පංචාංගික තූර්යය නාදයක් වගේ. ඔබේ හිසෙහි පැළඳගෙන ඉන්න මල්දම හරිම ලස්සනයි. හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරිලා යන්නෙ පිපී සුවඳ හමන මඤ්ජුස්සක වෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනවා නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනවා නේද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේකයි. ඔබට මේ වගේ සම්පත් ලැබුනේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද?”

“ස්වාමීනි, සැවැත් නුවර මගේ යෙහෙළියක් හිටියා. ආර්ය සඟරුවන උදෙසා ඇය මහ විහාරයක් කෙරෙව්වා. මං ඒ ගැන ගොඩාක් සතුටු වුනා.මං ඒ පින අනුමෝදන් වුනා. ඒ ප්‍රාසාදය මං දැක්කා. මටත් ඒ සඟ රුවන ගැන හරි ප්‍රියක් තියෙන්නෙ. මං මේ පින අනුමෝදන් වුනේ පිරිසිදු සිතින්මයි. දර්ශනීය වූ මේ පුදුම සහගත දිව්‍ය විමානය පහළ වුනේ ඒ නිසාමයි. මගේ පුණ්‍ය ඉර්ධියෙන් අහසේ සොළොස් යොදුනක් පුරා මේ විමානය ගමන් කරනවා. ඒ මගේ දිව්‍ය විමානයේ සුවිසාල මන්දිර තියෙනවා. හරි අපූරුවට කාමර බෙදලා තියෙනවා. හාත්පස සතර දිග්භාගයේම ඒ විමානය දිළිසෙනවා.

මෙහෙ ලස්සන පොකුණු තියෙනවා. පතුලෙ තියෙන්නෙ රත්රන් වැලි. වතුර ටික හරිම අගෙයි. හොඳට පෑදිලා තියෙන්නෙ. දිව්‍ය මාළු රංචු මෙහි පීනනවා. ඒ පොකුණේ ලස්සන ලස්සන නෙළුම් පිපෙනවා. සුදු නෙළුම් පිපිල හැම තැනම තියෙනවා. සිනිඳු සුළඟ හමා ගෙන යද්දි හරිම සුවඳයි. එහි ජම්බු තියෙනවා. කොස් තියෙනවා. තල්පොල් තියෙනවා. කවුරුවත් හිටවලා නෑ. නමුත් ඒ විමානයේ එක එක විදිහේ ගස් ජාති පහළ වෙලා තියෙනවා.

නා නා තූර්යය වාදනවලින් මිහිරි සංගීතය පැතිරෙනවා. අප්සරාවන් පිරිවරා ගෙන ඉන්නවා. ඉතින් යම් කෙනෙක් මාව සිහිනෙන්වත් දැක්කොත් ඒ මනුස්සයාට ප්‍රීතියක්මයි ඇති වෙන්නෙ. මේ විදිහේ පුදුමාකාර දර්ශනීය හැම අතින්ම ආලෝකමත් විමානයක් මට ලැබුණේ මං කරගත්තු පින්වලින්මයි. ඒ නිසා පින් කිරීමමයි හොඳ. “

“ඔබේ ඒ පිරිසිදු පුණ්‍යානුමෝදනාවෙන්ම තමයි මේ පුදුමාකාර දර්ශනීය විමානය ලැබුනේ. ඉතින් ඒ විහාරදානය දීපු ස්ත්‍රිය කොහේද උපදින්න ඇත්තෙ? ඇගේ ගතිය කියනවාද? “

“ස්වාමීනි, එයා මගේ යෙහෙළිය නෙව. එයා නෙ ආර්ය සංඝයාට ඒ මහා විහාරය හදවලා පූජා කළේ. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අවබෝධයක් ඇතුවයි ඈ දන් දුන්නේ. ඇය උපන්නෙ නිම්මාණරතියෙ දෙවියන් අතරයි. දැන් ඈ සුනිම්මිත දෙව්රජුගේ බිරින්දෑ වෙලා ඉන්නේ. ඇගේ පුණ්‍ය විපාකය නම් සිතින් සිතා ගන්ටවත් බෑ. ඇය කොහේද උපන්නෙ කියල නේ මගෙන් ඇහුවෙ. මං ඔබවහන්සේට කිව්වෙ ඇති සැටියෙන්මයි. ඒ නිසා අනිත් උදවියවත් කුසල් දහම්වලයි සමාදන් කරවන්ට ඕන. සතුටු සිතින් යුතුව ආර්ය සංඝයාට දන් පූජා කරන්ට ඕන. සිත පහදවා ගෙනමයි බණ අසන්ට ඕන.

මේ මනුස්ස ජීවිතයක් ලැබීම කියන්නෙ අතිශයින්ම දුර්ලභ වූ ලැබීමක්. තනි රත්තරන් පාටින් යුතු මධුර වූ බ්‍රහ්මස්වර ඇති බුදුරජාණන් වහන්සේ තමයි මේ ශ්‍රේෂ්ඨ වූ යහපත් මාර්ගය වදාළේ. ඒ නිසා යම් කෙනෙකුට පූජා කරන දානය මහත්ඵල උපදවයිද අන්න ඒ දානය සතුටු සිතින් යුතුව ආර්ය සංඝරත්නයටයි පූජා කරන්ට ඕන. බුද්ධාදි සත්පුරුෂයන් වහන්සේලා ප්‍රශංසා කරන ආර්ය පුද්ගලයන් අට දෙනෙක් ඉන්නවා. යුගල වශයෙන් ගත්තොත් යුගල හතරක් වෙනවා.

සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ඒ ආර්යයන් වහන්සේලා දන් පැන් ලැබීමට සුදුසු යි. උන්වහන්සේලාට පූජා කරන දානය මහත්ඵල ලබාදෙනවා. මාර්ගස්ථ පුද්ගලයන් හතර දෙනයි. ඵලස්ථ පුද්ගලයන් සිටින්නෙත් හතර දෙනයි. මේ තමයි සෘජු සිත් ඇති ආර්ය සංඝරත්නය. උන්වහන්සේලා ප්‍රඥා සම්පන්නයි. සීල සම්පන්නයි. සමාහිත සිතින් යුක්තයි. න්පැන් දෙන මිනිස්සු ඉන්නවා. පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නෙ. යම් ඒ ආර්ය සංඝයාට දෙන දානය තමයි මහත්ඵල විපාක ලබාදෙන්නෙ. මේ ආර්ය සංඝයා වනාහි මහානීය ගුණයෙන් යුක්ත යි. මිණිය නොහැකි ගුණයෙන් යුක්තයි. සාගර ජලය වගේ.

නරවීරයන් වහන්සේගේ ශ්‍රාවක වූ මේ පිරිසම තමයි ශ්‍රේෂ්ඨ. ධර්මය බෙදා දෙමින් ලෝකය එළිය කරන්නෙ ඔවුන් තමයි. අන්න ඒ ආර්ය සංඝයාට දන් පැන් පූජා කර ගත්තොත් නිසි තැනට පූජා කළා වෙනවා. ඒක තමයි හරි විදිහට දීපු දේ. ඒක තමයි නියමාකාරයෙන් කරගත්තු යාගය. ලෝකවිදූ වූ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරල තියෙනවා ආර්ය සංඝයාට පූජා කරන දක්ෂිණාව මහත්ඵල ලබාදෙනවා කියල. එවැනි ආර්ය සංඝයා උදෙසා දෙන දානය සිහි කරන්ට ඕන. එතකොට එයාලාට හරි සතුටක් ඇති වෙනවා. මසුරුමළ මුලින්ම දුරු කරලා ලෝකයේ ජීවත් වෙන්න පුළුවනි. නින්දා රහිත වූ ස්වර්ග ලොවෙහි උපදින්ටත් පුළුවනි. “

චතුරිත්ථි විමාන

චතුරිත්ථි විමාන

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

ඉන්දීවරදායිකා: “ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පණ්ණකත කියන රම්‍ය වූ නගරය තිබුනේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට ඇහැල මල් කළඹක් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙ දි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.  “

(උතුම් මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ආනුභාවයෙන් බබලමින් ඉන්න තවත් සුන්දර දිව්‍යාංගනාවන් තුන් දෙනෙකුගෙන් තමන් කරපු පින් ගැන ඇහුවා. ඒතකොට ඔවුන් මෙහෙමයි කිව්වේ)

නීලුප්පලදායිකා: ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පණ්ණකත කියන රම්‍ය වූ නගරය තිබුනෙ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට නිල්මහනෙල් මල් කළඹක් පූජා කළා……

ඕදතමූලදායිකා: ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පණ්ණකත කියන රම්‍ය වූ නගරය තිබුනේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට නෙළුම් මල් කළඹක් පූජා කළා. ඒ නෙළුම්වල සුදු මුල් තියෙනවා. කොළ පැහැති පත්‍ර තියෙනවා. විලේ තමයි ඒවා හැදුනේ………

සුමනමකුළදායිකා: මං සුමනා. ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පණ්ණකත කියන රම්‍ය වූ නගරය තිබුනේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට ඇත්දළ පාටින් යුතු දෑසමන් මල් කැකුළු පූජා කළා………

අම්බ විමානය

අම්බ විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබේ දිව්‍යමය අඹ වනය හරිම රමණීයයි. මෙහි විමානයත් හරි විශාලයි නෙව. විවිධාකාර තූර්ය වාදන හඬ ඇහෙනවා. අප්සරාවන්ගේ කතා බහ ඇහෙනවා. මෙහි රනින් හැදුනු මහා පහනක් තියෙනවා. ඒක නිතරම දැල්වෙනවා. වටේට තියෙන ගස්වල තිබෙන්නේ දිව්‍ය සළුපිළිවලින් හැදුනු පලතුරු. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං ඉස්සර මනුස්ස ලෝකෙදි මිනිස් දුවක් වෙලා හිටියේ. මං ආර්ය සංඝරත්නයට විහාරයක් කරවලා පූජා කළා. ඒ භූමිය අඹ ගස්වලින් පිරිල තිබුනා. ඒ විහාරයේ වැඩ අවසන් වුනාම විහාර පූජාව සිදුකරන කොට මං ලස්සන රෙදිවලින් පලතුරු ගෙඩි හදවලා ඒ අඹ රුක් සැරසුවා. මං එහි පහනක් දැල්වූවා. උතුම් සංඝයා වහන්සේට දන් වැළඳෙව්වා. මං ඒ විහාරය මේ දෑතින් ම ආර්ය සංඝයාට පූජා කළේ පහන් සිතින්මයි. ඒ නිසයි මේ රමණීය දිව්‍යමය අඹ වනය මට ලැබුනේ. මෙහි විමානයත් හරි විශාලයි තමයි. විවිධාකාර තූර්ය වාදන හඬ ඇහෙනවා තමයි. අප්සරාවන්ගේ කතාබහ ඇහෙනවා තමයි.

මෙහි රනින් හැදුනු මහා පහනකුත් තියෙනවා. ඒක නිතරම දැල්වෙනවා. වටේට තියෙන ගස්වල දිව්‍ය සළුපිළිවලින් හැදුනු පලතුරුත් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. “

චන්දන විමානය

චන්දන විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“ස්වාමීනි, මං ඉස්සර මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. මං දැක්කා සිල්වත් ශ්‍රමණයන් වහන්සේලාව. මගේ හිත පැහැදුනා. මං උන්වහන්සේලා ගේ දෙපා වන්දනා කළා. මට හරි සතුටුයි. මං වැඳගෙන හිටියා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.”

පීත විමානය

පීත විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“ඔබට රන්වන් දිවසළු තියෙනවා. රන්කොඩි ලෙල දෙනවා, රන් ආභරණවලින් සැරසිලා ඉන්නවා. රන්වන් පාට සඳුන්වලින් ගත තවරාගෙන ඉන්නවා. රන්වන් පාට මහනෙල් මල් පැළඳගෙන ඉන්නවා.  ප්‍රාසාදයත් රන්වන්. සයනාසනත් රන්වන්. රන්බඳුන් තියෙනවා. රන්වන් කුඩ තියෙනවා. දිව්‍ය රථත් රන්වන්. ඒ අශ්වයනුත් රන්වන් පාටයි. ඒ විජිනි පතුත් රන්වන් පාටයි. සුන්දරී, ඔබ ඉස්සර මනුස්ස ලෝකෙදි මොන වගේ කුසල කර්මයක්ද කළේ. පින්වත් දෙව්දුව, අපි මේ ඔබෙන් අහන්නෙ මෙවැනි පුණ්‍ය විපාකයක් ලබන්ට හේතු වුන පුණ්‍ය කර්මය ගැනයි.”

“සක් දෙවිඳුනි, වැටකොළු නමින් වැල් ජාතියක් තියෙනවා. මං ඒ වැලෙන් මල් හතරක් කඩාගත්තා. මට ලොකු බලාපොරොත්තුවක් තිබුනෙ නෑ. මං ඒ මල්ගෙන බුදු රජුන්ගේ ස්ථූපය කරා ගියා. ශාස්තෘන් වහන්සේ ගේ උතුම් බුදු සිරුර ගැන හිතද්දී මගේ හිතට පුදුමාකාර සතුටක් දැනුනා. මං ඒ ස්ථූපය ගැනමයි සිත සිතා හිටියේ.

ඒ ගවදෙන එනවා මං දැක්කෙ නෑ. මට ස්ථූපය ළඟට ගිහින් මල් පූජා කරගන්නා අදහස ඉටුකර ගන්න බැරි වුනා. ගව දෙන ඇනලා මං මැරුනා. ඉතින් මට ඒ පින රැස් කර ගන්න පුළුවන් වුනා නම් මීටත් වඩා උතුම් සැප ලැබෙනවා කියලයි මට හිතෙන්නේ. පින්වත් දේවේන්ද්‍රය, මඝවා නම් වූ උතුම් දෙවිඳ. මං ඒ පුණ්‍ය කර්මයෙන් තමයි මිනිස් ශරීරය අත්හැරලා ඔබ අතරට පැමිණුනේ. “

තව්තිසා දෙව්ලොවට අධිපති මඝවා නම් වූ ඒ උතුම් දෙවිදුන් තව්තිසා දෙවිවරුන්ව පැහැදෙන විදිහට මාතලී දිව්‍ය පුත්‍රයාට මෙහෙම කිව්වා.

“පින්වත් මාතලී, මේ පුණ්‍ය විපාකය දිහා බලන්න. හරි අසිරිමත් නේද? දිය යුතු දේ ඉතා යන්තම් දෙයක් වුනත් ඒ පින මහත්ඵල ඉපදෙව්වා නෙව. තථාගත වූ බුදුරජාණන් වහන්සේ ගැන වේවා, තථාගත ශ්‍රාවකයන් ගැන වේවා සිත පහදවා ගෙන සුළු දෙයක් දුන්නත් ඒ දක්ෂිණාව අල්ප වෙන්නෙ නෑ. පින්වත් මාතලී, එන්න අපිත් තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වඩ වඩාත් පුදමු. පින් කිරීමමයි සැපය කියන්නෙ.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීත්, උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් සම සිතින්ම යම් පූජාවක් කරනවා නම් සම විපාක ලැබෙනවා. මේ සත්වයන් සුගතියේ උපදින්නෙ සිත පිහිටුවා ගන්නා වූ යහපත් දේ අනුවමයි. යම් කෙනෙකුට පූජා සත්කාර කරන දායකයන් සුගතියේ උපදිනවා නම්, ඒ තථාගතයන් වහන්සේලා ඒකාන්තයෙන්ම ලෝකයට පහළ වන්නේ බොහෝ දෙනාට යහපත උදාකරන්ටමයි.”

 

රජ්ජුමාලා විමානය

රජ්ජුමාලා විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඉතා කණ්කළු වූ මනරම් වූ දිව්‍ය නාදයන් නිකුත් වෙනවා. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් මනරම් වූ දිව්‍ය සුගන්ධයන් නිකුත් වෙනවා. නටන ඔබේ සිරුර ලෙලදෙන විට ඔය කේශකලාපයෙහි ඇති සුන්දර පළඳනාවලිනුත් මිහිරි නාදය ඇහෙන්නෙ පංචාංගික තූර්යය නාදයක් වගේ.

ඔබේ හිසේ මුදුන් මල් කළඹක් තියෙනවා. මද සුළඟින් ඒ මුදුන් මල් කළඹ සැළෙද්දි එයිනුත් මිහිරි නාදය ඇහන්නෙ පංචාංගික තූර්යය නාදයක් වගේ. ඔබේ හිසෙහි පැළඳගෙන ඉන්න මල් දම හරිම ලස්සනයි. හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරිලා යන්නෙ පිපී සුවඳ හමන මඤ්ජුස්සක වෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනවා නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනවා නේද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේකයි. ඔබට මේ වගේ සම්පත් ලැබුනේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද?”

“මං ඉස්සර හිටියේ ගයාවේ. බ්‍රාහ්මණයෙකුගේ නිවසේ දාසියක් වෙලා සිටියා. මට පින් තිබුනෙ නෑ. මං අවාසනාවන්තියක්. මට කවුරුත් කිව්වේ රජ්ජුමාලා කියලා. මට හරියට ආක්‍රෝශ ලැබුනා. වදවේදනා ලැබුනා. තර්ජන ලැබුනා. මට මේ ජීවිතය එපා වුනා. මං කලය අතට ගත්තා. වතුර ගේන්ට යන එකියක් වගේ මං ගෙදරින් නික්මිලා ගියා. යන පාරෙන් ඈතට වෙන්ට කලය තිබ්බා. වන ලැහැබ ඇතුළට ගියා. මම මෙහෙදිම මැරෙනවා. මේ විදියට මගේ ජීවිතෙන් ඇති ඵලේ මොකක්ද? තොණ්ඩුව හිරවෙන්ට ගැට ගැහුවා. ගහක එල්ලුවා. මේ වනයේ පෙනෙන්ට කවුරුත් ඉන්නවා දැයි කියල මම වටපිට බැලුවා.

මං එතකොට දැක්කා. මුළු ලෝකයටම හිතවත් වූ මුනීන්ද්‍රයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ රුක් සෙවණක භාවනා කරනවා. උන්වහන්සේට නම් කොහෙන්වත් භයක් නෑ. ඒ මට හරිම සංවේගයක් හටගත්තා. මටම පුදුමයි. මගේ ඇගේ මවිල් කෙලින් වුනා. වනාන්තරයේ ඉන්න මේ උත්තමයා කවුද? මිනිහෙක් ද? නැතිනම් දෙවියෙක්ද? දුටු දුටුවන් පහදිනවා. ප්‍රාසාදනීයයයි. කෙලෙස් වනයෙන් එළියට ඇවිදින් නිවනට පත් වුනා. උන්වහන්සේව දැක්කට පස්සෙ මගේ හිත පැහැදුනා. මේ උත්තමයා නම් එසේ මෙසේ කෙනෙක් නොවෙයි. ඉඳුරන් රැකගෙනයි ඉන්නෙ. ධ්‍යානයෙහි ඇලිල ඉන්නෙ. නිවන තුළයි හිත තියෙන්නෙ. මුළු ලෝකයටම හිතවත්. මේ නම් බුදුරජාණන් වහන්සේ තමයි. භය තැති ගැනීම් කියන දේවල් උන්වහන්සේට නම් වෙන්නෙ නෑ. ගුහාවක ඉන්න සිංහරාජයෙක් වගේ අතිශයින්ම දුර්ලභ දර්ශනයක්. දිඹුල් මලක් දැක ගැනීමත් ඒ වගේමයි.

ඒ තථාගතයන් වහන්සේ මොලොක් වචනවලින් “රජ්ජුමාලා” කියල මට කතා කරල තථාගතයන් වහන්සේව සරණ යන්න කියල වදාළා. ඒ වචනවල කිසි දෝෂයක් නෑ. හරි ම අර්ථවත්. පිරිසිදුයි. මිහිරියි. බුද්ධිමත්. මොලොක්. රසවත්. හැම ශෝකයක්ම දුරුවෙනවා. මං ඒ වචන අහගෙන හිටියා. ගේ සිත පැහැදුනා. පිරිසිදු වුනා. අවබෝධයට සුදුසු පරිදි සකස් වුනා. ඒ බව දැනගත් සකල ලොවට ම හිතැති තථාගතයන් වහන්සේ මට අනුශාසනා කොට වදාළා. ‘මේක තමයි දුක. මේක තමයි මේ දුකේ හට ගැනීම. මේක තමයි දුක නිරුද්ධ වීම. ඒ අමා නිවන කරා යන මාර්ගය මේක තමයි’ කියල මට වදාළා.

ලෝකානුකම්පා ඇති නිවන් මගෙහි දක්ෂ වූ බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙහි මං පිහිටියා. ඒ ශාන්ත වූ අමරණීය වූ අමා මහ නිවන මට තේරුනා. ඒ මං චතුරාර්ය සත්‍ය දර්ශනය නැමැති අවබෝධය නිසා දැඩි ප්‍රේමයක් ඇති වුනා. අකම්පිත වුනා. මුල් බැසගත්තා. මගේ ශ්‍රද්ධාව ස්ථීර වුනා. මං බුදුරජුන් ගේ ළයෙහි උපන් දෝණි කෙනෙක් වුනා.

දැන් මං සතුටු වෙනවා. කෙළිසෙල්ලම් කරනවා. ප්‍රීති වෙනවා. සතර අපා භයක් ඇත්තේම නෑ. දිව්‍ය මල් මාලා දරනවා. මධුමද්දව නම් නදියෙන් තමයි පැන් බොන්නෙ. මාව ප්‍රබෝධවත් කරන්ට තූර්ය වාදන හැට දහසක් තියෙනවා. ඒ වගේම ආලම්බ, ගග්ගර, භීම, සාධුවාදී, සංසය, පොක්ඛර, සුඵස්ස කියන දිව්‍ය පුත්‍රයනුත් වීණා, මොක්ඛා, නන්දා, සුනන්දා, සෝණදින්නා, සුවිම්භිතා, අලම්බුසා, මිස්සකේසී, පුණ්ඩරීකා, අතිචාරුණී, ඒනිඵස්සා, සුඵස්සා, සුභද්දා, මුදුවාදිනී, ඔය අප්සරාවනුත් දිව්‍ය සංගීතියෙහි ප්‍රශංසා ලබන සිත් පුබුදු කරවන තව අප්සරාවනුත් ඉන්නවා. එයාල සුදුසු වෙලාව බලල මං ළඟට ඇවිත් මෙහෙම කියනවා. හොඳයි අපි නටමු. සිංදු කියමු. අපි ඔයාව සන්තෝෂ කරනවා.

මේ දිව්‍ය විමානය පින් නොකළ උදවියට ලැබෙන්නෙ නෑ. පින්කළ උදවියටමයි මේ ශෝක නැති සිත්කළු තව්තිසාවේ නන්දන වනය ලැබෙන්නෙ. පින් නොකළ උදවියට මෙලොව හෝ පරලොව හෝ සැපයක් ලැබෙන්නෙ නෑ. මෙලොව පරලොව දෙකේම සැප ලැබෙන්නෙ පින්කළ උදවියටමයි.

තව්තිසා දිව්‍ය ලෝකෙ යන්න කැමැති උදවිය වැඩි වැඩියෙන් පින් කරන්න ඕන. පින්කරපු උදවිය විතරමයි ස්වර්ගයෙහි ඉපදිලා සැපසම්පත් ලබාගෙන සතුටු වෙන්නෙ. ඒකාන්තයෙන්ම බොහෝ දෙවි මිනිසුන්ට යහපත් පිණිසමයි තථාගතයන් වහන්සේලා පහළ වන්නේ. මිනිසුන්ගේ දන් පැන්වලට සුදුසු පින් කෙත වන ආර්ය ශ්‍රාවකයන්ගේ ආකාරය කියන්නේ බුදුවරයන් වහන්සේලාටයි. යම්බඳු ඒ උතුමන්ට පුද සත්කාර කරලයි දායකයන් සුගතියේ ඉපදිලා සතුටු වන්නේ.”

උච්ඡු විමානය

උච්ඡු විමානය

ඛුද්දක නිකාය | විමානවත්ථු

“පින්වත් දෙව්දුව, ඔබ නම් අහසත් පොළොවත් එළිය කරන ඉරක් හඳක් වගේ. හැබෑවටම බබලනවා. සක් දෙවිඳු ප්‍රධාන තව්තිසා දෙවියන් පරදවලා බබලන බ්‍රහ්මරාජයෙක් වගේ ඔබත් බබලනවා. සිරියාවෙනුත් සරීර සෝභාවෙනුත් යසසිනුත් තේජසිනුත් බබලනවා. සුන්දර දෙව්දුව, නිල් මහනෙල් මල් මාලාවන් තමයි ඔබ පැළඳගෙන ඉන්නෙ. ඔබට දිළිසෙන රන්වන් සමක් තියෙනවා. ඒ සොඳුරු සිරුර අලංකාර වස්ත්‍රවලින් සරසාගෙන ඉන්නෙ.

ඇත්තෙන්ම මට වන්දනා කරන ඔබ කවුද? ඔබ කලින් ජාතියකදී මොන වගේ පුණ්‍යකර්මයක්ද කරගත්තෙ? හරි අගේට දන් පැන් පුදන්න ඇති නේද? එහෙම නැත්නම් ඉතා හොඳින් සිල් රැකගන්න ඇති. මේ යසස් ඇති සුගතියෙහි උපදින්න හේතු වුනේ මොන වගේ දෙයක්ද? පින්වත් දෙව්දුව, ඔය පුණ්‍ය විපාකය ලැබුණු පුණ්‍ය කර්මය ගැන අසන අපට පිළිතුරු දෙන්න. “

ස්වාමීනි, දැන් මේ ගමේදිමයි ස්වාමීන් වහන්සේ නමක් අපේ නිවසට පිණ්ඩපාතෙ වැඩියේ. මගේ හිත පැහැදුනා. පුදුමාකාර ප්‍රීතියක් ඇති වුනා. ඉතින් මං උක් දණ්ඩක් රැගෙන මුඹ වහන්සේට පූජ කළා. පස්සෙදි නැන්දා මගෙන් ඇහුවා “ලෙහෙලියේ, උක් දණ්ඩ කොහෙද තිබ්බේ” කියලා. මං එතකොට මෙහෙම කිව්වා. “මං ඒක වීසි කළේ නෑ. කෑවෙත් නෑ. ශාන්ත විහරණ ඇති ස්වාමීන් වහන්සේ නමකට මං ඒක පූජා කළා” කියල. “අහා! එතකොට මේ ගෙදර ප්‍රධානියා තීද? එහෙම නැත්නම් මං ද?” කියල නැන්දා මට පරිභව කළා. එතැන තිබුණු ගල් කැටයක් අරගෙන මට පහර දුන්නා.

මං මැරුනා. එයින් චුත වෙලා තමයි මං දෙව්දුවක් වුනේ. මං කරගත්තෙ ඒ කුසල කර්මය විතරයි. තමන් කරගත්තු ඒ කුසල කර්මය නිසා මං දැන් සැප විඳිනවා. දෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මං කරගත්තෙ ඒ කුසල කර්මය විතරයි. තමන් කර ගත්තු ඒ කුසල කර්මය නිසා මං දැන් සැප විඳිනවා. සක් දෙවිඳුන් තමයි මේ තව්තිසාව රකින්නෙ. ඒ දෙවිවරු තමයි මාව රකින්නෙ. එනිසා මං දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මෙබඳු වූ උක්දඬු පූජාවකින් වුනත් මහා පුණ්‍යවිපාක තියෙනවා. මේ ලැබුණු පුණ්‍යඵලය අල්ප දෙයක් නම් නෙවෙයි.

මං දෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මෙබඳු වූ උක්දඬු පූජාවකින් වුනත් මහා පුණ්‍යවිපාක තියෙනවා. මේ ලැබුණු පුණ්‍යඵලය අල්ප දෙයක් නම් නෙවෙයි. සක් දෙවිඳුන් තමයි මේ තව්තිසාව රකින්නෙ. ඒ දෙවිවරු තමයි මාව රකින්නෙ. එනිසා මං සක්දෙවිඳුන් වගේ සැපතින් සතුටු වෙනවා. ස්වාමීනි, මහත් අනුකම්පා ඇති ඤාණවන්ත වූ මුඹ වහන්සේ ළඟට මං ආවා. වන්දනා කළා. සැප සනීප ඇහුවා. ඉතින් මම සිත පහදවාගෙන මහත් ප්‍රීතියකින් තමයි මුඹ වහන්සේට උක්දණ්ඩ පූජා කර ගත්තේ. “

 
Scroll to Top
Share via
Copy link